lakbima.lk

එංගලන්ත තරගාවලියේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට රංගන සූදානම් වෙයි



ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය රංගනගේ අවසන් තරගාවලිය වන බව ඔහු පවසා තිබේ.
වසර 18 ක් පුරා ක්‍රිකට් පිටියේ රැඳී සිටි රංගන ටෙස්ට් තරග 90 දී කඩුලු 418 ක් බිඳ හෙලා තිබේ. රංගන ඉනිමක කඩුලු 5 ක් බිඳ හෙලූ අවස්ථා 33 ක්ද, තරගයක කඩුලු 10 ක් බිඳ හෙලූ අවස්ථා 9 ක්ද වාර්තා කර තිබේ.
රංගන ලොව වැඩිම ටෙස්ට් කඩුලු බිඳ හෙලූ වමත් පන්දු යවන්නා ලෙස වාර්තාවක්ද පිහිටුවා තිබේ.
තමා සමුගැනීම පිළිබඳව පුහුණුකරු සහ නායකයා සමගද සාකච්ඡා කළ බව පවසා ඇති රංගන අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් තමන්ගේ ආදේශක වනු ඇතැයි පවසා තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.