lakbima.lk

කණ්ඩායම් 16ක් තෙවැනි වටයට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේදී දස්කම් දැක්වූ කණ්ඩායම් 16ක් තෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 74ක් පළමු වටයේදී කාණ්ඩ 10ක් යටතේ තරග වැදුණි. ලීග් ක්‍රමයට සීමිත පන්දුවාර තරග ලෙස පැවැති පළමු වටයේදී ඒ ඒ කාණ්ඩවල දස්කම් දැක්වූ කණ්ඩායම් 32ක්  දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.

දෙවැනි වටයේදී එම කණ්ඩායම් 32 කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුනු අතර, එහිදී දස්කම් දැක්වූ ඒ ඒ කාණ්ඩයන්හි ශූරයන් සහ අනුශූරයන් වූ කණ්ඩායම් 16 තෙවැනි වටයට සුදුසුකම් ලැබිය.

තෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ.

දෙවැනි වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි ශූරයන් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය, බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය, මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ශා. ජෝසප් විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය තෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තෙවැනි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්

කොළඹ නාලන්දා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ශා. ජෝසප් විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, වත්තල ශා. අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය

තෙවැනි වටයේ තරග සැළැස්ම

නාලන්දා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව අතර තරගය කොළඹදී 

ශා. තෝමස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර ගල්කිස්සේදී

ශා. පීතර විද්‍යාලය සහ වත්තල ශා. අන්තෝනි විද්‍යාලය අතර බම්බලපිටියේදී

ශා. සෙබස්තියන් විද්‍යාලය  තර්ස්ටන් විද්‍යාලය අතර මොරටුවේදී

ශා. ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර කොළඹදී

ගුරුකුල විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර මහරදී

කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර කටුගස්තොටදී

මහින්ද විද්‍යාලය සහ  වේල්ස් කුමර විද්‍යාලය අතර ගාල්ලේදී

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.