lakbima.lk

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 9දාට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2019 පෙබරවාරි 9 වැනි දිනට පෙර පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සහ අයි.සී.සී. ඉහළ පෙළේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
මේ අනුව නිලවරණය පැවැත්වීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සහ විශ්‍රාමලත් මැතිවරණ කොමිසමේ නිලධාරියකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙසද අයි.සී.සී.ය දන්වා තිබේ.
මෙම නිලවරණ කමිටුව පිහිටුවීමෙන් පසු මාසයක් ඇතුළත නිලවරණයට නාම යෝජනා කැඳවිය යුතු බවද මෙහිදී තීරණය කර තිබේ.
නාමයෝජනා භාරදීමෙන් පසු විරෝධතා දැක්වීමට සතියක කාලයක් ලබාදෙන අතර, පැමිණිලි විභාග කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද එකඟතාවය පළවී තිබේ.
නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගන්නා තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයාට අමතරව ස්වාධීන පුද්ගලයන් සිව්දෙනකු පත් කිරීමටද මෙහිදී එකඟතාවය පළ වී තිබේ.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.