lakbima.lk

රාජිතගේ පන්දු යැවීමෙන් ගාල්ල දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැ‍ලේදී පැවැති දඹුල්ල සහ ගාල්ල අතර තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට ගාල්ල සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් ගාල්ල පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 163ක් රැස් කළ අතර, දඹුල්ලට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.

ගාල්ල වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කසුන් රාජිත ලකුණු 28ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 58ක් ලබා ගත්තේය. මෙය ගාල්ල වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය වෙයි.

කොළඹ සහ මහනුවර අතර ඊයේ රාත්‍රී පැවැති තරගය පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් පැවැත්වෙමින් තිබුණි.

ලකුණු තත්ත්වය :-

ගාල්ල පන්දුවාර 20දී - 163/8යි

කුසල් මෙන්ඩිස් 58, ලහිරු මිලන්ත 4, දිමුත් කරුණාරත්න 3, ධනංජය ද සිල්වා 4, ඇන්ජලෝ පෙරේරා 34, අසේල ගුණරත්න 13, සහන් ආරච්චිගේ 10, ජෙහාන් ඩැනියෙල් (නොදැවී) 24, දුෂ්මන්ත චමීර 0, ප්‍රභාත් ජයසූරිය (නොදැවී) 1, අමිල අ‍පෝන්සු 22/3, ඉසුරු උදාන 36/1, ලක්ෂාන් සඳකැන් 37/1, ෂෙහාන් මධුෂංක 18/0, වනිඳු හසරංග 13/0, ධනුෂ්ක ගුණතිලක 31/0

දඹුල්ල පන්දුවාර 20දී - 125/9යි

ධනුෂ්ක ගුණතිලක 73, රමිත් රඹුක්වැල්ල 1, සධීර සමරවික්‍රම 6, අශාන් ප්‍රියන්ජන් 11, හසිත බෝයගොඩ 6, වනිඳු හසරංග 6, ඉසුරු උදාන (නොදැවී) 7, රමේෂ්

මෙන්ඩිස් 9, ෂෙහාන් මධුෂංක 0, ලක්ෂාන් සඳකැන් 0, අමිල අ‍පොන්සු (නොදැවී) 0, කසුන් රාජිත 28/4, සහන් ආරච්චිගේ 32/2, ධනංජය ද සිල්වා 12/1, දුෂ්මන්ත චමීර 21/1, අසේල ගුණරත්න 22/0, ප්‍රභාත් ජයසූරිය 8/0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.