lakbima.lk

'හසලක වීරයා' යන නමින් රටේ ප්‍රසිද්ධියට පත් කෝප්‍රල් ගාමිණී කුලරත්න වීරයකු බවට පත්වූයේ එක රැයකිනි. ඒ අලිමංකඩ කඳවුරට පහර දීමට පැමිණි කොටින්ගේ බුල්ඩෝසරයක් පුපුරවා හැර මරාගෙන මැරෙමිනි. හමුදාවේ අයෙකුට දිනාගත හැකි ඉහළම පදක්කම වන පරම වීර විභූෂණ (P.W.V) සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ගැන ලියූ බොහෝ වර්ණනා අපි කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු. එහෙත් එවැනි වීර ක්‍රියාවක් කළ මුල්ම හමුදා සාමාජිකයා ගාමිණී කුලරත්න බව බොහෝ දෙනෙක් සිතුවද සත්‍ය එය නොවේ. ගාමිණී කුලරත්නගේ කතාව මෙන්ම ප්‍රසිද්ධියට පත් නොවූ බැවින් මරාගෙන මැරුණු මුල්ම හමුදා නිලධාරියා වන කපිතාන් සාලිය අලදෙණියගේ වීර වික්‍රමාන්විත මරණය පිළිබඳ පිටුපස ඇති කතාව මතෛක් කරළියට ආවේ නැත. ඒ අඩුව මකමින් ඉතිහාසයෙන් වැළලී තිබූ කපිතාන් අලදෙණියගේ වීර කතාව දන් එළිදැක තිබේ. ඒ යුද හමුදාවේ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහගේ පෑන් තුඩෙනි. වසර තුනක් පුරා රට වටා කිලෝමීටර් 15000ක් පමණ ගමන් කරමින් මේ සිද්ධිය දන්නා පුද්ගලයන්ගෙන් සොයාගත් ගවේෂණාත්මක තොරතුරු ඇසුරින් කතුවරයා කපිතාන් අලදෙණියගේ කතාව එළිදක්වා ඇත්තේ උත්තර විරු කැලකගේ ඇත්තම කතාව. අවි බිමක ගිනියම යනුවෙනි. මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ පවසන්නේ පරම වීර විභූෂණ පදක්කම දිනාගත් විරුවන් 29 දෙනෙකු ත්‍රිවිධ හමුදාවේ සිටියද ඒ අතරින් වඩාත් සංවේදී හා බිහිසුණුම කතාව කපිතාන් අලදෙණිය මරාගෙන මැරුණු ආකාරය බවය. මේ එම කතාව ඇසුරෙන් අපේ ‍ලේඛකයා ලිපූ ලිපියකි.

'හසලක වීරයා' යන නමින් රටේ ප්‍රසිද්ධියට පත් කෝප්‍රල් ගාමිණී කුලරත්න වීරයකු බවට පත්වූයේ එක රැයකිනි. ඒ අලිමංකඩ කඳවුරට පහර දීමට පැමිණි කොටින්ගේ බුල්ඩෝසරයක් පුපුරවා හැර මරාගෙන මැරෙමිනි. හමුදාවේ අයෙකුට දිනාගත හැකි ඉහළම පදක්කම වන පරම වීර විභූෂණ (P.W.V) සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ගැන ලියූ බොහෝ වර්ණනා අපි කියවා ඇත්තෙමු. අසා ඇත්තෙමු. එහෙත් එවැනි වීර ක්‍රියාවක් කළ මුල්ම හමුදා සාමාජිකයා ගාමිණී කුලරත්න බව බොහෝ දෙනෙක් සිතුවද සත්‍ය එය නොවේ. ගාමිණී කුලරත්නගේ කතාව මෙන්ම ප්‍රසිද්ධියට පත් නොවූ බැවින් මරාගෙන මැරුණු මුල්ම හමුදා නිලධාරියා වන කපිතාන් සාලිය අලදෙණියගේ වීර වික්‍රමාන්විත මරණය පිළිබඳ පිටුපස ඇති කතාව මතෛක් කරළියට ආවේ නැත. ඒ අඩුව මකමින් ඉතිහාසයෙන් වැළලී තිබූ කපිතාන් අලදෙණියගේ වීර කතාව දන් එළිදැක තිබේ. ඒ යුද හමුදාවේ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහගේ පෑන් තුඩෙනි. වසර තුනක් පුරා රට වටා කිලෝමීටර් 15000ක් පමණ ගමන් කරමින් මේ සිද්ධිය දන්නා පුද්ගලයන්ගෙන් සොයාගත් ගවේෂණාත්මක තොරතුරු ඇසුරින් කතුවරයා කපිතාන් අලදෙණියගේ කතාව එළිදක්වා ඇත්තේ උත්තර විරු කැලකගේ ඇත්තම කතාව. අවි බිමක ගිනියම යනුවෙනි. මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ පවසන්නේ පරම වීර විභූෂණ පදක්කම දිනාගත් විරුවන් 29 දෙනෙකු ත්‍රිවිධ හමුදාවේ සිටියද ඒ අතරින් වඩාත් සංවේදී හා බිහිසුණුම කතාව කපිතාන් අලදෙණිය මරාගෙන මැරුණු ආකාරය බවය. මේ එම කතාව ඇසුරෙන් අපේ ‍ලේඛකයා ලිපූ ලිපියකි.

මහනුවර ‍ලේවැල්‍ලේ උපන් සාලිය අලදෙණියගේ පියා, කුඩාබණ්ඩා සමරකෝන් අලදෙණිය වතු අධිකාරීවරයකු විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සාලිය අලදෙණිය එහි කැපී පෙනෙන ශිෂ්‍යයකු විය.

උසස් පෙළ සමත්වීමෙන් පසු සාලිය ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරියකු ලෙස එකතු වෙන්නේ එක්දහස් නවසිය අසූ නවයේ සැප්තැම්බර් විසි දෙවන දිනය. ඔහු පුහුණුව ලබන්නේ ස්වේච්ඡා පාඨමාලා අංක 10 යටතේය. එම පාඨමාලාව අවසන්ව දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරී ලබන සාලිය අලදෙණිය තුන්වැනි ස්වේච්ඡා ශ්‍රී ලංකා රෙජිමේන්තුව වෙත අනුයුක්ත විය.

අසූ නවයේ අග භාගය වන විට තුන්වන සිංහ රෙජිමේන්තු භට පිරිස් උතුරේ රාජකාරී සඳහා යැවීමට නියම විය. මෙහිදී දෙවන ලුතිනන් සාලිය අලදෙණිය උතුරේ සේවාව සඳහා එකතුවෙන්නේ ස්ව කැමැත්තෙන්මය.

මේ අනුව තුන්වන සිංහ රෙජිමේන්තු භටයන් සිය නුවරඑළිය බළ ඇණි මූලස්ථානයේ සිට උතුර බලා පිටත් වෙන්නේ 1990 මැයි 18 දිනය. 

දෙවන ලුතිනන් සාලිය අලදෙණිය ඇතුළු පිරිස මාන්කුලම කඳවුරේ සිට කොකාවිල් බලා පිටත්වූයේ 1990 මැයි 19 දිනය. කොකාවිල් බලා යන භට පිරිසේ කඳවුරු භාර නිලධාරියා වූයේ ලුතිනන් ජයන්ත රත්නායකය. ඛණ්ඩභාර නිලධාරියා දෙවන ලුතිනන් සාලිය අලදෙණිය වූ අතර සැරයන් ඩිංගිරි බණ්ඩා ඛණ්ඩ භාර සැරයන්වරයා විය.

කොකාවිල් ගිය තුන්වැනි සිංහ රෙජිමේන්තුවට පැවැරී තිබුණේ කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුන ආරක්ෂා කිරීමය. පිදුරුතලාගල කන්දේ සිට විකාශනය වන ජාතික රූපවාහිනියේ වැඩසටහන් උතුරට පෙන්වූයේ කොකාවිල් කුලුන හරහාය.

මෙම පිරිස කොකාවිල්හි ස්ථානගතව සති කීපයක් ගත වෙත්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න වන්නට විය. ප්‍රදේශ මූලස්ථාන ආඥාපතිවරයාගේ හැඟීම වූයේ තවදුරටත් කොකාවිල්හි භට පිරිස් රඳවා තැබිම නිසැකයෙන්ම ඔවුන් අවදානමකට මුදා හැරීමක් වන බවය. ඔහු ඒ පිළිබඳව යුද හමුදා මූලස්ථානය  වෙත දැනුවත් කළේය.

සති කීපයක් ගතවන විට කොකාවිල්හි තත්ත්වය තවත් අසුබදායී වෙන්නට විය. හදිසියේම ඒ 9 මාර්ගයේ එල්.ටී.ටී.ඊ වාහන ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර විය. කිසියම් අනතුරක ඉව වටහා ගත් නිසා යුද හමුදා වාහන ගමනාගමනයද නතර විය. මේ නිසා දවස් දෙකකට වරක් මාන්කුලම් කඳවුරෙහි සිට කොකාවිල් කඳුවුරට ආහාර ද්‍රව්‍ය 

ප්‍රවාහනයද මුළුමනින්ම ඇන හිටියේය. ඒ අතරතුර කඳවුර තුළ ජල හිඟයක්ද ඇති විය. ඔවුන් ජලය රැගෙන ආයුත්තේ කඳවුරට යාර සියයට එහායින් ඇති ළිඳකිනි. මෙනිසා වව්නියාව ප්‍රදේශ මූලස්ථානයෙන් ආහාර සහ ජලය ආරක්ෂිත ඇසුරුම්වල බහා කොකාවිල් කඳවුර වෙත ගුවනින් හෙළීමට සැලසුම් කරන ලදී. මෙය සිදු කළ යුත්තේ අඩි තුන් දාහක් පමණ ඉහළ අහසේ සිටය.

එක් දිනක මෙලෙස ගුවනේ සිට පාර්සල් බිම හෙළීම ඇරඹුණි. පාර්සල් කීපයක් බිම හෙලූවත් ඒවා සුළඟ නිසා කඳවුරෙන් බැහැරව වැටුණ අතර කඳවුර තුළට වැටුණ පාර්සලය තුළ තිබුණේ දහයියා පිරවූ ගෝනිවල බහාලන ලද අයිස් කුට්ටිය. ඒවා ද බිම වැටී විසිරී ගිය අතර දහයියා සහ වැලි මිශ්‍ර වූ අයිස් කැට මගින් සෙබළ පිරිස තම පිපාසය සංසිඳුවා ගත් අතර ඉතිරි අයිස් කැබලි කල්දේරමක රැස්කර ගත්හ.

ජූලි තුන්වන දිනවන විට කඳවුරෙහි සියලු දෙනාම දැඩි කුස ගින්නෙනි. එදින කඳවුරෙහි ගාර්ඩ් කමාන්ඩර් වශයෙන් කටයුතු කළේ කෝප්‍රල් හින්නි අප්පුය. හදිසියේම ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා බංකරයෙන් එළියට පැමිණියේය. ඔහු සිටි ස්ථානයට නුදුරින් අඩි පහළොවක් උස ගස් ලබු ගසක් විය. එහි ගෙඩි පිරී තිබුණි. ගස්ලබු කඩාගතහොත් ඒවා තම්බා තම සහෝදර සෙබළුන්ටද ආහාරයට ගතහැකි යයි ඔහු සිත්නනට ඇත. ඔහු ගස්ලබු ගසට නඟින්නට විය. ඒ සමගම ඈතින් ආ ස්නයිෆර් උණ්ඩයක් ඔහුගේ හිස පිටුපසට වැදුණි. වහාම කඳුවර තුළට ඔසවාගෙන ආ කෝප්‍රල් හින්නිඅප්පුව රෝහලකට ගෙනයාම සඳහා ගුවන් යානයක් එවන ලෙස ලුතිනන් අලදෙණිය මාන්කුලම් කඳවුරට දැන්වූයේය. නමුත් වව්නියා ප්‍රදේශ මූලස්ථානයෙන් ගුවන් ගතවූ හෙලිකොප්ටරය කොකාවිල් කඳවුර වෙත පහත් කිරීමට සූදානම් වන විට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර එදෙසට නිරන්තරයෙන් එල්ල වෙන්නට විය. යානයෙන් එල්.ටී.ටී.ඊ.යට ප්‍රතිප්‍රහාර එල්ල කළත් හෙලිකොප්ටරය ගොඩබෑමට නොහැකිව ආපසු ගියේය.

තම සඟයන්ගේ බඩගිනි නිවීමට ගස් ලබු කැඩීමට ගිය කෝප්‍රල් හින්නිඅප්පු එදින මද්දහන වන විට සඳහටම දෙනෙත් පියාගත්තේය. කෝප්‍රල් හින්නිඅප්පුගේ දේහය වව්නියාවට යැවීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. අවසානයේ 1990 ජූලි හත්වන දින ඔහුගේ සිරුර ආරක්ෂක අගලක භූමිදානය කරන විට ඔහු මියගොස් දින හතරක් ගතවී සිරුර නරක්වීමටද පටන්ගෙන තිබුණි.

ජූලි අට සහ නවය දින වනවිට කඳවුරට නිරන්තරයෙන් මෝටාර් ප්‍රහාර එල්ල වන්නට විය. ඇතැම් විට එකදිගට විනාඩි හතළිහකටත් වඩා කාලයක් මෙසේ ප්‍රහාර එල්ල විය. එයට අමතරව සුළු අවි ප්‍රහාරද කඳවුරට එල්ල වන්නට විය. මේ අතර එල්.ටී.ටී.ඊ.ය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කඳවුර අත්හැර ඉවත්ව යන්න. නැතිනම් අපට භාර වෙන්න යන්න යැයි නිවේදනය කළේය.

දහවන දිනය වන විට කොකාවිල් කඳවුර සතු වූයේ දින දෙකකටවත් ප්‍රමාණවත් නොවූ ආහාර සහ ජලය ප්‍රමාණයකි. පතුරොම් ඇතුළු සියල්ල අවසන් වෙමින් තිබුණි. මේ සියල්ල මධ්‍යයේ සියල්ලන්ගේ ජීවිත ජීවත් කරවීම සඳහා වන වගකීම පැවරී තිබුණේ දෙවන ලුතිනන් සාලිය අලදෙණියටය.

එල්.ටී.ටී.ඊ ප්‍රහාර එන්න එන්නටම උග්‍රවන්නට විය. මෝටාර් සහ සුළු අවි ප්‍රහාරවලට අමතරව සෑම බංකරයක් වෙතම ආර්.පී.ජී. ප්‍රහාරද එල්ල වන්නට විය. සතුරු ප්‍රහාර හමුවේ කඳවුර රැකගැනීම ලුතිනන් අලදෙණියගේ එකම වෑයම විය. සැරයන් ඩිංගිරි බණ්ඩා මේ සඳහා ඔහුට සහාය විය.

මේ අතර පිටුපස වැලිගෝනි යොදා බංකරයක් ලෙස සකස් කළ ලොරි රථයක් පිටුපස හරවා කඳවුරේ ප්‍රධාන දොරටුව වෙත ධාවනය වෙන්නට විය. බංකර් ලොරියේ පිටුපස සිටි කොටි එල්.එම්.ජී. අවිවලින් කඳවුරට වෙඩි වර්ෂා එල්ල කරන්නට වූහ. ලොරිය කඳවුරට ඇතුළු නොවිය යුතුය. සියලු භටයින්ගේ ජීවිත ඉරණම රැඳී තිබෙන්නේ ලොරිය කඳවුර තුළට පැමිණීම වැළැක්වීම මතය.

ලොරිය එන පාරට මුහුණලා කෙළවරෙහි වූ බංකරයේ සැරයන් ඩිංගිරි බණ්ඩා, රයිෆල් සෙබළ සිරිවර්ධන සහ තවත් තිදෙනෙක් වූහ. බංකරය තුළ ආර්.පී.ජී. ප්‍රහාර එල්ල කිරීමට පහසුකම් නොවීය. සැරයන් ඩිංගිරි බණ්ඩා බංකරයේ තල් කොටන් දෙකක් අතරින් ආර්.පී.ජී අවිය රිංගවා, බංකර ලොරිය වෙත නිවැරදි ඉලක්කය ගත්තේය.

ක්ෂණයකින් ඔහු තම ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළේය. අකුණු සරක් වන් එම ප්‍රහාරයෙන් ලොරි රථයෙහි කොටසක් කැඩී විසිවී ගිය අතර ලොරියේ ගමනද නතර විය. ඒ සමගින් ලොරියෙන් එල්ල වූ ප්‍රහාරද නතර විය.

කඳවුරට ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පන්සියයකට ආසන්න වූ අතර එයට මුහුණ දීමට සිටියේ සෙබළුන් හැට දෙනෙකි.

එකළොස්වන දින උදෑසන හතට පමණ ලුතිනන් අලදෙණිය, සැරයන් ඩිංගිරි බණ්ඩා සමග ප්‍රහාර හමුවේ මියගිය හා තුවාල ලැබූවන් සොයන්නට විය. එහිදී ඔවුනට රයිෆල් සෙබළුන් හතර දෙනෙක් මිය ගිය බව සොයාගත හැකි වූ අතර හත් දෙනෙක් තුවාල ලැබ සිටියහ. සැරයන් ඩිංගිරි බණ්ඩා අභීත ලෙස තම ප්‍රහාරය එල්ල නොකරන්නට කඳවුරෙහි සියලු දෙනාගේම ඉරණම කනගාටුදායක ලෙස විසඳෙන්නට තිබුණි.

ජූලි එකළොස්වන දින සවස පහයි තිහ පමණ වන විට කොකාවිල් කඳවුරට හතර වටින්ම මෝටාර් වැසි පතිත වන්නට විය.

මෙම භයංකර මොහොතේත් මාන්කුලමෙහි සංඥා මැදිරිය තුළ සිටි ගුවන් විදුලි ක්‍රියාකරු සංඥා සෙබළ කොකාවිල් සංඥා මැදිරිය හා සම්බන්ධ වෙමින් සියලු තොරතුරු සම්බන්ධීකරණය කරන්නට විය. කොකාවිල් කඳවුර තුළ සිදුවන විලාපදීම් කෑගැසීම්, මෙන්ම මහා බෝම්බ පිපිරෙන හඬද අඛණ්ඩව මාන්කුලමේ සිටින අයට ඇසෙන්නට විය.

කොකාවිල් සටනේ තීරණාත්මක මොහොත එළඹුණේ එම රාත්‍රියේය. අතිශය කම්පාවට පත්ව සිටි ලුතිනන් අලදෙණිය මාන්කුලමට කතා කළේය. කඳවුර තුළ සියලුම වෙඩි ද්‍රව්‍ය අවසන්ව තිබුණි. බරපතළ තුවාළ ලැබූ දහසය දෙනෙක් රූපවාහිනී මැදිරියේ සිටියහ.

මේ මොහොතේ මාන්කුලම් මූලස්ථානයෙන් දෙවන ලුතිනන් සාලිය අලදෙණියට දන්වා සිටියේ කඳවුර අතහැර පසුබසින ලෙසය. නමුත් එම පණිවුඩය ලැබෙන විට කිසිවක් යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි අවසන් හෝරාව එළඹ තිබුණි. ලුතිනන් අලදෙණිය පැවැසුවේ හැකි අයට තම ජීවිත බේරාගෙන කඳවුරෙන් පැනගන්නා ලෙසය.

නමුත් මම මේ තුවාලකරුවන් මෙතන දාල පලා යන්නෙ නැහැ. අන්තිම මොහොත වෙනකම් මම මෙතන සටන් කරනවා ඔහු ස්ථිර හඬකින් පැවැසීය.

මේ වන විටත් සංඥා මැදිරිය තුළ වූ දුරකථනය ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති අතර, කෝප්‍රල් රණසිංහ ඒ බව ලුතිනන් අලදෙණියට පැවැසීය. ලුතිනන් අලදෙණියගේ නියෝගය වූයේ දුරකථන සහ ගුවන් විදුලි උපකරණවල රැහැන් ගලවා සම්බන්ධතා විසන්ධි කරන ලෙසය එමගින් යම් හෙයකින් එල්.ටී.ටී.ඊ.ය එම ස්ථානයට ළඟා වුවහොත් එම උපකරණ මගින් පණිවුඩ නිකුත් කිරීම වැළැක්වීමට ඔහුගේ අරමුණ විය.

හතර වටින්ම කඳවුර තුළට ඇතුළු වූ කොටි කඳවුර තුළ සැරිසරමින් තම ගොදුරු සොයන්නට වූහ. කොටි තෙල් ටැංකියට එල්ල කළ ආර්.පී.ජී. ප්‍රහාරයෙන් තෙල් ටැංකිය ගිනිගෙන ඩීසල් ගලාගොස් ගොඩනැගිල්ල වටා ගින්නක් ඇති වෙන්නට විය.

මේ මොහොතේ දෙවන ලුතිනන් සාලිය අලදෙණිය රැඳී සිටියේ රූපවාහිනී මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළය. තවත් බලා‍පොරොත්තු තැබිමට කිසිවක්ම ඉතිරිව නොතිබුණි. ඉතාමත් දැඩි තීරණයකට ඔහු එළඹියේය.

ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රය අතට ගත් ඔහු ඉල්ලා සිටියේ තමන් සමග සමස්ත කඳවුරම විනාශ වන ලෙස ගුවනින් බෝම්බ හෙළන ලෙසය.

ටෙරාලට යටත් වෙන්නෙත් නැහැ. මගෙ තුවාල වුණ සෙබළ අත්හැර දාලා පලා යන්නෙත් නැහැ. ත්‍රස්තවාදීන් අතින් මැරුම්කන්නෙත් නැහැ. උන්වත් මරාගෙන මට මැරෙන්න ඕන ඒවා ලුතිනන් සාලිය අලදෙණියගේ අවසන් වදන් පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් ඇසුණේ එසේය.

මෙම රාත්‍රියේ කොකාවිල්හි සියලුම සබඳතා බිඳ වැටී සමස්ත කඳවුරම එල්.ටී.ටී.ඊ.යගේ අණසකට යටත්ව තිබුණි.

පුරා දින විසි හයක් සතුරාට යටත් නොවී නිරන්තර සටනක නිරතවූ කොකාවිල් වීර හමුදා භටයන් 1990 ජූලි 11 දින මධ්‍යම රාත්‍රිය වන විට නිසසල වූ බවක් පෙනී ගියේය.

කොකාවිල් ඉහළ අහස ගිඟුම් නංවමින් පියාසරන ප්‍රහාරක යානාවල ගුවන් ප්‍රහාර නොකඩවා කඳවුරට එල්ල විය. කඳවුර එකම ගිනි ජාලාවක් විය. ජූලි දොළොස්වන දින අලුයම් වෙද්දී කොකාවිල් හමුදා කඳවුරෙන් ඉහළට නැඟුන කළු දුම් රොටු හැරෙන්නට වෙන කිසිවක් ඉතිරිව නොතිබුණි. ලුතිනන් සාලිය අලදෙණිය, සැරයන් ඩිංගිරිබණ්ඩා ඇතුළු පිරිස එයින් පසු කිසිම දිනෙක කිසිවෙකුට ඇස නොගැටුණි.

රණබිමේදී සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව හා සිය බළකායේ අරමුණු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තම දිවි පිදූ වීර වික්‍රමාන්විත විරුවනට පමණක් පිරිනැමෙන පරම වීර විභූෂණ පදක්කම හමුදා  ඉතිහාසයේ මුල්වරට හිමි විය යුතුව තිබුණේ ලුතිනන් සාලිය අලදෙණියටය. එහෙත් එය මුලින්ම ලැබුණේ  සාලිය අලදෙණිය දිවි පුදා වසරකට පසු අලිමංකඩ ප්‍රහාරයේදී කොටි බුල්ඩෝසරය පුපුරවා හැරි කෝප්‍රල් ගාමිණී කුලරත්නටය. අවසානයේදී ජනපති ඩී.බි. විජේතුංග යුගයේදී ලුතිනන් සාලිය අලදෙණිය කපිතාන් නිලයට උසස් කර ඔහුගේ නමට පරම වීර විභූෂණ පදක්කම පිරිනැමුණි. සුදු සාරියක් හැඳගෙන පැමිණි සාලියගේ බිරිය ජනපති අතින් සැමියාගේ නමට පිදූ වීර පදක්කම ලබා ගත්තාය. ඒ පරම වීර විභූෂණ පදක්කම හෙවත් ත්‍රිවිධ හමුදාවේ අයෙකුට දිනාගත හැකි ඉහළම පදක්කමට හිමිකම් කියන කිසිම විරුවෙකුට හුස්ම ගනිමින් එම පදක්කම ගැනීමට නොහැකි වූ බැවිනි.

පීටර් කැනියුට් පෙරේරා

  1. කැප්පෙටි‍පොළ මහ දිසාවේ සුදුදාගේ අත්අඩංගුවට පත්වී අදට වසර 200යි
  2. දේශීය කිරි කර්මාන්තයේ විනාශය අත ළඟයි
  3. 1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි
  4. ලංකාවේ එකම සුනඛ සොහොන් පිටිය
  5. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  6. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  7. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  8. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  9. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  10. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  11. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  12. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  13. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  14. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  15. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  16. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  17. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  18. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  19. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  20. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  21. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  22. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  23. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා
  24. පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා
  25. හොඳ පුරවැසියෙක් සමාජයට දායාද කරන තැන දහම් පාසලයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.