lakbima.lk

සිංහ‍ලේ ජාතික වීරයන්ගේ නම් ලැයිස්තුව සිහිපත් කරන ඕනෑම මොහොතක එහි ඉහළින්ම වැජඹෙන නාමයක් වන්නේ මොනරවිල කැප්‍පොටි‍පොළ නමයි. ඒ ඔහු අපට සැබෑ වීරයෙකු බැවිනි.  ලංකාවේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහ‍ලේකම් තනතුර හෙබවූ මොනරවිල කැප්පෙටි‍පොළ ජාතියේ සැබෑ වීරයෙකු වන්නේ ඔහු බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව ලාංකිකයන් දියත් කළ 1818 විමුක්ති අරගලයේ ප්‍රධාන නියමුවා ඔහු වූ බැවිනි.

1818 ඔක්තෝබර් 28 වැනි දින කැකිරාව ග‍ලේවෙලට නුදුරු පරවනගම නිවසක සිටියදී - සිංහලයෙකු විසින්ම ඉංග්‍රීසීන්ට දෙන ලද ඔත්තුවකට අනුව කැප්පෙටි‍පොළ හා මඩුගල්‍ලේ යන නිලමේවරු ඉංග්‍රීසි හමුදා අතට පත් වූහ.

අනතුරුව කැප්පෙටි‍පොළ මහ නිලමේ යුද්ධාධිකරණය හමුවට පැමිණ වූ අතර, පළමු චෝදනාව වූයේ රාජාඥාවකින් රාජද්‍රෝහියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඌවේ හිටපු දිසාව වූ කැප්පෙටි‍පොළ නොහොත් මොනරවිල බ්‍රිතාන්‍ය මහරජාණන් වහන්සේගේ නීත්‍යානුකූල රජයට විරුද්ධව කැරැලි ගැසීමයි. දෙවැන්න උඩරට රජකමට උරුමකම් කියූ ව්‍යාජ රජෙකු යටතේ දියබෙත්මෙදී සිංහලයේ මහ අදිකාරම් ධුරය හොරාගෙන කටයුතු කිරීමයි.

තෙවැන්න කැරලිකරුවන් සමග එක්ව කැරැලි සංවිධානය කිරීමත් සිව්වැන්න මේ සියල්ල තුළින් බ්‍රිතාන්‍ය මහරාජාණන්ට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමයි.

ඒ චෝදනා අවසන ඉංග්‍රීසි ජාතික කර්නල් කෙලී කැප්පෙටි‍පොළ නිලමේගෙන් විමසුවේ මේ චෝදනා පිළිබඳ කීමට යමක් ඇද්ද යනුවෙනි. එහෙත් මොනරවිල අදිකාරම දුන් පිළිතුර නැත යන්නයි. 1818 නොවැම්බර් මස 16 දින මෙසේ යුදාධිකරණය හමුවේ වැරැදි කරු වූ මොනරවිල කැප්පෙටි‍පොළ අධිකාරම හා මඩුගල්‍ලේ නිලමේ 1818 නොවැම්බර් 26 වැනි දින බෝගම්බරදී හිස ගසා දමන්නට නියම විය.

ඉංග්‍රීසි ජාතික වෛද්‍ය මාර්ෂල් සෝයර්ස් කැප්පෙටි‍පොළ මහ නිලමේගේ අතිශය සමීප මිත්‍රයෙකු විය. එහෙත් ඔවුන්ටද මහ නිලමේගේ ඉරණම ගැන කනගාටුවෙනවා හැර වෙන කළ හැක්කක් නොවීය.  මා මැරෙන හැටි බැලීමට මා මිත්‍ර සෝයර්ස් මගේ ළඟට එන්න යැයි කැප්පෙටි‍පොළ මහ නිලමේ කළ ආයාචනය බාර ගැනීමට නොහැකි වීම ගැන සෝයර්ස් තද ශෝකයෙන් පසුවූ බවද ඉතිහාසයේ කියන්නේය.

පසුව සෝයර්ස් කැප්පෙටි‍පොළ මහ නිලමේගේ අවසන් මොහොත ගැන ලියූ සටහනක මෙසේ සඳහන් වේ. උදේ පාන්දර දළදා සමිඳුන් වැඳ ස්වකීය ඉණ සළුව දළදා සමිඳුට පුදා තමා නිතර භාවිත කළ ධම්ම පදය ‍පොත සෝයර්ස්ට පරිත්‍යාගකර වධ පිටියට ගොස් කොණ්ඩය සමග බෙල්ල පහත් කර එක කඩුපහරින් තමා මරණයට පත්කරන මෙන් වදකයාගෙන් ඉල්ලීය.

එදා කැප්පෙටි‍පොළගේ හිස ගසා දැමූ වධකයා වූයේ ඊරියගම කංකානමය. හිස ගසා දැමූපසු ‍ලේවිල මැද ශරීරයේ උඩුකුරුව නොව පපුව මත බෙල්ල තබා මෙන්න රාජාද්‍රෝහි කැප්පෙටි‍පොළ යැයි සිංහල ජනතාවට හඬ නගා ඉංග්‍රීසිහු පෙන්වා දුන්හ. කැරැල්ල හරිනොයාමෙන් රාජද්‍රෝහියෙකු වූ කැප්පෙටි‍පොළ ඒ සටනේදී ඉංග්‍රීසින් පරාජය කළේ නම් ජාතික වීරයෙකු හැටියට එවක මුළු ලෝකයේම ප්‍රකට විය හැකිව තිබූ බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් සෝයර්ස් පෙන්වා දී ඇත.

ඉහත කී අයුරින් මරණයට මොහොතකට පෙර දළදා සමිඳු වැඳ පුදාගත් කැප්පෙටිපාළ මහ නිලමේ එතෙක් තමා කළ පින්කම් සිහිපත් කිරීමෙන් අනතුරුව

ඉතෝ චුතෝහං වර ජම්බු දීපෙ

හිමාලයෙ හෙම්ම යම්හි කූටේ

කප්පායුකො දෙවපතීච හුත්වා

මෙන්තෙය්ය නාථ්‍යය සුනොමි ධම්මා

(මෙලොවින් චුතවී මා උතුම් දඹදිව හිමාල වනයෙහි ස්වර්ණ කූටයට කල්පයක් ආයුෂ ඇති දේව නායකයකුව ඉපිද මතු බුදුවන මෙතේ බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීමට හේතු වාසනාවේවා) යැයි ප්‍රාර්ථනා කළේය.

අනතුරුව ගහලයා දෙසට හැරී හා දැන් මම සූදානම් එක පහරින් මගේ හිස ගසා දමනු මැනවැයි කියා පන්සිල් සමාදන් වීමට ඉතිපිසෝ භගවා අරහං යැයි කියන විටම ගහලයා ඔහුගේ හිස ගසා දැමීය.

හිස ගසා දැමීමෙන් අනතුරුව මෙම කැප්පෙටි‍පොළ මහ නිලමේ සහ මඩුගල්‍ලේ නිලමේගේ දේහයන් බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබිය. මෙලෙස මෙම වීරයන්ගේ හිස් සිඳළු ස්ථානයේ බෝධියක් රෝපණය කරන ලදියි සඳහන් වේ. එය කැප්පෙටි‍පොළ බෝධිය ලෙස (මහනුවර කැප්පෙටි‍පොළ අනුස්මරණ ශාලාව ඉදිරිපිට ඇති බෝධිය) හැඳින්වේ.

කැප්පෙටි‍පොළ වීරයා මරණයට මුහුණදුන් අභීත බව දුටු වෛද්‍ය හෙන්රි මාර්ෂල් සෝයර්ස් කැප්පෙටි‍පොළ නිලමේගේ හා මඩුගල්‍ලේ නිලමේගේ හිස් කබල් ද්විත්වය එංගලන්තයේ එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට භාර දෙන ලදී.  කපාල විද්‍යා කෞතුකාගාරය විසින් කළ පර්යේෂණයන්ට අනුව එහි ප්‍රධාන විද්‍යාඥයා වූ වෛද්‍ය එස්.ඩබ්. ඔස්බන් හිල් කැප්පෙටි‍පොළගේ හිස් කබල ගැන සිය නිගමනය දෙමින් කියා සිටියේ එම හිස් කබල හිමි තැනැත්තා අතිශය විරළ ගණයේ වීරයෙකු වන බවයි.

කාලය ගතවිය. 1947 වසරේ නොවැම්බර් 26වන දිනය මෙරට වැසියන්ට විශේෂ දිනයක් විය. ඊට හේතුව එංගලන්තයේ යටත් විජිත භාර ‍ලේකම්වරයා විසින් ඒ වීර පුරුෂයාගේ    හිස් කබල ලංකාවට භාර දීමයි. ඉන් පසු කැප්පෙටි‍පොළ නිලමේගේ තෙවැනි පරපුරේ සාමාජිකයකු වූ උපාලි කැප්පෙටි‍පොළ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් හා එවකට පැවැති ජාතික පුවත්පත් විසින් කළ වාදවිවාද උද්ඝෝෂණ  ආදියේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස 1954 ඔක්තෝබර් 05 වන දින නිදහස් මන්දිරයේ දී කැප්පෙටි‍පොළ මහ නිලමේගේ හිස් කබල මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

ඉන් අනතුරුව 1954 නොවැම්බර් 16වන දින බදුල්‍ලේදී මහජන ප්‍රදර්ශනයට තැබූ හිස් කබල 1957 නොවැම්බර් මස 17 වන දින විශේෂ පෙරහරකින් මහනුවරට රැගෙන එන ලදී.  1954 වසරේ නොවැම්බර් මස 26 දා උදෑසන මහනුවරට නව උදාහිරක් උදා වූ ලෙස හැඟෙන්නට වූවේ ඒ මහා වීරයාගේ හිස් කබල විශේෂ රථ පෙරහරකින් දළදා වීදිය, මාලිගා චතුරස්‍රය, බෝගම්බර හිර ගෙදර මාවත, සඟරාජ මාවත ඔස්සේ මහමලුවට ළඟා වීමය.

මේ අවස්ථාව මෙරට වැසියාට සදා අමතක නොවෙන අවස්ථාවක් විය. එහිදී පැවැත් වූ උත්සව අවස්ථාව අමතමින් පූජ්‍ය යටිගම්මන විමලඥාන හිමියන් උඩරට මහ කැරැල්ල හා බැඳුණු කැප්පෙටි‍පොළ මහ නිලමේගේ භූමිකාව යන මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වූහ.

ඉන් පසු කැප්පෙටි‍පොළ වීරයාගේ මී මුනුපුරෙකු වූ එල්.බි.එම්. කැප්පෙටි‍පොළ විසින් කැප්පෙටි‍පොළ මහ නිලමේගේ හිස් කබල සහිත විශේෂ වීදුරු මංජුසාව මහනුවර දළදා මලුවේ ඉදිකළ ස්මාරකය අසලට රැගෙන පැමිණි අතර, කුඩා බණ්ඩා නුගවෙල දියවඩන නිලමේතුමා හිස් කබල සහිත විශේෂ වීදුරු මංජුසාව, ස්මාරකයෙහි රාජ්‍ය ගෞරව සහිතව තැන්පත් කළේ ආචාර වෙඩිමුර මෙන්ම මළබෙර වැයීම්ද මධ්‍යයේය.

සඳරැසී සුදුසිංහ

  1. ලංකාවේ යුද ඉතිහාසය නිවැරදි කරමින් කපිතාන් අලදෙණියගේ කතාව එළිදකී
  2. කැප්පෙටි‍පොළ මහ දිසාවේ සුදුදාගේ අත්අඩංගුවට පත්වී අදට වසර 200යි
  3. දේශීය කිරි කර්මාන්තයේ විනාශය අත ළඟයි
  4. 1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි
  5. ලංකාවේ එකම සුනඛ සොහොන් පිටිය
  6. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  7. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  8. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  9. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  10. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  11. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  12. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  13. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  14. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  15. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  16. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  17. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  18. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  19. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  20. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  21. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  22. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  23. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  24. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා
  25. පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.