lakbima.lk

මිතිර තෙනුරගෙන් තුන් ඉරියව් දස්කම්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී ශා. ජෝසප් විදුහ‍ලේ මිතිර තෙනුර තුන් ඉරියව්වෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ෂෙවොන් ඩැනියෙල් සිය තෙවැනි ශතකය වාර්තා කළේය.

කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ මිතිර තෙනුර පන්දු 93කදී හතරේ පහර 19ක් සහ හයේ පහර 12ක් සමගින් ලකුණු 171ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 25ට කඩුලු 5ක් දවාලීය.

මෙම තරගයේදීම ෂෙවොන් ඩැනියෙල් ලකුණු 134ක් වාර්තා  කළේය.

මෙම තරගවලදී විදුර මධුරසිංහ (මහනුවර ශා. සිල්වෙස්තර) සහ කාව්‍ය ජයසේකර (බලපිටිය රේවත) ශතක වාර්තා කළහ.

ශෂික බස්නායක (මහනුවර ශා. සිල්වෙස්තර), නවිඳු විජේසූරිය (මීගමුව මාරිස්ටෙලා), නෙතුර කල්සර (කොළඹ වේළුවන) සහ දවිෂ්ක කළුආරච්චි (ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහල)  පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා. ජෝසප්-වේළුවන

ශා. ජෝශප්: පළමු ඉනිම - 372/4 (පන්දුවාර 39) මිතිර තෙනුර 171, ෂෙවොන් ඩැනියෙල් 134, සදීෂ් ජයවර්ධන 39, කළණ කෞමිණ 134/3

වේළුවන: පළමු ඉනිම - 114 (පන්දුවාර 32.4) ඉසුරු නිමේෂ් 52, නෙතුර කල්සර 22, මිතිර තෙනුර 25/5, සචින්ත හේවගේ 23/2, යෙවින් අතුකෝරල 43/2

ශා. ජෝසප්: දෙවැනි ඉනිම - 192/7 (පන්දුවාර 31)

සදීෂ් ජයවර්ධන 35, සචින්ත හේවගේ 33, යෙවින් අතුකෝරල නොදැවී 28, මිතිර තෙනුර නොදැවී 24, ෂෙවොන් ඩැනියෙල් 20, නෙතුර කල්සර 81/5, අශිරු ශිවංක 42/2

ශා. ජෝසප්ට පළමු ඉනිමේ ජයක්.

පිළියන්දල මැදි විදුහල-ගුරුකුල

පිළියන්දල: පළමු ඉනිම - 182/8 (පන්දුවාර 51) චනුප ජනුල් 46, චෙනුල් රෙනුජ 44, සුනෙර රශ්මික 16/2, ගිමන්ත තරුෂ් 29/2, සමීර බණ්ඩාර 33/2

ගුරුකුල: පළමු ඉනිම - 91 (පන්දුවාර 28.4) නෙත්ම අශේන් 22/4, අවිෂ්ක ලක්ෂාන් 28/3

ගුරුකුල: දෙවැනි ඉනිම - 38/2 (පන්දුවාර 16) චනුප ජනුල් 12/2

පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්.

මහින්ද-බලපිටිය රේවත

රේවත: පළමු ඉනිම - 86 (පන්දුවාර 34.5) කාව්‍ය ජයසේකර 16, නිෂිත් ඉමේෂ් 18/3, සචින් තිලකරත්න 12/2

මහින්ද: පළමු ඉනිම - 131/7 (පන්දුවාර 33) ධනුජ ඉඳුවර 51, හිරුණ මන්දිල 31, සචින් තිලකරත්න 18, චතුරංග ද සිල්වා 18/2, කාව්‍ය ජයසේකර 22/2, කුමාර ද සිල්වා 30/2

රේවත: දෙවැනි ඉනිම - 154/5 (පන්දුවාර 34) කාව්‍ය ජයසේකර 100, ප්‍රියංකර ද සිල්වා නොදැවී 29

මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර-පන්නිපිටිය ධර්මපාල

ශ්‍රී ජයවර්ධනපුර: පළමු ඉනිම - 172 (පන්දුවාර 58) ළිසුක දිනසර 46, පසිඳු ආකර්ෂණ 34, උදාර නිශ්ශංක 33, දිහිනු හේරත් 35/4, නිසල් පෙරේරා 7/2, චමත් ද සොයිසා 31/2

ධර්මපාල: පළමු ඉනිම - 132/9 (පන්දුවාර 46) ප්‍රවීන් මෙත්සර 44, සඳරු භානුක නොදැවී 31, දනිත් මධුෂාන් 21, දවිෂ්ක කළුආරච්චි 38/5

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මාත‍ලේ ශා. තෝමස්-මලියදේව

ශා. තෝමස්: පළමු ඉනිම - 189 (පන්දුවාර 62.3) ටී. සුබසිංහ 38, ටී. රණවක 32, එම්. දිසානායක 24, පී. හේරත් 23/3, අයි. සෝමරත්න 29/3, පී. කහගොල්ල 34/2

මලියදේව: පළමු ඉනිම - 178/9 (පන්දුවාර 40) පී. කහගොල්ල 72, ඒ. තෙන්නකෝන් 39, ජේ. මුතුකුමාර 33, ටී. සුබසිංහ 28/3, එස්. විජේසේකර 32/3, ඩී. කුලරත්න 28/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මාරිස්ටෙලා-කෑගලු විද්‍යාලය

කෑගලු විද්‍යාලය: පළමු ඉනිම - 156 (පන්දුවාර 61) දස්සන ගම්ලත් 28, දෙසඳු රාජපක්ෂ 2, අශාන් බණ්ඩාර 23, අනුහස් රත්නායක 20, නවිඳු විජේසූරිය 24/5, පසිඳු සිල්වා 21/2, ඉවීන් ප්‍රනාන්දු 59/2

මාරිස්ටෙලා: පළමු ඉනිම - 199/6 (පන්දුවාර 42) පසිඳු සිල්වා නොදැවී 67, කෙනත් පෙරේරා නොදැවී 44, කවීන් ප්‍රනාන්දු 42, දෙසඳු රාජපක්ෂ 11/2, කවිඳු ජයරත්න 51/2

මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශා. සිල්වෙස්තර-මලියදේව ආදර්ශ

මලියදේව ආදර්ශ: පළමු ඉනිම - 52 (පන්දුවාර 29.5) ශෂික බස්නායක 15/6, ධර්මදේවන් ධනුෂ් 1/02

ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 217/6 (පන්දුවාර 31) විදුර මධුරසිංහ 116, දහම් වෙලගෙදර 27, ධනංජය සෙනෙවිරත්න 21, නිපුන් මෙන්ඩිස් 94/3

මලියදේව ආදර්ශ: දෙවැනි ඉනිම - 156/3 (පන්දුවාර 41) මාධව වීරකෝන් නොදැවී 66, නිපුන් මෙන්ඩිස් නොදැවී 42

ශා. සිල්වෙස්තර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.