lakbima.lk

20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය - කොළඹ අපරාජිතව පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග අද සහ හෙට (29, 30) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද පස්වරු 2.00ට ගාල්ල සහ දඹුල්ල අතර තරගය පැවැත්වෙන අතර, රාත්‍රී 7.00ට කොළඹ සහ මහනුවර තරගය පැවැත්වේ.

හෙට (30දා) පස්වරු 2.00ට ගාල්ල සහ මහනුවර අතර තරගයත්, රාත්‍රී 7.00ට කොළඹ සහ දඹුල්ල අතර තරගයත් පැවැත්වේ. මේ වන විට සහභාගි වූ තරග සියල්ලම ජයගත් කොළඹ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, එක් තරගයක් පරාජය වූ දඹුල්ල ලකුණු සටහනේ දෙවැනි තැන පසුවෙයි.

එක් තරගයක් ජයගත් ගාල්ල තෙවැනි තැන පසුවන අතර, මහනුවර තරග 4ම පරාජය වී සිටියි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.