lakbima.lk

ෂෙහාන් ජයසූරියගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා ‘ඒ’ සහ බග්ලාදේශ ‘ඒ’ අතර සිල්හෙට්හිදී ඊයේ (10දා) ඇරැඹි තෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිම ලකුණු 167කට සීමා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3ට ලකුණු 78ක් ලබා බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිමට වඩා තවත් ලකුණු 89ක් පසුපසින් විය.

බංග්ලාදේශ ‘ඒ’ වෙනුවෙන් සකීර් හසන් (42) සහ සන්සාමුල් ඉස්ලාම් (41) පිත්තෙන් දස්කම් දැක්වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් ජයසූරිය, මලින්ද පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයසුන්දර කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

පන්දුවෙන්ද දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ‘ඒ’ ආරම්භක පිතිකරු ෂෙහාන් ජයසූරිය පන්දු 51කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 53ක් ලබා පිටියේ රැඳී සිටියි.

අද තරගයේ දෙවැනි දිනයයි.

බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිම - 167යි (පන්දුවාර 62.3)

සකීර් හසන් 42, සන්සාමුල් ඉස්ලාම් 41, නයීම් හසන් 22, ෂෙහාන් ජයසූරිය 47/3, මලින්ද පුෂ්පකුමාර 48/3, ප්‍රභාත් ජයසුන්දර 12/3, විශ්ව ප්‍රනාන්දු 29/1

ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම - 78/3යි (පන්දුවාර 21.4)

ෂෙහාන් ජයසූරිය (නොදැවී) 53, චරිත් අසලංක (නොදැවී) 7

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.