lakbima.lk

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 8ක් ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.  

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38කදී සියළු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 157ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 34 පන්දු 5කදී කඩුළු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීම හැකි විය.

ඉන්දියාව කණ්ඩායමේ මෙහොමඩ් සාමි තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

නවසීලන්තය 157‍/10 (38) කේන් විලියම්සන් 64, රොස් ටෙලර් 24

ඉන්දියාව 156/2 (34.5) ධවාන් 75*, කෝලි 45

 

ජනවාරි 29 සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය සඳහා සහභාගීවන කණ්ඩායම නම් කර තිබේ.

1. චමරි අතපත්තු (නායිකා)

2. ප්‍රසාදිනි විරක්කොඩි

3. අනුෂ්කා සංජීවනී

4. තාරිකා සෙව්වන්දි

5. හසිනි පෙරේරා

6. ඉමල්කා මෙන්ඩිස්

7. හර්ශිතා සමරවික්‍රම

8. ශශිකලා සිරිවර්ධන

9. නිලකෂි ද සිල්වා

10. උමේෂා තිමාෂිනී

11. කවීෂා දිල්හාරි

12.  අචිනි කුලසූරිය

13. උදේශිකා ප්‍රබෝධිනී

14. ඉනෝකා රණවීර

15. ඕෂධී රණසිංහ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ තුනක් හා 20 තරඟ තුනක් ක්‍රිඩා කිරීමට නියමිත අතර උමේෂා තිමාෂිනී ශාරීරික යෝග්‍යතාව මත ක්‍රීඩා කිරීමට යොදවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කුමාර් ධර්මසේන මහතා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2018 වසර සඳහා වූ සම්මාන උළෙලේදී, හොඳම විනිසුරුවරයා සඳහා වන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනාගෙන තිබේ.

කුමාර් ධර්මසේන මහතා ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය දිනාගත් දෙවන අවස්ථාව මෙය බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

සම්මානයට පාත්‍රවීමෙන් අනතුරුව අදහස් දැක්වූ කුමාර් ධර්මසේන මහතා

"මේ වසර මා හට ඉතා තෘප්තිමත් වසරක් වූ අතර ICC වෙතින් ලද මෙම සම්මානය ගෞරවයක් හා වරප්රසාදයක් බවයි මාගේ විශ්වාසය. මෙම සම්මානය සඳහා පළමුවරට මා දිනා ගත්තේ වසර 6 කට පෙරාතුවය. එමෙන්ම මෙම සම්මානය මා බොහෝ සෙයින් ආදරය කරන රැකියාව දිගටම කරගෙන යාමට මා තුළ පෙලඹීමක් ඇති කරනු නොඅනුමානය.

ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම විනිසුරුවකු ලෙස මම නිතරම ආඩම්බරයට පත්වන මම මෙම ශ්රේෂ්ඨ ක්රීඩාවෙහි ඉල්ලුම සපුරාලීම සඳහා දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට බලාපොරොත්තු වනවා. මගේ ජයග්‍රහණය පිටුපස සිටින ශක්තිය වන්නේ බිරිඳ සහ මගේ දරුවන් ය.. මේ අවස්ථාවේදී මගේ පුහුණුකරු පීටර් මැනුවල් මහතාට මගේ ස්තූති කිරීමට මම කැමතියි. ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද මම ස්තුති කරනවා. වසර ගණනාවක් තිස්සේ මම දිරිගැන්වූ සහ සහය ලබාදුන් සැමටද මාගේ ස්තූතිය හිමිවේ."

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලොව ප‍්‍රධාන ක‍්‍රිකට් සම්මාන උළෙලක් වන ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ‍්‍රී ලංකා පිතිකරුවන් නිර්දේශ වී ඇත. 

දිමුත් කරුණාරත්න මෙම සම්මානයට නිර්දේශ වීමට හේතු වී ඇත්තේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 158යි.
කුසල් මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස්කළ ලකුණු 141 මෙම නිර්දේශයට හේතු වී තිබේ. 

ඔවුන්ට අමතරව තවත් ක‍්‍රීඩකයින් 08 දෙනෙකු ද මෙම සම්මානයට නිර්දේශ වී ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 2018 වර්ෂයේ දී ක‍්‍රීඩා කළ විශිෂ්ට ඉණිම් හේතුවෙන්. දකුණු අප‍්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස්, අයර්ලන්තයේ කෙවින් ඔබ‍්‍රයන්, එංගලන්තයේ ජෝ රූට් සහ සෑම් කරන්,  ඕස්ටේ‍්‍රලියාවේ උස්මාන් කවාජා, නවසීලන්තයේ කේන් විලියම්සන් මෙන්ම ඉන්දියාවේ විරාත් කෝලි සහ චෙටිස්වර් පුජාරා ද නිර්දේශිත ක්‍රීඩකයන් වනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකක කාලයකින් කල් දැමීමට ක්‍රිඩා ඇමතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව පෙබරවාරී මස 7 වන දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කල බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. සුප්‍රකට රූපවාහිනී ක්‍රීඩා නාලිකාවක් වන ESPN ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය හොබවා ඇති සෝනි මහතා, ලබන මාසයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

Page 1 of 10

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.