lakbima.lk

ශ්‍රී ලංකාවේ තෙත්කලාපයට සහ කඳුකරයට දැඩි තර්ජනයක් බවට පත්වෙමින් සහ වගාව සඳහා ලබාදුන් සියලු නිර්දේශ කොන්දේසි සහ පාරිසරික නිර්දේශ/අවශ්‍යතා කඩකරමින් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් තිබු කටුපොල් වගාව සම්බන්ධව සිදුකිරීමට යෝජනා වූ බහු පාර්ශ්වික මධ්‍යස්ථ සමීක්ෂණ වාර්තාව පසුගිය මැයි මාසයේදී එළිදක්වන ලදි.

මෙය දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක කටුපොල් විරෝධී විශාල ජනමතයක් ඇතිවෙමින් තිබූ පසුබිමක, විශේෂයෙන් ගාල්ල, මාතර, කෑගල්ල, සහ කළුතර යන ප්‍රධාන දිස්ත්‍රික්ක හතරේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ නොයෙක් සංවර්ධන කමිටු හරහා නිතර නිතර විවාදයට බඳුන් දුන් ගැටලුවක්ව පැවතිණි. වරෙක කටුපොල් ගැටලුව මහජන සාමය කඩවන පොලීසි උසාවි දක්වා මෙන්ම රෝහල් කරාද නොයෙක් පාර්ශ්වයන්ට යාමට සිදුවූ ගලළුවක් බවට වර්ධනය වෙමින් පැවතිනි.

එවැනි තත්වයක් තුළ 2017 මාර්තු මාසයේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක්, ජනතා නියෝජිතයින් විශාල ප්‍රමාණයක්, පරිසර සංවිධාන ක්‍රියාකාරීන් පූජ්‍ය පක්ෂය සහ වතු සමාගම් යන සියලු පාර්ශව කැඳවා පැවැත්වූ සාකච්ඡාවේදී වතු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතාගේද ඉල්ලීමක් අනුව “කටුපොල් මගින් ජනතාව ප්‍රකාශ කරන පරිදි පරිසර හානියක් සිද්ධ
වේ ද” යන්න විශ්ලේෂණය හා විමර්ශනය කිරීම සඳහා වතු කර්මාන්ත අමාත්‍යාංශය ද ඇතුළුව පාර්ශව විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් විද්වත් මඩුල්ලක් පත්කොට හරහා නිසි අධ්‍යනයක් කිරීමට ගිවිස ගන්නා ලදී.

ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්යංශය, රබර් පරීක්ෂනායතය, පොල් පර්යේෂනායතය, පේරාදෙණියේ කෘෂිකර්ම පීඨය, මහවැලි සහ පරිසර අමාත්යංශය, ජාතික වතු කළමනාකරණ ආයතනය සමග එක්ව මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වය ඇතිව කරන ලද අදාළ සමීක්ෂණයෙන් තහවුරු වූ කාරණය වූයේ වර්තමානයේ දී කටුපොල් වගා කිරීම කරනු ලබන සමාගම් වගාව සඳහා ලබාදී ඇති අදාළ මූලික කොන්දේසි ියමයන් සහ පාරිසරික තත්වයන් කිසිවක් සලකා කටයුතු කර නැති බවත්, ඒ අනුව කටුපොල් වගාව තුළින් දැඩි පාරිසරික හානියක් මේ වනවිටත් සිදුවී ඇති බවත්, එය පරිසරයේ මූලික අංග සියල්ලටම පාහේ දැඩි ලෙස බලපා ඇති බවත්ය.

ඒ අනුව කටුපොල් වගාව මගින් පරිසරයේ සියලු අංග වලට මෙන්ම පොදුවේ ජනතාවට විශාල සමාජීය ගැටළු ප්‍රමාණයක් මේවනවිටත් උරුම කර දී ඇති බවත්ය. එසේම මෙම හානිය ඉතා සවිස්තරව දක්වා ඇති අතර එකී සමීක්ෂණය ලංකාවේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයන් ද, මහා පරිමාණයෙන් සහ දිගු කාලයක් තිස්සේ මෙකී වගාව සිදු කරනු ලබන වෙනත් රටවල් වල අත්දැකීම් සුළු ප්‍රමාණයක්ද ගොනුගත කර ඉතා සංක්ෂිප්තව කටුපොල් වගාව මගින් ශ්‍රී ලංකාවේ පරිසරයටත්, ලංකාවේ තෙත් කලාපීය පරිසර පද්ධති වල ජීවත් වන ශාක සහ සත්ත්ව ප්‍රජාවටත්, පොදුවේ මෙරට පරිසර සම්පත් වලටත් අවසානයේ එකී පරිසර සම්පත් වලින් ප්‍රයෝජන ලබන්නා වූ ජනතාවටත් සිදුවී ඇති, සිදුවන සහ අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයන් සංෂිප්තව ඉතා පැහැදිලිව දක්වා ඇත.

තවද එම වාර්තාවේ නිර්දේශය සහ නිගමනය ලෙස පැහැදිලිවම මෙරට සිදුවන කටුපොල් වගාව වහ වහා නතර කර දැමිය යුතු බවත්, මේ වන විට කර ඇති සියලු කටුපොල් වගා නැවත විමර්ශනයකට ලක් කොට උපායමාර්ගික පරිසර අධ්‍යයනයක් සිදු කළ යුතු බවත්, නීති රීති, කොන්දේසි, නියමයන් සහ හානිකර ආකාරයෙන් සිටුවා ඇති කටුපොල් වගාවන් සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවටත් යෝජනා කර ඇත.

මෙවන් අධ්‍යයනයක් මධ්‍යස්ථව සහ ඉතා සාධාරණව, එමෙන්ම ව්‍යාපාරික ප්‍රජාවේ හෝ දේශපාලන උවමනාවන් කිසිවක් නොසලකා, රටේ පොදු මහජනතාවගේ පරිසර සම්පත පමණක් මූලික කොටගෙන සිදු කිරීම සම්බන්ධව අධ්‍යනයට නායකත්වය දුන් මධ්‍යම පරිසර අධිකාරියටත් මෙකී කී අධ්‍යයනය සඳහා සම්බන්ධ වූ අනෙක් අවශේෂ
ආයතනවලටත්, අධ්‍යනය සිදු කළ අදාල විශේෂඥයින්ට/පාර්ශ්වයන්ට අපගේ නොමද ගෞරවය හිමිවිය යුතුය.

එපමනක් නොව ම අධ්‍යයනය නිකුත් කළ මොහොතේ සිටත්, පරිසර අමාත්‍යාංශය හරහා ජනාධිපතිවරයා වෙත යොමු කළ මොහොතේ සිටත්, ලංකාවේ මහා පරිමාණ වතු සමාගම් හිමි, කටුපොල් වගාවේ නිරත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, ඔවුන් හා සම්බන්ධ සුප්‍රසිද්ධ දේශපාලඥයින් සහ මෙකී අධ්‍යනය සිදු කිරීමට යෝජනා කළ වතු කර්මාන්ත අමාත්‍යවරයා ද ඇතුළුව පාර්ශ්වයන් වීශාල ප්‍රමාණයක් දිගින් දිගටම ධ්‍යම පරිසර අධිකාරියට සිදුකරනු ලැබූ බලපෑම් කිසිවකින් නොසැලී, ඉතා සෘජුව සහ අවංකව තමන් කළ අධ්‍යයනය වෙනුවෙන් පෙනී සිටීමත්, එහි කරුණු කිසිලෙසකින් හෝ වෙනස් නොකිරීමටත්, එය ජනතාව වෙත යෑම වැළැක්වීමටත් ගත් උත්සාහයන් සියල්ලත් නොතකා තම රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරන ලදී.

කටුපොල් වලින් මෙරටට සිදුවිය හැකිව තිබූ විනාශය සුළුපටු නොවේ. මේ වන විට සිදුවී ඇති විනාශය ද සුළුපටු නොවේ. වර්තමානයේ එය හෙක්ටයාර දහදාහක පමණ විනාශයක් වන නමුත් පොල් වගාව ඉදිරියටම කරගෙන ගියේ නම්, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල තවත් හෙක්ටයාර 10000කට වැඩි රබර් වනාන්තර ප්‍රමාණයක් සහ වතු ආශ්‍රිත වෙනත් වනාන්තර අප රටට අහිමි විය හැකිව තිබුණි. එසේම එලෙස රබර් වනාන්තර සහ ස්වභාවික වනාන්තර අහිමිව ගියේ නම්, රබර් වතුවලට පින්සිද්දවන්නට මෙරට ක්‍රියාත්මක බොහෝ කර්මාන්තශාලා තම ජීව ඉන්ධන සපයා ගැනීමත්, තේ කර්මාන්තය ආශ්‍රිත තේ වියළීම සඳහා යොදාගන්නා රබර් දර හිඟ වීම තුළින් තේ කර්මාන්තය අර්බුදයකට පත් වීමත්, පදම්කරන ලද රබර් ලි ආශ්‍රිතව මෙරට විශාලසමාගම් ප්‍රමාණයක් සිදුකරන්නාවූ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටීමත් හා එකී රබර් වෙනුවට ස්වභාවික දැව යොදා ගැනීම තුළින් මෙරට වනගහනය තවත් අඩු වීමේ තර්ජනයක්ද ඇතිව තිබුණි.

එසේම කටුපොල් ව්‍යාප්තිය තවදුරටත් දිගින් දිගටම සිදු කළේ නම් මෙරට පොල් කර්මාන්තය එන්න එන්නම බිඳවැටීමත්, ඉතා සෞඛ්‍යදායි පොල්තෙල් වෙනුවට ඉතාම නුසුදුසු තෙල් වර්ගයක් වන පාම් තෙල් පරිභෝජනයට මෙරට ජනතාව හුරුකිරීමේ ව්‍යාපාරික කුමන්ත්‍රණයටත් මෙරට වැසියා ගොදුරුවිය හැකි ව තිබුණි. කටුපොල් වගාව තුළින් සිදුවිය හැකි පරිසර හානි නැවත නැවතත් මතක් කළ යුතු නොවුණත්, විශේෂයෙන් ගත හැකි, භූගත ජලය සීග්‍ර ලෙස අඩුවී යාම, මතුපිට ජලය, පසේ ජලය ඉතා සීග්‍ර ලෙස වාෂ්ප වීම සිදුවීම තුළින් ප්‍රදේශ දැඩි වියළි තත්ත්වයකට පත්වීම, ජලය රඳවා තබා ගැනීමට කටු පොල් ගසට ඇති නොහැකියාව, උඩුවියනක් නොතිබීම සහ යටි වියන නොතිබීම තුළින් දැඩි පාංශුඛාදනය තත්වයන් ඇතිවීම,එමගින් ගංගා ඇළ දොළ රොන්මඩවලින් පිරී යාම, එමෙන්ම පාංශු ස්ථරයන් වන වලට සිදුවන්නාවූ හානි මගින් පාංශු ඛාදනය, නායයාම් සහ ගංගා පිරිම තුළින් සිදුවන්නා වූ ජල ගැලීම් වැනි උවදුරුද කටුපොල් වගාව ආශ්‍රිත උෂ්ණත්වය වැඩිවීම තුළින් ප්‍රදේශයන්හි කාලගුණ, දේශගුණ තත්වයන් සහ උෂ්ණත්වයන් වෙනස්වීමත්, එකී වෙනස්වීම් තුළ ජීවී විශේෂ වඳ වී යාමත්, ප්‍රදේශයට නුසුදුසු ජීවී විශේෂ මෙකී ප්‍රදේශයන් වෙත සංක්‍රමණය වීමත්, කටුපොල් වගාව ආශ්‍රිතව මෙරට ආවේනික ජීවීන්ට වාසය කිරීමේ ඇති නොහැකියාවත්, විශේෂයෙන් මී මැස්සන්, සමනලුන් සහ ආවේනික කුරුල්ලන් වඳ වී යාම සිදුවීමත්, යටිවියනක් නොතිබීම තුල විශාල ඖෂධ පැලෑටි හා ශාක ගහණයක් වඳ වී යා හැකිව තිබීමත් සුවිශේෂී කාරණා කිහිපයකි.

ඉහත සඳහන් කළ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමෙන් පසු එම වාර්තාව පදනම් කරගෙන, කරුණු කාරණා ජනතාවට පැහැදිලිව දැක්වීමටත්, මාධ්‍ය විසින් ඒ සම්බන්ධව කරනු ලැබූ හෙළිදරව් වල දී ඉතාම සංක්ෂිප්තව සහ සෘජුව එකී සොයාගැනීම් තොරතුරු දත්ත ඉදිරිපත් කිරීමටත්, කටුපොල් වගාවේ පොදු ආදීනවත්, කටුපොල් වගාව පිටුදැකිය යුත්තේ මන්ද යන්නත්, ඉතාම සරලව පහදා දීමට ධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන සභාපතිවරයා වන චන්ද්‍රරත්න පල්ලේගම මහතාකටයුතු කරනු දක්නට ලැබුණි. එසේ ම පරිසර අධිකාරියේ මෙම වාර්තාව නොයෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවවලදීද ඉදිරිපත් කිරීම සඳහා සහභාගි වූ නිලධාරීන් ඇතුළුව, නිලධාරීන් ඉතා විශාල ප්‍රමාණයක් මහා පරිමාණ වශයෙන් මෙම වගාව නිසා ඇතිවන්නට ගිය හානිය වැළැක්වීම උදෙසා අදාළ වාර්තාව උපයෝගී කරගනිමින් කරුණු ඉදිරිපත් කිරීමද සුවිශේෂය.

අප විසින් කලක් තිස්සේ පෙන්වා දෙනු ලැබූ මෙකී පරිසර හානි පිළිගැනීමට නොකැමැති වූ, වතු කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු මහා පරිමාණ වතු හිමිකාරීත්වය ඇති සමාගම් විසින්ම ඉල්ලා සිටී අදාළ සමීක්ෂණය නැවත නැවතත් පසක් කරන්නේ අප කටුපොල් රටපුරා ව්‍යාප්ත කිරීමට විරෝධය දැක් වූ මූලික හේතු කාරණා හා හානි
ඉතා සර්වසාධාරණ වීද්‍යාත්මක කාරණා බවයි. එවන් වටපිටාවක් තුළ මෙරට විද්වත් මණ්ඩලයක් විසින් කරුණු කාරණා නිසි පරිදි අධ්‍යනය කොට නිකුත් කරන ලද වාර්තාව ජනගත වීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් වතු කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු, ව්‍යාපාරික වතු කර්මාන්තකරුවන් වන මෙරට මහා පරිමාන සමාගම් කිහිපයක් විසින් ගන්නා ලැබූ බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. මාධ්‍ය වැඩමුළු මුවාවෙන් සහ දැනුවත් කිරීම් මුවාවෙන් ගම්වැසියන් රැවටීමට මෙම සමාගම් අත දිගහැර මිලියන ගණනින් වියදම් කලෙත්, ආචාර්ය මහාචාර්යවරුන් කුලියට ගත්තේත්, මහජන දිනයේදී පවා කාර්යාලයේදී නොදකින සමහර රාජ්‍ය නිලධාරීන් සති අන්තයේ හෝටල්වල වැඩමුළුවලට ගෙන්වා ගත්තේත් රටේ පොදු ජනයා මුළා කළ හැකියි සිතා වුවද, ගම්වැසියන් හෝ මාධ්‍යවේදීන් අති බහුතරයක් ඊට රැවටුනේ නැත. මන්දයත් සත්‍ය තත්වය ජනතාව පොලවේ අත්විඳිමින් සිටි බැවිනි.
එවන් වටාපිටාවක් තුළ ජනතාවගේ දැඩි ඉල්ලීමත්, පරිසර සංවිධානවල බලපෑමත්, පරිසර අධිකාරියේ දැඩි කැපවීමත් තුළ මෙම වාර්තාව ඉදිරිපත්කොට, ඒය ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ගෙන යාමටත්, ඒ තුළින් අද වන විට කටුපොල් වගාවට තිතක් තැබීමට පොදුවේ ඉන් හානියට පත් රටවාසීන්ට හැකිවී ඇත.

අපට දැනගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව මහා පරිමාණ වතු සමාගම්වල ව්‍යාපාරිකයන්, වතු කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හරහා මෙම මධ්‍යස්ථ අධ්‍යයන වාර්තාවට අභියෝග කිරීමට, තමන් විසින් වෙනම ම අධ්‍යනයක් කිරීමට උත්සාහ කරමින් සිටී. ඒ තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති වරයාගේ සිට රජයේ ප්‍රතිපත්ති තීන්දු, තීරණ ගන්නා පුද්ගලයන් සහ පොදුවේ රටවැසියා නැවතත් මුලා කිරීම අරමුණු කරගෙනය. රටේ පරිසරය සම්බන්ධ ප්‍රධාන නියාමන ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කළ මෙම අධ්‍යනය හැරෙන්නට, වෙනත් මුල්‍ය ප්‍රතිලාභයම එකම අරමුණ වන ව්‍යාපාරික වුවමනා මත දිරිපත් කරනු ලබන කිසිම අධ්‍යනයක් මධ්‍යස්ථ නොවනු ඇත.

එසේම රටවල් විශාල ප්‍රමාණයක ප්‍රදේශ ගණනාවක් සදාකාලික මුඩුබිම් බවට පත්කරනු ලැබූ විනාශකාරී කටුපොල් වගාව මෙරටින් තුරන් කිරීම සඳහා, අදාළ හේතු සාධක, කරුණු කාරණා, සමගින් පෙන්වාදෙමින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම වාර්තාව ජනාධිපතිතුමා ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් වෙත ලබාදී කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට කරනු ලැබූ නිර්දේශය සම්බන්ධව සංරක්ෂන ප්‍රජාව ලෙසත්, පුරවැසියන් ලෙසත් අප ඉතා සතුටු සහ කෘතඥ වෙමු.

එසේම මෑතකාලීන දශකයක පමණ ඉතිහාසය සැසදීමේදී ඉතා කලාතුරකින් අපට දක්නට ලැබෙන මෙවැනි ජනතා හිතකාමී පරිසර හිතකාමී තීන්දු තීරණ ප්‍රතිපත්ති සහ නිර්දේශ කිසිලෙසකින් හෝ ආපස්සට ඇද්දවීම සඳහා කිසිදු මන්ත්‍රණකාරී ව්‍යාපාරිකයෙකුට හෝ දේශපාලනඥයකුට ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් මෙතෙක් නොබියව සහ සෘජුව කටයුතු කළ ආකාරයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, ජනාධිපතිතුමා සහ ඔහු යටතේ පවතින පරිසර අමාත්යංශය ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් කටයුතු කරනු ඇතැයි පරිසර සංවිධාන ලෙසත්, කටු පොල් වගාවෙන්
පීඩාවට පත් ප්‍රදේශවාසීන් ලෙසත්, පොදුවේ රටවැසියන් ලෙසත් අප බලාපොරොත්තු වෙමු.

ජයන්ත විජේසිංහ
කැඳවුම්කරු වැසිවනාන්තර සුරකින්නෝ

  1. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  2. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  3. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  4. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  5. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  6. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  7. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  8. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  9. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  10. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  11. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  12. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  13. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  14. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  15. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  16. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  17. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  18. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා
  19. පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා
  20. හොඳ පුරවැසියෙක් සමාජයට දායාද කරන තැන දහම් පාසලයි
  21. හදවත විවෘත නොකර කපාට බද්ධ සැත්කම් තුනක් මෙරට දී පළමු වරට
  22. බුද්ධි නදීශාන්ගේ වර්ණාවලි යන්ත්‍රයට ලෝකයේ මුල් තැන
  23. අප ක්ෂණික ආහාර පසුපස දිව යද්දී ඕස්ටේ‍්‍රලියාවත් කාබනික ගොවිතැනට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.