lakbima.lk

ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වන විශේෂ පුද්ගලයකු දෙසතියකට ඉහතදී ලංකාවට ආවේය. ඒ ගමනේදී ඔහු ගෝඨාභය රාජපක්ෂද හමුවී තිබුණේය. මෙම විශේෂ අමුත්තා ගෝඨාභය රාජපක්ෂ හමුවන්නේ ඔහු ඊළඟ ජනපතිවරණ අපේක්ෂකයකු වන බව කතා පැතිර යන පසුබිමකය. රාජපක්ෂ පවු‍ලේ සමීපතමයකු මේ අමුත්තා සෝනියා ගාන්ධි විසින් මෙහෙය වූ මන් මෝහන් සිංගේ රජයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ශිවශංකර් මෙනන්ය.

ඔහු හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා හමුවූයේ මන්ද යන්න දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය. මන්ද ශිවශංකර් මෙනන් යනු ගාන්ධි රජයේ මෙන්ම ගාන්ධි පවු‍ලේද සමීපතම හිතවතකු බැවිනි.

ශිවශංකර් මෙනන් ඉන්දීය ආරක්ෂක උපදේශක වීමට පෙර ඉන්දීය විදේශ සේවයේ සිටි කීර්තිමත් නිලධාරියෙකි. හෙතෙම ශ්‍රී ලංකාවේදී ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. ඒ 1997-2000 අවධියේය. එවකට ලංකාවේ ජනාධිපති වූයේ ගාන්ධි පවු‍ලේද දිගුකාලීන මිතුරියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය.

කලාපයේ ලොකු අයියා වන ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලනයට නිතැතින්ම බලපෑම් එල්ල කරන බවට නොරහසකි. සැමවිටම ලංකාවේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩු මාරුවට තීරණාත්මක සාධකය වූවේ ඉන්දියාවය. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ තමාගේ පරාජය පිටුපස සිටින්නේ ඉන්දියාව කියාය.
බලයට පත්වන ලංකාවේ සෑම රාජ්‍ය නායකයකුම තමන්ගේ පළමු විදේශ නිල සංචාරය සඳහා තෝරා ගන්නේද ඉන්දියාවය.

ඒ එරට මෙරට දේශපාලනයට නැතිව බැරි බව පිළිගනිමිනි. මේ කාරණා එසේ තිබියදී   ආරක්ෂක සමුළුවක ප්‍රධානියා ලෙස පැමිණෙන ශිවශංකර් මෙනන් හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීම අහම්බයක් විය නොහැකි බවට දේශපාලන  ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්විය.

එම ආරක්ෂක සමුළුව සංවිධානය කර තිබුණේ පාත්ෆයින්ඩර් පදනම විසිනි. එහි නිර්මාතෘ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ මිලින්ද මොරගොඩය. ඔහු මේ වනවිට නියෝජනය කරනුයේ රාජපක්ෂ කඳවුරය. ශිවශංකර් මෙනන් හා ගෝඨාභය රාජපක්ෂ අතර හමුව සංවිධානය කිරීමේ මැදිහත්කරු වන්නේ හිටපු ඇමැති මිලින්ද මොරගොඩය. 2001-2004 එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල නොවන මට්ටමෙන් සංවිධානය කිරීමේ ප්‍රබලයකු වූවේ මිලින්ද මොරගොඩය. ඔහු මෙවර ගෝඨාභය රාජපක්ෂගේ නිල නොවන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම කරන්නේද යන්න පිළිබඳව කතාබහට ලක්ව තිබේ.

ශිවශංකර් මෙනන් සිව් වැනි ඊළාම් යුද්ධය පැවැති සමයේදීත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිරය පිටුපසින් විශේෂ කාර්යභාරයක් කළ නිලධාරියෙකි. ඒ යුද්ධය පැවැති සමයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව දේශපාලනයේ අභ්‍යන්තර ප්‍රශ්න කළමනාකරණය කර ගැනීම සඳහා 'ටේ‍රායිකාව' යනුවෙන් හැඳින්වූ කමිටුවක් තිබුණි. හයදෙනකුගෙන් සමන්විත එම කණ්ඩායමේ ලංකාව නියෝජනය කළේ ගෝඨාභය, බැසිල් දෙසොහොයුරන් හා ජනපති ‍ලේකම් ලලිත් වීරතුංගය. එම ටේ‍රායිකාවේ ඉන්දියාව නියෝජනය කළ බලවතා වූයේ ශිවශංකර් මෙනන්ය.

ශිවශංකර් මෙනන් ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳව ලබන වසරේ පැවැත්වෙන සමුළුවේ උපදේශක සැසිය සඳහාය. එම සැසියෙන් පසු ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හමුවීමට අවස්ථාව ඉල්ලා තිබුණි.
අගමැතිවරයා හැර අන් සියලුදෙනා හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව ඔහුට හිමිවූ බව පාත්ෆයින්ඩර් පදනම ප්‍රකාශ කරයි. එම හමුවේදී ඔහුට හිටපු ජනාධිපතිනිය දිවා භෝජනයක්ද පිරිනමනු ලබයි.

මේ වන විට ඉන්දියාව තුළ පවතින පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදිට වඩා විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි බලවත් වෙමින් සිටී. ඊළඟ අගමැති සටනේ මෝදිට වඩා ඉදිරියෙන් සිටින්නේ ගාන්ධිය. එහිදී ශිවශංකර් මෙනන්ගේ භූමිකාවද ඉහළ මට්ටමක පවතියි.

ඉන්දියාවේ ආශිර්වාදය ලැබෙන පුද්ගලයා හැමදා මෙරට නායකයා වූවේය. මෙවරද ඔවුන්ගේ ආශිර්වාදය ලැබෙන කෙනා ජනාධිපති වනවාට සැකයක් නැත. එසේනම් ශිවශංකර් මෙනන් පැමිණියේ එවැනි කාර්යයකටද එය සාර්ථකවේද යන්න පිළිබඳව දැන්ම අනාවැකි කිව නොහැකිය. නමුත් මේ ගමනේ විශේෂ පණිවුඩයක් පැවැති බව නම් රහසක් නොවේ.

ලසන්ත වීරකුලසූරිය

  1. එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති
  2. තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.
  3. බැඳුම්කර හොරකමේ තෝරු මෝරු හතරක් ඇල්ලූ මෙහෙයුම
  4. මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක
  5. තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු
  6. ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්
  7. ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව
  8. සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ
  9. නීතිඥ නාගානන්දට වුණා වගේ පෙරකදෝරු රස්සාව නැතිවෙන්නේ කොහොමද?
  10. දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්
  11. අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය
  12. දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය
  13. ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම
  14. ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ
  15. කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්
  16. ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ
  17. ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි
  18. මත්පෙති සමග ටෙලි නිළියක් කොටු වූ පොල්හේනේ බිච් පාටිය
  19. කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කිරීමෙන් අනික් මැදිරි වල තද බදයක්
  20. නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්
  21. ඉතිහාසයේ විශාලම මූල්‍ය ආයෝජනය සමග “ළඟම පාසල - හොඳම පාසල“ වන අයුරු
  22. අල ගෝනියක සැඟව හොංකොං ආ සියවසක් පැරණි බෝම්බය
  23. පාතාලයන්ට නම් තබන්නේ මෙහෙමයි
  24. ලංකාව කිට්ටුවත් මළ මුහුදක්
  25. ලංකාවටත් අලි සිතියමක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.