lakbima.lk

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ශතකය රැස් කිරීමට අවිස්සාවේල්ල සීතාවක ජාතික පාස‍ලේ නායක කළණ මධුසංක සමත්විය.  කළණ මධුසංක දෙහිඕවිට ජාතික පාසලට එරෙහිව පන්දු 33කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළේය.

කළණ මධුසංක මෙම තරගයේදී පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වමින් මුල් ඉනිමේදී ලකුණු 31ට කඩුලු 5ක් බිඳ හෙළීය.  කළණ මේ වන විට තරග 6 කට ක්‍රීඩා කර ඉනිම් 7කදී ද්විත්ව ශතක 2ක් සහ ශතක 2ක් සමගින් ලකුණු 700 සීමාව පසුකර සිටියි.  රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව කොළඹ ලුම්බිණි විදුහ‍ලේ රවිෂ්ක විජේසිරි මුළු තරගයේදී ලකුණු 40ට කඩුලු 9ක් (8/5, 32/4) බිඳ හෙලූ අතර, ප්‍රභාත් විජේසිරි දෙවැනි ඉනිමේදී ලකුණු 25ට කඩුලු 6ක් බිඳ හෙළීය.

මෙම තරගවලදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව කොළඹ ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක ජයක් ලැබූ අතර, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව මාතර ශා. සර්වේෂස් විද්‍යාලය කඩුලු 5ක ජයක් වාර්තා කළේය.

ලුම්බිණි-රාජගිරිය ජනාධිපති

ජනාධිපති: පළමු ඉනිම - 67 (පන්දුවාර 25.1) ඉරංග හෂාන් 16, රවිෂ්ක විජේසිරි 8/5, සිතුම් දිසානායක 18/2

ලුම්බිණි: පළමු ඉනිම - 113 (පන්දුවාර 31.3) සවිඳු ප්‍රභාෂණ 39, දුෂාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මධුසංක 22, කසුන් මලින්ද 16/3, ටෂික නිර්මාල් 17/2, නුරාන් පෙරේරා 25/2

ජනාධිපති: දෙවැනි ඉනිම - 76 (පන්දුවාර 36) ප්‍රභාත් මධුසංක 25/6, රවිෂ්ක විජේසිරි 32/4

ලුම්බිණි: දෙවැනි ඉනිම - 31/3 (පන්දුවාර 3.3) රවිෂ්ක විජේසිරි 19, ටෂික නිර්මාල් 11/2

කොළඹ ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසල - දෙහිඕවිට ජාතික පාසල

දෙහිඕවිට ජාතික පාසල: පළමු ඉනිම - 142 (පන්දුවාර 39.3) දිමුත් දුලංග 53, සම්පත් ජයශාන් 32, සහන් අංජන 20, කළණ මධුසංක 31/5, බුද්ධි මධුෂාන් 26/3

සීතාවක ජාතික පාසල: පළමු ඉනිම - 206/1 (පන්දුවාර 31) කළණ මධුසංක නොදැවී 101, දමිත් සචින්ත 62, මනිත් මෙනාත් නොදැවී 21

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මහනාම-මහනුවර ශා. සිල්වෙස්තර

ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 173 (පන්දුවාර 94) මනෝහරන් පවිත්‍රන් 92, මලීෂ සිල්වා 24, ධනුක නිම්මාන 35/4, ළහිරු කාවින්ද 42/2, දේවින්ද මනිෂ්ක 45/2

මහානාම: පළමු ඉනිම - 43/2 (පන්දුවාර 19) වත්සර පෙරේරා 20

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ගාල්ල මහින්ද-කොළඹ ආනන්ද

මහින්ද: පළමු ඉනිම - 128/3 (පන්දුවාර 39) කෞෂිත කොඩිතුවක්කු 38, විනුර දුල්සර 34, ළහිරු භාෂණ 32

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මාතර ශා. සර්වේෂස්-මීගමුව මාරිස්ටෙලා

මාරිස්ටෙලා: පළමු ඉනිම - 163 (පන්දුවාර 60.5) රවිඳු ප්‍රනාන්දු 85, තිළිණ පෙරේරා 28, පසිඳු මනුප්‍රිය 16/4, ශෂික දුල්ෂාන් 55/3, චරිත් හර්ෂණ 15/2

ශා. සර්වේෂස්: පළමු ඉනිම - 122 (පන්දුවාර 45) ච්ෙතක දෙනුවන් 57, රවිඳු ප්‍රනාන්දු 33/3, අශාන් ප්‍රනාන්දු 2/2, අවීෂ කේෂාන් 17/2, පසිඳු උස්හෙට්ටි 28/2

මාරිස්ටෙලා: දෙවැනි ඉනිම - 97 (පන්දුවාර 28.4) රවිඳු ප්‍රනාන්දු 35, කෙවින් පෙරේරා 31, මතීෂ මධුෂාන් 14/2, රුවින්ද රෝචන 14/2

ශා. සර්වේෂස්: දෙවැනි ඉනිම - 149/5 (පන්දුවාර 46.5) රිෂිර ලක්වින් නොදැවී 54, ශෂික දුල්ෂාන් 45, රවිඳු ප්‍රනාන්දු 61/2

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කැලණිය ශ්‍රී ධර්මාලෝක-පානදුර ශ්‍රී සුමංගල

ශ්‍රී ධර්මාලෝක: පළමු ඉනිම - 116/6 (පන්දුවාර 37) යුගීෂ ඩිෂාන් 34, ලක්ෂිත බොතේජු 22, අනුක ජයසිංහ 9/3

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

බෙන්තොට ගාමිණි-බෝපිටිය ලොයොලා

ලොයොලා: පළමු ඉනිම - 72/6 (පන්දුවාර 29) තරුෂ ධනංජය නොදැවී 39

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රවණාබාධිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරන ශ්‍රවණාබාධිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ලබන 22දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.  මෙම තරගාවලිය ලබන 23දා ඉන්දියාවේ නවදිල්ලිහි ආරම්භ කෙරෙන අතර, ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 24දා ඉන්දියාව සමගින් පැවැත්වේ.

ශ්‍රී ලංකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල් 8 මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වෙයි.  ජාතික පැරාඔලිම්පික් කමිටුව සමගින් අනුබද්ධ සංගමයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේද අනුමැතිය ලබා තිබේ.

මෙම තරග සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය හිමිවී ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ගුවන් ටිකට්පත් ලබා දීමට කටයුතු යොදා තිබේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය සහ මූල්‍යාධාර මත ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම එන්.සී.සී. පිටියේ පුහුණුවීම්වල නිරත වී සිටින අතර, එච්.එන්.බි. රක්ෂණ සමාගමද මූල්‍ය දායකත්වය ලබාදී තිබේ.

මෙම මූල්‍යාධාර ලැබුණද ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය තරගාවලිය සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ 7ක මුදල් හිඟයකින් පසුවන අතර, තරගාවලියට සහභාගි වීමට පෙර එම මුදල සොයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්වී සිටියි.  මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට කැමැති ආයතනයක් හෝ සංවිධානයක් වෙතොත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනී අනුලා රංජනී මහත්මිය (0718065944) හෝ එම සංගමයේ උප භාණ්ඩාගාරික දිනූෂා ප්‍රනාන්දු මහත්මිය (0716861841) අමතන මෙන් දන්වා සිටියි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.  ගාල්ලේ පැවැති පළමු තරගයෙන් ලකුණු 211 ක විශිෂ්ට ජයක් ලැබූ එංගලන්තය තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැ‍ලේ පවත්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස මෙම තරගය වාර්තා ‍පොතට එක්වෙයි.  දඟ පන්දු යවන්නන්ට වාසිදායක ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකාවට තියුණු තර්ජනයක් එල්ල කිරීමට එංගලන්ත දඟ පන්දු යවන්නන් සමත්වූ නමුත් පල්ලෙකැ‍ලේ තණතීරුවද මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට වාසිදායක ලෙස සකසන බව ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පවසයි.

අද තරගය ජයගෙන තරගාවලිය ජය ගැනීමේ අරමුණින් එංගලන්තය තරග බිමට පිවිසී සිටින අතර යළි තරගාවලියට අවතීර්ණවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සටනට පිවිසී සිටියි. දිනේෂ් චන්දිමාල් ආබාධයකට ගොදුරුවී සිටින බැවින් ශ්‍රී ලංකා පිල මෙහෙයවීම සුරංග ලක්මාල්ට පවරා තිබේ. මීට පෙර ලක්මාල් නායකත්වය දැරූ ටෙස්ට් තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

පළමු තරගයෙන් පරාජය වුවද තම පිල මානසිකව ඇදවැටී නොමැති බවත් ඉතිරි තරග දෙක ජයගෙන තරගාවලිය ජය ගැනීම කණ්ඩායමේ අරමුණ බවත් සුරංග ලක්මාල් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.  පසුගිය තරගයේදී පිතිකරුවන් දුර්වල වුවද මෙම තරගයේදී ඔවුන් යළිත් නැගී සිටිනු ඇතැයි ලක්මාල් විශ්වාසය පළ කළේය.  චන්දිමාල්ගෙන් හිස්වන පිතිකරු ස්ථානයට රොෂේන් සිල්වා හෝ චරිත් අසලංක ක්‍රීඩා කරන බවත් රංගනගේ ස්ථානයට මලින්ද පුෂ්පකුමාර හෝ ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා කරනු ඇති බවත් පැවැසූ ලක්මාල් අද පෙරවරුවේ අවසන් තීරණය ගන්නා බව පවසයි.

මෙම තරගයට වේගපන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරනවාදැයි විමසූ විට ලක්මාල් පැවසුවේ දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය පැන නොනගින බවයි.  තමා නායකයකු ලෙස සිටියද නොසිටියද සිය උපරිමය කණ්ඩායමට ලබා දෙන බව පැවැසූ ලක්මාල් සියලුම ක්‍රීඩකයන්ට මෙම තරගයේදී සිය උපරිමය ලබා දෙන මෙන් ඉල්ලා සිටින බවද පැවැසීය.

පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දස්කම් ඉදිරියට ගෙන යමින් තරගාවලිය ජය ගැනීම තම අරමුණ බව එංගලන්ත නායක ජෝ රූට් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.  කණ්ඩායමේ වෙනස්කම් සිදුවීම හෝ නොවීම පිළිබඳව අද පෙරවරුවේ තීරණය කරන බව පවසන රූට් අංක 3 පිතිකරු ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසයි.

කෙසේ වුවද දඟ පන්දු යවන්නන්ට සකසා ඇති තණතීරුවේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් බවතින බව වාර්තාවේ.  ශ්‍රී ලංකාව පල්ලෙකැ‍ලේදී ටෙස්ට් තරග 6 කට මුහුණදී ඇති අතර ඉන් එක් තරගයක් ජයගෙන තරග 2 ක් පරාජයවී තරග 3 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචිතය :-

සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්. ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, චරිත් අසලංක, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්,  කසුන් රාජිත, දුෂ්මන්ත චමීර

එංගලන්ත සංචිතය :- 

ජෝ රූට් (නායක), රෝරි බර්න්ස්, කේට්න් ජෙනින්ග්ස්, මොයින් අලී, ජෝ ඩෙන්ලි, ඔලී ‍පෝප්, බෙන් ෆෝක්ස්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, අදිල් රෂීඩ්, ජැක් ලීච්, ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ඔලී ස්ටෝන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

එමීර් රාජ්‍යයේ පැවැති 10-10 ක්‍රිකට් තරගාවලියේදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇති අතර, එමීර් රාජ්‍ය ක්‍රිකට් දූෂණ මර්දන නීති මාලාවේ වගන්ති 3ක් කඩකර ඇති බවට දන්වා තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, සිදුවීමට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14ක කාලයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පිල පලමු ටෙස්ට් තරගයෙන් අන්ත පරාජයකට පත්වීමේ මූලික හේතුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පාසල් මට්ටමේ පිතිහරඹය බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පරාජයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.  ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය දිනයක් ඉතිරිව තිබියදී ලකුණු 211 කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර ලකුණු 462 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 250 ක් පමණි.

මෙම තරගයේදී බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්ත පි‍ලේ උගුල්වලට හසුවෙමින් දැවීගිය අතර ජාත්‍යන්තර පිටියේදී මෙලෙස ක්‍රීඩා කිරීම හාස්‍යජනක සිදුවීමක් විය.   නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ධනංජය ද සිල්වාද මෙසේ උගුල්වලට හසුවන ආකාරය දැකගත හැකි විය.

සිව්වැනි දිනයේ දිවා ආහාරයට පෙර අතිරේක පන්දුවාරයක් යැවීම වැලැක්වීමට ධනංජය අ‍පොහොසත් වීමද විවේචනයට ලක්වී ඇති අතර එම අතිරේක පන්දුවාරයේදී රූට්ගේ උගුලට හසුවෙමින් ස්ටෝක්ස් හමුවේ ධනංජය දැවී ගියේය.  “මෙවන් සිදුවීම් පාසල්, අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේ විය හැකියි. එයින් පාඩම් ඉගෙන ගෙන ජාත්‍යන්තර පිටියට එන්නේ. ජාත්‍යන්තර තරගවලදී පාසල් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කිරීම කනගාටුවක්” යැයි හතුරුසිංහ පවසයි.

මේ අතර පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්වී සිටින නායක දිනේෂ් චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන ලකුණු පහලවී තිබේ. ඔහුට දින 14 ක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබි තිබේ. මේ අනුව සුරංග ලක්මාල් දෙවැනි ටෙස්්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ඇතැයි වාර්තාවේ.

පූර්ණ සුවයක් නොමැතිව චන්දිමාල් ක්‍රීඩා කරවීමේ බලා‍පොරොත්තුවක් නොමැති බව හතුරුසිංහද තහවුරු  කළේය.  තරගයේ පළමු දිනයේ එංගලන්ත කඩුලු 5 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ අකිල ධනංජයට කඩුලු ලබා ගැනීමට නොහැකි වීම තරගය වෙනස්කළ එක් අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 203 කට දැවී යාමෙන් පසුපසට ඇද වැටුණු බවත් හතුරුසිංහ පවසයි.

කොදෙව් සංචාරයේදීද පළමු තරගයෙන් පරාජය වී දෙවැනි තරගය ජයගෙන තරගාවලියට පැමිණි බව පවසන හතුරුසිංහ මෙම තරගාවලියේදීද දෙවැනි තරගයේදී දස්කම් දක්වා තරගාවලියට පැමිණීමේ හැකියාවක් ඇති බවද පවසයි.  මේ අතර ටෙස්ට් පිටියෙන් සමුගත් රංගන හේරත්ට ක්‍රිකට් ආයතනය සහ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගම සමරු තිළිණ පිළිගන්වනු ලැබිය.

ශ්‍රී ලංකා පි‍ලේ පිට දඟ පන්දු යවන්නා වන අකිල ධනන්ජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.  එංගලන්තය සමග ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී අකිලගේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් පැමිණිළි කර තිබේ.

අයි.සී.සී. නීතියට අනුව දින 14ක් ඇතුළත ඉරියව්ව පරීක්ෂාවක් සිදුකළ යුතු අතර, එතෙක් තරග කිරීමේ හැකියාව ක්‍රීඩකයාට හිමිවෙයි.  මේ අනුව පල්ලෙකැ‍ලේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට නම් කළහොත් ක්‍රීඩා කිරීමේ හැකියාව අකිල සතුව පවතියි.  අකිල ධනන්ජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 30ක් සහ 20-20 තරග 16ක් ක්‍රීඩා කර තිබේ.

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.