lakbima.lk

අතීතයේ පටන් ගැමියෝ උදෑසන අවදි වූ පසු කිරි වීදුරුවක් බිමට හුරුව සිටියහ. ගමේ සිටින කිරි ගොවියා උදෑසනම අවදිව කිරි ගවයන්ගෙන් කිරි දොවා බයිසිකලයේ ගම වටේ බෝතල් රැගෙන යන දසුන වර්තමාන වැඩිහිටියන්ට අතීතයේදී හුරුපුරුදු දසුනක් විය. එනමුත් වර්තමානයේ විදේශීය කිරිපිටි ආනයනය නිසා දේශීය කිරි ගොවියා ක්‍රම ක්‍රමයෙන් කඩාවැටීමට ලක්ව ඇත. මහ බැංකු සංඛ්‍යා වාර්තා සහ සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සටහන් අනුව රටේ කිරි අවශ්‍යතාවයෙන් සියයට 41ත් 50ත් අතර දේශීය කිරි නිෂ්පාදනය වන බව අනාවරණය වෙයි.
යුරෝපීය රටවල ජීවත්වන ජනතාවගේ ඒකපුද්ගල වාර්ෂික කිරි පරිභෝජනය ලීටර් 300ක් වන විට, ඉන්දියාවේ ඒකපුද්ගල වාර්ෂික කිරි පරිභෝජනය ලීටර් 70ක්ය. එනමුත් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික කිරි පරිභෝජනය ලීටර් 48කි. කෙසේ නමුත් වෛද්‍ය නිර්දේශයන්ට අනුව පුද්ගලයෙක් දිනකට මිලි ලීටර් 200ක් කිරි පරිභෝජනය කළ යුතුය.
පසුගිය වර්ෂයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාවට අනුව දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් 45,000,000ක් වියදම් කර ඇත්තේය. එමෙන්ම කිරි ගොවින් 20,000ක් ආනයනය කළ බවට සඳහන්ය. එම වාර්තාවට අනුව පසුගිය වසරේ නව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 03ක් ස්ථාපනය කිරීම සඳහා ලීටර 5000ක ධාරිතාවකින් යුතු කිරි ශීත කිරිමේ ටැංකි 03ක් මිල්කෝ (පෞද්ගලික) සමාගම විසින් ලබා දී ඇත.
එමෙන්ම 2006 වර්ෂයේ සකසන ලද රාජ්‍ය ප්‍රතිඵත්ති හා මහින්ද චින්තනයට අනුව දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන ලදි. ඒ අනූව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය 2012, 2015 හා 2017 යන වර්ෂවලදී කිරි ගවයන් ආනයන සඳහා පියවර ගෙන තිබුණි. කෙසේ නමුත් මෙම කිරි ගවයන් ආනයනය කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ විගණකාධිපති එච්. එම් ගාමිණි විජේසිංහ මහතා 2018 මැයි 04 දින විශේෂ වාර්තාවක් නිකුත් කර ඇත. ඒ අනුව කිරි ගවයන් ආනයනය කිරිමේදී විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කර ඇති අතර ඒ තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට මුල්‍යමය වශයෙන් අවාසිදායක තත්ත්වයක් උද්ගත වී ඇති බව හෙළි වී ඇත. එමෙන්ම මෙම ආනයනික කිරි ගවයන්ගේ ආයු කාලය කෙටි බවත්, පැටවු ලැබිමේ හැකියාව අඩු බවත්, රෝගවලට භාජනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් මෙම වාර්තාවට අනුව අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් ආනයනය කළ කිරි දෙනුන් හට ආහාර ලබාදීමේදී නියමිත ප්‍රමිති ප්‍රමාණයන්ගෙන් යුත් ආහාර මිශ්‍රණය ලබා දිය යුතු වන බවට රාජංගණයේ ඒකාබද්ධ කිරි ගොවි සංගමයේ සභාපති උපාලි ජයසිංහ පැවසීය. එමෙන්ම එම ආහාර ලබාදීම සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු බවත්, කිරි සඳහා අපේක්ෂිත ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බවත් හෙතෙම පවසන්නේය.
මෙරට කිරි එකතු කිරීම සඳහා රාජ්‍ය ආයතනයක් නොමැති බවද උපාලි ජයසිංහ මහතා පැවසීය. මේ හේතුවෙන් කිරි එකතු කිරීමේ කාර්ය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය වෙනුවෙන් මිල්කෝ සමාගම විසින් සිදුකරන අතර මිල්කෝ (පෞද්ගලික)  සමාගමේ කිරි එකතු කිරීම පිළිබඳ දත්ත සටහන් මහ බැංකුවේ සංඛ්‍යා ‍ලේඛනවල මෙසේ සඳහන් කර ඇත.
මිල්කෝ සමාගම කිරි එකතු කිරීමේ කාර්යය මෙසේ සිදු කිරීමේදී වර්ෂයකට රටේ මුදලින් විශාල මුදලක් ගෙවීම හේතුවෙන් කිරි ගොවින්ට නිසි මිලක් ගෙවීමට නොහැකි වී ඇති බව විගණකාධිපතිගේ විශේෂ වාර්තාවේ සඳහන් කර ඇත. ඒ අනුව මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලා 04ක් සඳහා වර්ෂය තුළ ලැබූ කිරි ප්‍රමාණයට වඩා වැඩි කිරි ප්‍රමාණයකට එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා ගෙවීම් කළ ඇති බවද වාර්තා වී ඇත.
ඒ අනුව ගෙවීම් කළ ප්‍රමාණය හා අලාභය කිරි ලීටර් ප්‍රමාණයසිදු වූ අලාභය (රුපියල්) වර්ෂය201520162017201520162017 සිට ජුනි දක්වා මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලා 04ක් සඳහා වර්ෂය තුළ ලැබු කිරි ප්‍රමාණයට වඩා වැඩි කිරි ප්‍රමාණයක් එකතුකිරීමේ මධ්‍යස්ථාන හරහා ගෙවීම් කළ ප්‍රමාණය හා  ලාභය3,20,8935,87,2474,698,64120,518,97539,606,8083,19,688,048 මේ අනුව කිරි එකතු කිරීමේ මනා කළමනාකාරිත්වයකින් සිදු නොකිරීම නිසා කිරි සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම රජයේ මුදල් අවභාවිත වීම මෙන්ම රජයේ කිරිපිටි ආනයන ප්‍රතිපත්තිය හේතුවෙන් කිරි ගොවින් හට නිසි මිලක් නොලැබෙන බවද අනාවරණය විය.
ඒ අනුව මිල්කෝ (පෞද්ගලික)  සමාගමේ කිරි එකතු කිරීමේ ක්‍රමවේදයේදී කිරි ගොවින්ට කිරි ලීටරයකට රුපියල් 60ක් වැනි සුළු මුදලක් ලබාදෙන බැවින් ආදායම පහළ වැටි ඇති අතර කිරි ගොවිපලවල් පවත්වාගෙන යාමේ අසීරුතාවක් ඇතිව ඇති බව තලංගම කිරි ගොවි සමිතියේ සභාපති ලසන්ත පෙරේරා මහතා පැවසීය.
එමෙන්ම කිරි ගවයාගෙන් දිනකට කිරි ලීටර් 15ක් පමණ ලබා ගන්නා අතර කිරි ගොවියාට කිරි ලීටරයක් සඳහා රුපියල් 60. 00 ක වැනි සුළු මුදලක් ලබාදෙන බව ලසන්ත පෙරේරා පවසන්නේය. ඔහු සඳහන් කරන පරිදි වතුර බෝතලයක් රුපියල් 50 ට ගන්නට හැකිවන සමාජයක් තුළ කිරි ලීටරයක් රුපියල් 60 ක විකිණීම කිරි ගෙවීන්ට පාඩුවන බවයි. මේ නිසා අතීතයේ සිට දේශීය කිරි කර්මාන්තයේ නියැළෙන්නෙක් මිස අලුතින් කිරි ගොවීන් ලෙස මෙම කර්මාන්තයට කිසිවෙකු පැමිණෙන්නේ නැති තත්ත්වයක් උදා වී ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මේ සම්බන්ධව මිල්කෝ (පෞද්ගලික)  සමාගමේ සාමාන්‍ය අධිකාරි සුගත් මුණසිංහ කියා සිටියේ දේශීය කිරි වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ අප්‍රේල්, මැයි මාසවල බවය. එමෙන්ම කිරි ලීටරයක් ලබාගන්නා මධ්‍ය අගය වන්නේ රුපියල් 70ක් වන අතර කිරිවල ඇති මේද ප්‍රමාණය අනුව ලබාදෙන මුදල රුපියල් 66, 80 දක්වා අඩු වැඩි වන බවය. එමෙන්ම පසුගිය කාලයේ මිල්කෝ සමාගමේ යම් ප්‍රශ්නයක් උද්ගත වී තිබූ බැවින් මෙම මුදල් ගෙවීමේ ප්‍රමාදයක් තිබූ නමුත් ඉදිරි සති කිහිපයේ ගෙවීමට ඇති සියලු ගෙවීම් කිරි ගොවීන් වෙත ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.  
එමෙන්ම දේශීය කිරි කර්මාන්තය ප්‍රචලිත කිරීම උදෙසා පශු සම්පත් අමාත්‍යාංශය යටතේ 2004 වර්ෂයේ අලෙවි සල් 1250ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. ඒ අනුව 2013 දෙසැම්බර් 31 වන විට අලෙවි සැල් 685 ක් පමණක් ආරම්භ කළේය. මේ අනුව පශූ සම්පත් අමාත්‍යාංශය මඟින් දියර කිරි ප්‍රචාරය කිරීමට ආරම්භ කළ ව්‍යාපෘතිය පුස්සක්  වී ඇත. එමෙන්ම පශු සම්පත් අමාත්‍යාංශය පළාත් මට්ටමින් ආරම්භ කළ අලෙවි සල් 402න් මේ වන විට 112ක් පමණක් ක්‍රියාත්මක බව පශු සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය. කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පශු සම්පත් අමාත්‍යාංශය කොතෙක් උත්සහ දැරුවත් දියර කිරි අලෙවිය වැඩි කිරීමට අවශ්‍ය අලෙවිසල් වැසී යාම අවම කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමක් සිදු නොවන බව විගණාකාධිපති සඳහන් කරන්නේය.
දේශීය කිරි කර්මාන්ත දියුණු කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති කොතෙක් ඉදිරිපත් කළද කිරිපිටි ආනයන හේතුවෙන් මෙම කර්මාන්තය නගා සිටුවීමේ උත්සහයන් ව්‍යර්ථ වී ඇත. එනම් භාණ්ඩාගාර ‍ලේකම්ගේ අංකTIP/Tp/01/47 හා 2012 ජූලි 07 දිනැති ලිපිය මඟින් කිරිපිටි ග්‍රෑම් 1ක් සඳහා ආනයන රේගු බදු රුපියල් 225 සිට රුපියල් 2 දක්වා කපා හැරීම නිසාත් කිරි ආශ්‍රිත නිෂ්පාදන, පිටි කිරි භාවිත කර නිෂ්පාදනයට යොමු වී තිබිම නිසාත් දියර කිරි නිෂ්පාදනයේ ඉල්ලුම අඩු වී ඇති බවද ඒ හේතුවෙන් දියර කිරිවල මිල අඩු වී ඇති බවද සඳහන් වන්නේය.
මේ අතර ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශ කාර්ය සාධන වාර්තාවට අනුව මේ වන විට කිරි නිෂ්පානය ඉහළ නංවා ඇති නමුත් නිශ්චිත හා ශක්තිමත් කිරි එකතු කිරීමේ ජාලයක් නොමැති වීම ප්‍රධාන බාධාවක් බවට සඳහන් වන්නේය.
දේශීය කිරි ගොවියා මුහුණ දී සිටින ගැටලු සම්බන්ධව අදහස් දක්වමින් තලංගම කිරි ගොවි සමිතියේ සභාපති ලසන්ත පෙරේරා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ලංකාව කිරි නිෂ්පාදන ප්‍රධාන සමාගම් පිළිබඳ වැඩි ප්‍රචාරයක් ලබාදෙනවා. සාමාන්‍ය කිරි ගොවියාගේ කිරි නිෂ්පාදන පිළිබඳ කිසි කෙනෙක් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කිරි ලීටරයකට ආණ්ඩුවෙන් ගෙවන මුදල ප්‍රමාණවත් නැහැ. කෙසේ නමුත් රජයෙන් කිරි ගන්නෙ නැහැ. මිල්කෝ (පෞද්ගලික)  ආයතනයෙන් අපේ කිරි ලබා ගන්නේ. මේ නිසා රජය කිරි එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. පශු සම්පත් අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා නැහැ.”
ඒ අනුව තණකොළ වැවීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් නොමැති වීම මෙන්ම, කිරි ලීටරයකට ප්‍රමාණවත් මුදලක් ලබා නොදීම, කිරි එකතු කිරීමේ ජාලයක් නොමැති වීම, කිරි දෙනුන් ප්‍රමාණවත් නොවීම, ආනයනික කිරි ගවයන් රෝගී වීම වැනි හේතු මත දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමේ අර්බුදයක් පැන නැගී ඇත.

විනිශ්‍යා ජයවර්ධන

  1. 1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි
  2. ලංකාවේ එකම සුනඛ සොහොන් පිටිය
  3. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  4. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  5. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  6. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  7. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  8. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  9. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  10. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  11. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  12. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  13. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  14. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  15. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  16. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  17. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  18. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  19. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  20. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  21. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා
  22. පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා
  23. හොඳ පුරවැසියෙක් සමාජයට දායාද කරන තැන දහම් පාසලයි
  24. හදවත විවෘත නොකර කපාට බද්ධ සැත්කම් තුනක් මෙරට දී පළමු වරට
  25. බුද්ධි නදීශාන්ගේ වර්ණාවලි යන්ත්‍රයට ලෝකයේ මුල් තැන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.