lakbima.lk

ක්‍රීඩා ඇමැති ඇතුළු පිරිසක් හෙට අයි.සී.සී. හමුවට

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු දූත පිරිසක් හෙට (29දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම දූත පිරිසට ක්‍රීඩා ඇමැතිවරයා සමග ක්‍රිකට් නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම් කමල් පත්මසිරි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු දිවයිනෙන් පිටත්ව යති.
මෙහිදී ක්‍රිකට් නිලවරණය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව අයි.සී.සී. සභාපති ශෂන්ක් මනෝහර් සහ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.