lakbima.lk

‘ලාස්ට් මෑන් චාන්ස්’ ක්‍රිකට් ශූරතාව අජන්ත මෙන්ඩිස්ගේ කණ්ඩායමට

එංගලන්තයේ පැවැති ‘ලාස්ට් මෑන් චාන්ස්’ 20-20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් මහා තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 141ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 16.1කදී කඩුලු 3ක් දැවී අදාළ ඉලක්කය පසු කළේය.
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 18කදී ලකුණු 40ක් රැස්කළ ශාලික කරුණානායක තරගයේ වීරයා බවට පත්විය.
රටවල් 12ක සහභාගිත්වයෙන් නවතම තරග රටාවකින් සමන්විත මෙම තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 8ක් ඇතුළත් වන අතර, අවසන් පිතිකරුවාට තනිවමද පන්දුවට පහර දීමට හැකිවීම විශේෂත්වයකි.
ලකුණු තත්ත්වය :-
ඕස්ට්‍රේලියාව පන්දුවාර 20දී - 141/6යි
නේතන් ටයිරිල් 40, පී. සිරිනාවසන් 32, බි. ඩ්වේර් 27, ඇන්ඩි සොලමන්ස් 33/2
ශ්‍රී ලංකාව පන්දුවාර 16.1කදී - 142/3යි
ශාලික කරුණානායක 40, දෙනුවන් රාජකරුණා 38, අජන්ත මෙන්ඩිස් (නොදැවී) 36, ඇන්ඩි සොලමන්ස් 25, නේතන් ටයිරිල් 28/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.