lakbima.lk

ශ්‍රී ලංකා නැගී එන පිල තෙවැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා නැගී එන පිල සහ දකුණු අප්‍රිකානු නැගී එන පිල අතර ඊයේ (14දා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන පිල සමත් විය.
තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන සිටි ශ්‍රී ලංකා නැගී එන පිල තෙවැනි තරගයද ජය ගනිමින්  තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු නැගී එන පිල පන්දුවාර 42.3කදී ලකුණු 223කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 48.5කදී කඩුලු 8ක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සධීර සමරවික්‍රම සහ ජෙහාන් ඩැනියෙල් අර්ධ ශතක රැස් කළ අතර, ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් බිඳ හෙළීය.
සධීර සමරවික්‍රම පන්දු 106කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 68ක් රැස් කළ අතර, ජෙහාන් ඩැනියෙල් පන්දු 61කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස් කළේය.
ලකුණු හඹායාමේදී කඩුලු 4ට ලකුණු 183ක් ලබා ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයක පසු වුවද, ලකුණු 15ක් තුළ තවත් කඩුලු 4ක් බිඳ වැටීමෙන් අසීරු තත්ත්වයට පත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8ක් ලකුණු 198ක් තුළ බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 11ක් සහ අමිල අ‍පෝන්සු නොදැවී ලකුණු 19ක් රැස් කරමින් ජය තහවුරු කළහ.
මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් මැතිව් බ්‍රිට්ස්කේ  (42), ටෝනි ඩි සෝසි (48) සහ ඊතන් බෝස්ච් (48) පිත්තෙන් දස්කම් දැක්වූහ.
ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 54ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, අමිල අ‍පෝන්සු කඩුලු 2ක් බිඳ
හෙළීය.
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකානු නැගී එන පිල පන්දුවාර 42.3කදී - 223යි
මැතිව් බ්‍රිට්ස්කේ 42, ටෝනි ඩි සෝඩි 48, ඊතන් බෝස්ච් 48, ගේ‍රගරි මහ‍ලේක්වනා 15, ජෙෆ්රි වැන්ඩසේ 54/3, අමිල අ‍පෝන්සු 33/2, ෂෙහාන් මධුෂංක 26/1, අසිත ප්‍රනාන්දු 27/1, චාමික කරුණාරත්න 23/1, කමිඳු මෙන්ඩිස් 49/1
ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 48.5කදී - 227/8යි
සධීර සමරවික්‍රම 68, ඕෂධ
ප්‍රනාන්දු 8, චරිත් අසලංක 33, කමිඳු මෙන්ඩිස් 4, සම්මු අශාන් 3, ජෙහාන් ඩැනියෙල් 50, ෂෙහාන් මධුෂංක 0, චාමික කරුණාරත්න (නොදැවී) 11, ජෙෆ්රි වැන්ඩසේ 3, අමිල අ‍පෝන්සු (නොදැවී) 19, බර්ගර් 33/3, මහලෝක්වනා 49/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.