lakbima.lk

මිතිර තෙනුරගෙන් තුන් ඉරියව් දස්කම්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේදී මිතිර තෙනුර (ශා. ජෝසප්) තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීය.

මීට අමතරව ශා. පීතර විදුහ‍ලේ සංෂේ ගුණතිලක, රාජකීය විදුහ‍ලේ උවිඳු වීරසේකර සහ රෙසඳු තිලකරත්න ශතක වාර්තා කරමින් දස්කම් දැක්වූහ. මිතිර තෙනුර කරන්දෙණිය මැදි විදුහලට එරෙහිව නොදැවී ලකුණු 90ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් මුළු තරගයේදී කඩුලු 8ක් (22/3, 19/5) බිඳ හෙළීය. බම්බලපිටිය ශා. පීතර විද්‍යාලයේ නායක සංෂේ ගුණතිලක කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පන්දු 242කදී හතරේ පහර 24ක් සමගින් නොදැවී ලකුණු 152ක් රැස් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ උවිඳු වීරසේකර (104) සහ රෙසඳු තිලකරත්න (100) ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ශතක වාර්තා  කළහ. කොළඹ ශා. ජෝසප් විද්‍යාලය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 44ක ජයක් වාර්තා කළේය. නාලන්දා විදුහ‍ලේ සජිත විතානගේ තුන් ඉරයව් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු 15ට කඩුලු 5ක් බිඳ හෙළීය.

ශා. ජෝසප්-කරන්දෙණිය මැදි විදුහල

කරන්දෙණිය: පළමු ඉනිම - 104 (පන්දුවාර 40) ජනෙත් කෞශාල් 43, ශවිඳු උමේෂ් 27, ෂෙනුක් සේරසිංහ 13/5, මිතිර තෙනුර 22/3

ශා. ජෝසප්: පළමු ඉනිම - 211/4 (පන්දුවාර 27) මිතිර තෙනුර නොදැවී 90, සදීෂ් ජයවර්ධන 58, හිරාන් ජයසුන්දර 37, දේශාන් සචින්ත 32/2

කරන්දෙණිය: දෙවැනි ඉනිම - 66 (පන්දුවාර 38.5) මිතිර තෙනුර 19/5, යෙවින් අතුකෝරල 19/4

ශා. ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 44ක ජයක්.

රාජකීය-ජෝසප් වාස්

ජෝසප් වාස්: පළමු ඉනිම - 71 (පන්දුවාර 28.2) අචින්ත දේශාන් නොදැවී 38, කණික දයාරත්න 37/4, උතුම් දිසානායක 12/3, සදීෂ රාජපක්ෂ 5/2

රාජකීය: පළමු ඉනිම - 373/5 (පන්දුවාර 74) උවිඳු වීරසේකර 104, රෙසඳු තිලකරත්න 100, සදීෂ රාජපක්ෂ 68, දමිත් කප්පාගොඩ නොදැවී 44, අචින්ත දේශාන් 84/2

කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශා. පීතර-කොළඹ ඩී. එස්.

ශා. පීතර: පළමු ඉනිම - 313/9 (පන්දුවාර 79.1) සංෂේ ගුණතිලක 152, ඔමිඳු පෙරේරා 33, වනුජ සහන් 32, මනුර පීරිස් 66/3, දේශාන් හෙට්ටිගේ 27/2

ඩී. එස්. සේනානායක: පළමු ඉනිම - 110/4 (පන්දුවාර 23) අභිෂේක් ලියනාරච්චි 55

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ආනන්ද-නාලන්දා

ආනන්ද: පළමු ඉනිම - 82 (පන්දුවාර 34.5) හරීන් වික්‍රමාරච්චි 26, සජිත විතානගේ 15/5, නදිල් ජයකොඩි 8/2, අශේන් වර්ණපුර 8/2

නාලන්දා: පළමු ඉනිම - 260/6 (පන්දුවාර 71.5) චනුල් අතුකෝරල නොදැවී 91, සජිත විතානගේ 50, කුෂ්මිත සිල්වා 33, රශික සේනාරත්න නොදැවී 22, දිනෙත් ආදිත්‍ය 22, ඉඳුවර විජේරත්න 59/2, සජිත් ද සිල්වා 75/2

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දේවපතිරාජ-නුගේගොඩ ශා. ජෝන්

දේවපතිරාජ: පළමු ඉනිම - 219/9 (පන්දුවාර 39.3) ජීවක ශෂීන් 74, ෂෙහාන් හසරංග 49, නිතින් චමුද 23, සසක නිර්මාල් 19, ඉරුෂ්ක තිමිර 15, චමිත දෙව්මින් 58/4

ශා. ජෝන්: පළමු ඉනිම - 75 (පන්දුවාර 22.5) ඔමෙත් රශ්මිත 20, සසංක නිර්මාල් 10/4, ඉරුෂ්ක තිමිර 2/4

ශා. ජෝන්: දෙවැනි ඉනිම - 96/5 (පන්දුවාර 24) සෙනෙත් අක්මිත 31, චමුදිත යසින්ත 26, ඔමෙත් රශ්මිත 20, සදීෂ නෙත්මිණ 22, සසංක නිර්මාල් 27/3

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කටුගස්තොට ශා. අන්තෝනි - කොට්ටාව ධර්මපාල

ශා. අන්තෝනි: පළමු ඉනිම - 246/6 (පන්දුවාර 65) චන්දිමාල් හේරත් නොදැවී 72, ප්‍රවීන් නිවර්තන 71, බිම්සර ජයසේකර 34, අංජන බණ්ඩාර 22, මධුෂික පෙරේරා 36/2

ධර්මපාල: පළමු ඉනිම - 123/6 (පන්දුවාර 38) මධුෂික පෙරේරා 36, මළිඳු ෂෙමිල 33, අංජන බණ්ඩාර 19/3

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.