lakbima.lk

මුස්ලිම් අන්තවාදීන් මරා දැමූ ඔපරේෂන් සයින්තමරුතු

සාමයේ ගීතිකාව වැයෙමින් තිබුණේ යන්තමින් වසර දහයකට ආසන්න කාලයක් පමණි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ රටේ නැගෙනහිර පළාතේ මඩකලපුවේ කාත්තන්කුඩිය නගරයට වී  සහරාන් හෂීම් 2011 වසරේ පටන් වපුරමින් සිටියේ අන්තවාදයයි. එහි ගම්මු වහාබ් දර්ශනය පිළිනොගන්නා විට  සහරාන්ගේ පිරිස අවි අතට ගනිමින් අනෙකුත් මුස්ලිම් මතවාද මර්දනය කිරීමට මුල පුරන්නේ 2017දීය.

එම වසරේම මාර්තු 10 වැනිදා කාත්තන්කුඩියේ ඇති වූ එවැනි අවි ගැටුමක් දුරදිග ගොස් ජාතික තව්හිද් ජමාත් සාමාජිකයෝ 9 දෙනෙක් සහ බද්රියා පල්ලියේ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූහ.

එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ සහරාන්ගේ සොහොයුරාද සිටියේය. ඔවුහු මාස 7කින් හිරෙන් නිදහස ලබා නැවත සමාජගත වූහ. සහරාන් කාත්තන්කුඩියෙන් ඔබ්බට වූ ගමනක් කල්පනා කළේ එතැන් පටන්ය. ඔහු පොලීසියට කට්ටි පනිමින් අන්තවාදයේ පරතෙරට යාමට පටන් ගත්තේය.

කතාවෙන් සිය අනුගාමිකයන් වසඟයට ගත් සහරාන් හෂීම් ඔහුගේ අන්තවාදයේ උපරිම ඵල නෙළා ගැනීමට එම හැකියාව යොදා ගත්තේය. 2019 අපේ‍්‍රල් 21 වැනිදා උදෑසන ලොවම සලිත කරමින් මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවට නායකත්වය දෙන්නේ සහරාන් හෂීම්ය.

මෙම ප‍්‍රහාරය එල්ල වීමත් සමග මෙරට ආරක්ෂක අංශ කඩිගුලක් ඇවිස්සුනාමෙන් වුයේය. ඔවුහු එතෙක් නම් ගම් පිටින් තිබූ අන්තවාදී ප‍්‍රහාර සැකකරුවන්ගේ තොරතුරු ලූ‍හුබඳින්නට වූහ.

නමුත් සහරන් හෂීීම්ලා ප‍්‍රහාර සැලසුම ක‍්‍රියාත්මක කරන තුරුම කළබලවුයේ නැත. ප‍්‍රහාරයෙන් පසුව තම සමීප අන්තවාදීන් හා දෙවැනි, තෙවැනි ප‍්‍රහාර ලෙස සැලසුම් කරන මරාගෙන මැරෙන ප‍්‍රහාර පිළිබ`දව ඔවුහු කල් තබා සැලසුම් සකස් කළහ.

දෙවැනි ප‍්‍රහාරයක් පිළිබ`දව ඉන්දීය රෝ බුද්ධි සේවය ලංකාවේ රජ්‍ය බුද්ධි සේවය දැනුවත් කරන්නේ මේ නිසාය. ප‍්‍රහාරයට පෙර මරාගෙන මැරෙන කණ්ඩායමේ දෙවැනි ප‍්‍රහාර සැලසුමේ සිටින කණ්ඩායම හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මීගමුවේ එතෙක් නවාතැන් ගත් ස්ථානයෙන් පිටත්ව පුපුරන ද්‍රව්‍ය සහ අනෙකුත් අවි ආයුධ උපකරණ අම්පාරේ රැගෙන අම්පාරේ සමන්තුරෙයි දක්වා පැමිණ තිබුණේ ප‍්‍රහාරයට දින දෙකකට පෙරය.

ඒ වනවිටත් සහරාන් හෂීීම් ඇතුළු ත‍්‍රස්ත කල්ලිය මෙම ත‍්‍රස්ත කටයුතු පවත්වාගෙන යාම සඳහා ෆවුස් මාවත, සෙන්ට‍්‍රල් ග‍්‍රාමම් සමන්තුරෙයි නිවස, අංක 48 දෙවැනි පටුමග නින්දවුර් නිවස සහ අංක 09 බොලිවේරියන් විලේජ්, සයින්තමරුතු නිවස කුලී පදනම මත ලබාගෙන තිබිණි.  ඒ සෑම නිවසක්ම ලබාගෙන තිබුණේ රුපියල් 50000කට හෝ ඊට වැඩි කුලී මුදලකටය.

අදාළ ආරක්ෂිත කුලී නිවස්න තෝරා ගැනීමේදී ත‍්‍රස්තවාදීන් තවත් සැලකිල්ලකට ලක්කර තිබුණේ ඒ අතර ඇති දුර ප‍්‍රමාණයයි. සමන්තුරෙයි, සයින්තමරිතු හා නින්දවුර් එකිනෙකට සමාන දුරින් පිහිටයි. කිලෝමීටර් අටක් පමණ ගෙවා දැමීමෙන් මිනිත්තු 13 හෝ 14ක කාලයක් තුළ ඒ සෑම තැනකටම ළගාවීමේ හැකියාව තිබිණි. එසේම ඒ තෝරාගැනීමේ ස්ථාන සිතියමක ලකුණු කළවිට ත‍්‍රිකෝණාකාර හැඩයකි.

මේ අතරවාරයේ සිදු වූ අනෙක් විශේෂත්වය වූයේ වනාතවිල්ලූ‍වේ තව්හිද්  ජමාත් ත‍්‍රස්ත පුහුණු කඳවුරේ සිට නැවත සමන්තුරේ දක්වා  ප‍්‍රවාහනය කළ බවට සැකකරන පුපුරන ද්‍රව්‍ය ගෙනගිය ලොරි රථයේ රියැදුරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමය. මෙම අත්අඩංගුවට ගැනීම සදහා තොරතුරු ලබා දී තිබුණේ මෙම ත‍්‍රස්ත කල්ලියටම සම්බන්ධ වී ඉන් කැඞී ගිය ත‍්‍රස්ත සැකකරුවෙකි.

රියැදුරුගේ අදාළ තොරතුරු ඔස්සේ සමන්තුරේ දක්වා පුපුරන ද්‍රව්‍ය ගෙන ගොස් ගොඩ බෑ ස්ථානය පිළිබදව පොලීසියට ඉව වැටිණි. මම හිතුවේ ඒවා තීන්ත බැරල් කියලා අදාළ රියැදුරා පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී පවසා තිබිණි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ උණුසුමෙන් රටම තැතිගත් හෙයින් පොලිස් ඇඳිරි නීතිය පැනවීම වැනි ආරක්ෂක ක‍්‍රියාදාමයන් නිසා අම්පාර ඇතුළු නැගෙනහිර ප‍්‍රදේශයන්ට එම උණුසුම දැනෙන්නට පටන්ගෙන තිබිණි. එතෙක් මෙම මෙහෙයුමේ බොහෝ කටයුතු ඉටු වූයේ පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මැදිහත් වීමෙනි.

26 වැනි සිකුරාදා සවස 4ට පමණ අම්පාර ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේටද ඇමැතුමක් ලැබිණි. ඒ අම්පාර ප‍්‍රදේශය භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකරගෙනි.              

සමන්තුරේ සැකකටයුතු නිවෙස පිළිබද ලද හෝඩුවාව සහ එය පරීක්ෂා කිරීමට යාම පිළිබදව පොලිස් අධිකාරිවරයා යුද හමුදාව දැනුවත් කළේය. අදාළ පරීක්ෂා කිරීම් සදහා 24 සේනාංකයේ මැදිහත්වීම සිදුවූයේ ඒ අනුවය.

යුද හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කරමින් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අදාළ සෝදිසි කිරීම් සඳහා හමුදා කණ්ඩ ස්ථානගත කළේය. 241 වැනි බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි යටතේ පවතින 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවට එහි වගකීම් පැවැරෙන්නේ ඒ අනුවය.

සමන්තුරේ පිහිටි අදාළ සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමට මුලින්ම 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් දහම් ධර්මසේන ඇතුළු සෙබළ කණ්ඩායම, පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්) සහ බුද්ධි අංශ මෙන්ම සමන්තුරේ පොලීසිය ඒකාබද්ධව මැදිහත්වුහ. අදාළ නිවස වටලා සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කෙරිණි.

නිවසේ හිමිකරුගේ දියණියගේ පේ‍්‍රමවන්තයකුට ලබාගන්නා ලෙස මෙම නිවස කුලියට ගැනීමට ත‍්‍රස්තවාදීන් සමත්වී තිබිණි. තට්ටු නිවාසයක දකුණුපසින් වු ගරාජ කොටස සම්පුර්ණයෙන්ම වනාතවිල්ලූ‍ව හෝ වෙනත් ස්ථානවලින් ගෙනා පුපුරන ද්‍රව්‍ය බැරල්වලින් පිරී ගොස් ඇති අයුරු එහි ඇතුළු වූ සෙබළුන්ට දැකගත හැකි විය. ‌ජෙලග්නයිට් කූරු, බෝම්බ කට්ටලවලට යොදන පරිපථ, ස්විච, රැසක් සමග වැදගත් හෝඩුවාවන් රැසක් හෙළිවූයේ මෙම නිවස තුළිනි.

මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ සමාජ ජාලා ඔස්සේ කරළියට ආ සහරාන් හෂීම් ඇතුළු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන සාමාජිකයන්ගේ වීඩියෝව පටිගත කර තිබුණේ මෙම ස්ථානයේය.

ඊට යොදා ගත් දර්ශන තලය, අයි.එස්.අයි.එස් කොඩිය, අදාළ අවස්ථාවේ මිනිස් බොම්බකරුවන් ඇදසිටි ඇඳුම් ආයිත්තම් රැසක් මෙම ස්ථානයේ තිබී හමුවිය.  මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි අතුල රත්නායක, පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර ඇතුළු නිලධාරීන්ද වහාම අදාළ ස්ථාන කරා ළගාවී සෝදිසි මෙහෙයුම මෙහෙයවූහ.

බැලූ‍ බැල්මටම දෙවැනි ප‍්‍රහාරයක් නොව තවත් ප‍්‍රහාර වැලකට අවශ්‍ය තරම් පුපුරන ද්‍රව්‍ය  ඕනෑවටත් වඩා මෙම ස්ථානයේ තිබිණි. එම ස්ථානයෙන් තවත් අභිරහසක් එළියට පැන්නේය.

ඒ 2018 නොවැම්බර් 30 වැනිදා මඩකළපුව වව්නතිව් පොලිස් මුරපොළට ප‍්‍රහාර එල්ල කොට ගාල්ල උඩුගම නිරෝෂන් ඉන්දික (82162) සහ කල්මුණේ පෙරියනිලාවනේ පදිංචිව සිටි ගනේෂ් දිනේෂ් (8624)  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් කවුද යන්නයි.

ඊට සාක්ෂි සපයන ටී.56 ගිනි අවිය ත‍්‍රස්තවාදීන්ගේ‌ මෙම ආරක්ෂිත නිවස්නයේ තිබිණි.  නමුත් මෙම අවිය හමුවන තුරු අදාළ ඝාතයන බැරවී තිබුණේ හිටපු කොටි සාමාජිකයන්ටය. ඒ වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේද හිටපු කොටි සාමාජිකයන්ය.

ඝාතන කරන විට එල්.ටී.ටී.ඊ. ය  මනුස්සයෙක් මරලා අයේ  වද දීමේ ක‍්‍රමයක් අනුගමනය කරන්නෙ නැහැ. ඇස් උගුල්ලා කපා කොටා වෙඩිතබා තිබූ පොලිස් ඝාතනය මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් වෙන්න පුළුවන් යැයි රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලබා දුන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් එකල කෙළින්ම  පවසා තිබුණි. නමුත් සැකය හිටපු කොටි පිට පටවා සහරාන්ලා ඔවුන්ගේ මිනීමැරීමේ ආත්ම ශක්තිය ඒ තුළින් රහසිගතවම අවදි කරගත්හ.

මේ වනවිට 24 සේනාංකය යටතේ සිටින භට පිරිස් ස්ථානගත කිරීමට මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ උපදෙස් දුන්නේය. 24 සේනාංකයේ කර්නල් මාණ්ඩලික නිලධාරි ලූ‍තිතන් කර්නල් තුසිත කරුණාරත්න, මාණ්ඩලික නිලධාරින් වන ලූ‍තිතන් කර්නල් ඉන්දික ජයවීර සහ ලූ‍තිතන් කර්නල් කෙවින් පෙරේරා ඊට පෙරමුණ ගෙන ක‍්‍රියා කළහ.

ලූ‍තිතන් කර්නල් ඉන්දික ජයවීර කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි කර නියෝජනය කිරීමත්, ලූ‍තිතන් කර්නල් කෙවින් පෙරේරා විශේෂ බළකාය නියෝජනය කිරීමත් නිසා මෙම මෙහෙයුම ස`දහා විශේෂ බළකා සහ කොමාන්ඩො සෙබළුන්ගේ සම්බන්ධීකරණයන් ඉතා පහසුවිය.

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අදාළ විශේෂ හමුදා ඒකක මෙම මෙහෙයුමට සම්බන්ධ කිරීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ අනුව තුන්වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් විපුල බණ්ඩාරත්, පළමුවැනි කොමාන්ඩෝ බළකායේ මේජර් ගිවන්ත අධිකාරි ඇතුළු කණ්ඩායම සහ යුද හමුදා පුහුණු පාසලේ 6 වැනි සිංහ රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරි කපිතාන් ධම්මික ජයතිලක මෙම සෝදිසි මෙහෙයුමට සම්බන්ධ වීමට භට පිරිස් සමග පිටත් වූහ.

ඒ වනවිට සෝදිසි මෙහෙයුමට එක්ව සිටි 3 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරි මේජර් රජිත සුදුසිංහ තම සෙබළු හය දෙනෙකු සමග එක්ව සිටියේ දෙවැනි සැකකටයුතු නිවස පරීක්ෂා කිරීම ස`දහා පොලිසියට සහය වෙමිනි.

සමන්තුරේ පරීක්ෂා කිරීම් අතරවාරයේ ලද තොරතුරු අනුව සැකකටයුතු ත‍්‍රස්තවාදීන් ඔබමොබ ගිය බවට සැකකරන වාහනයක් පිළිබදව තොරතුරු ලැබුණු පොලීසිය ඒ අදාළ තොරතුරු වහාම යුද හමුදාව සමග බෙදා ගත්තේය. ඒ අනුව කල්මුණේ පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ජයනෙත්ති සහ මේජර් රජිත සුදුසිංහ ඇතුළු භට කණ්ඩායම නින්දවුර් දෙවැනි පටුමගේ නිවස සහ සැකකටයුතු වාහනය තිබෙන ස්ථානයේ සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කළහ.

ත‍්‍රස්තවාදීන් ගමන්ගත් වෑන් රථය සොයාගත් ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙවැනුව ත‍්‍රස්තවාදීන් රැදී සිටි නිවස පරීක්ෂාවට ලක්කළහ. අදාළ නිවස ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ පරිපාලන මුලස්ථානය ලෙසය. තවුහිද් ජමාත් සංවිධානයට අයත් පරිගණක, ආහාරපාන වර්ග, ලිපි ලේඛන, සීඞී, පෙන්ඩ‍්‍රයිව් ඇතුළු උපකරණ රැසක් එහිවිය. අනෙක් අතට එහි විශේෂත්වය වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් කරන බෑග් දෙකක්ද එහි තිබී සොයා ගැනීමයි. මුදල් සී සී කඩව තිබුණි. රුපියල් කෝටි ගණනක මිලියන 5 මුදල් බණ්ඩල තොගයක් මෙම ස්ථානවලින් සොයාගැණිනි.

මෙම සෝදිසි මෙහෙයුම අතරවාරයේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ජයනෙත්තිට රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් ඇමැතුමක් ආවේය. ඒ විශේෂ තත්ත්වයක් ගැනය.

මුස්ලිම් වැසියෙක් මට කිව්වා සයින්තමරුතු සැකකටයුතු නිවසක් අසලින් වෙඩි හඩක් ඇසුනාය කියලා. අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් එම ස්ථානය පිළිබද සැක හැර දැනගත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයනෙත්ති ඔහු සමීපයේ සිටි මේජර් සුදුසිංහට ඒ බව කීවේය.

යුද හමුදා කැබ් රථය විදුලි වේගයෙන් සයින්තමරුතු බොලිවේරියන් සුනාමි ගම්මානය බලා පැමිණියේ ප‍්‍ර.පොලිස් පරීක්ෂක ජයනෙත්තිද අදාළ කැබ් රථයටම දමා ගනිමිනි. මේජර් සුදුසිංහ සහ සෙබළු කණ්ඩායමක් එහි වූහ. මේ ගමන අතරවාරයේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ දක්වාම අදාළ උසස් නිලධාරීන් දැනුවත් කිරීමට මේජර් සුදුසිංහ කටයුතු කර තිබුණේය.

අදාළ කාලය ත‍්‍රස්තවාදීන් ප‍්‍රයෝජනයට ගෙන තිබුණේ තවත් වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහාය. දැන් නැතිවට දැන් වටලා පහරදෙනු ඇතැයි විශ්වාස කළ ත‍්‍රස්තවාදියෝ සිය දරු මල්ලන්ද සමග එකට එක්ව තවත් වීඩියෝවක් පටිගත කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූ සිය සගයන්ගේ බිරින්දෑවරුන්ද මෙම ස්ථානයේ සිටි බව පවසමින් බෝම්බ බඩ බැඳගෙන සමාජ මාධ්‍යට මුදා හැර තිබූ අදාළ වීඩියෝ තුනේ බෝම්බ නිෂ්පාදනය සදහා දායක වූ මහ මොළකරු බව සැකකරන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රන් ආභරණ අලෙවිසලක හිමිකරු (බෝම්බ නිෂ්පාදනයේදී ඇගිලි කැඞීගොස් ඇතිබවට සැකකරන) ත‍්‍රස්තවාදියා, සහරාන් හෂීම්ගේ පියා සහ සහෝදරයාද වූහ.

යුද හමුදා සෙබළුන් එහි ළගාවත්ම නිවසේ සැගවී සිටි ත‍්‍රස්තවාදීයෝ සෙබළු දෙසට වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කළහ. නිවස දෙසින් විශාල පිපිරුමක් සිදුවූයේ ඊට සමගාමීවය. මේ සමගම ක‍්‍රියාත්මක වූ හමුදාව අසල රැස් කමින් සිටි ජනතාව වහා ඉවත් කරමින් ත‍්‍රස්ත ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඒ වනවිට රාත‍්‍රි 7.30ට  පමණ ඇත. ඇඳිරිවැටීම නිසා ත‍්‍රස්තවාදීන් පහර දෙන්නෙ කොහි සිටද යන්න ගැන පවා නිශ්චය කර ගැනීම අපහසු වී තිබිණි. හමුදාව පිපිරීම් සිදුවන නිවස දෙසට මීටර් හැත්තෑපහක් පමණ ළංවිය. ඒ සමගම දෙවැනි පිපිරුමද සිදුවිය.

පළාතම බෝම්බ හඩින් ගිගුම් දුන්නේය. හමුදාව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියට මෙහෙයුම ක‍්‍රියාත්ම කළා පමණි. වෙඩි හඬ මැදින් තෙවැනි පිපිරීමත් සිදුවිය.  මේ වනවිට 24 සේනාංකයේ අතිරේක සෙබළ කණ්ඩායම්  අදාළ ස්ථානයට ළාගාවෙමින් සිටියහ.

ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ සුදුසිංහ ඇතුළු කණ්ඩායම  මුලින්ම ඉලක්කගත කළේ නිවසින් ඉදිරියට පැමිණ වෙඩිතබමින් සිටි ත‍්‍රස්තවාදියාය. කළුවරේ වුවද  පළමුව අදාළ ත‍්‍රස්තවාදියාගේ පාදයක් ඉලක්ක කර ගැනීමට යුද හමුදා සෙබළු සමත්වුහ. නමුත් වෙඩි ප‍්‍රහාරය නොනැවතී පැවැතිනි. ත‍්‍රස්තවාදීන් තුන් දෙනෙක් හමුදාව ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළහ.

ඔවුන් ලේසර් උණ්ඩ යොදාගෙන මෙම ප‍්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි. පාදයට වෙඩි වැදී ඇද වැටුණු ත‍්‍රස්තවාදියා කෙමෙන් සිය අවිය නිහඬ කළද තවත් ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් නොනවත්වා වෙඩි තැබුහ. එක් හමුදා කණ්ඩායමක් සැකකටයුතු නිවසට ඉදිරිපසින් ක‍්‍රියාත්මක වෙද්දී තවත් කණ්ඩායමක් නිවස පිටුපසින් ක‍්‍රියාත්මක වූයේය. ඊට නායකත්වය දුන්නේ කපිතාන් නවරත්න ඇතුළු කණ්ඩායමයි.

මෙම සැකකටයුතු නිවසේ සිටි ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් එකවරම දුවනවා දුටු බව ඉදිරිපස සිටි සෙබළු කීහ. ඒ අනුව මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි අදාළ සෙබළු ස්ථානගත කෙරිණි. ඒ වනවිට අතිරේක බලඇණි අදාළ ස්ථානය කරා ළගා වී තිබුණෝය.

එකවරම නිල් පැහැති ස්කූටි යතුරු පැදියක නැගී සැකකටයුතු තිදෙනෙක් පලායාමට උත්සාහ කළහ. නමුත් වෙඩි වැදි තුවාල ලැබූ හා තවත් සැකකරුවෙකු යතුරුපැදිය වේගයෙන් ධාවනය කරවුවද එම යතුරු පැදියටම නැග ගැනීමට උත්සාහ කළ අනෙක් ත‍්‍රස්ත සැකකරුට ඊට නැගගැනීමට නොහැකිවිය. වෙඩි හුවමාරුව මැදම මෙම සැකකරු ජීවග‍්‍රහණයෙන් අල්ලා ගැනීමට යුද හමුදාව සමත්වූයේය.

නමුත් මෙහෙයුමේ කෙළවරක් නැත. ඝන අදුරේ වෙඩි හුවමාරුව තවම තිබේ. මද වේලාවක් යනවිට වෙඩි හඩ නැවැතිනි. ප‍්‍රහාර එල්ල කරමින් සිටි ත‍්‍රස්තවාදීන්ට මරු තුරුළට යාමට තවත් කල් වේලා නොගියා මෙන්ය.

ඒ වනවිට 24 සේනාංකයේ මාණ්ඩලික නිලධාරී කොමොන්ඩෝ රෙජිමේන්තුවේ ලූ‍තිතන් කර්නල් ඉන්දික ජයවීර ඇතුළු සෙබළ පිරිස්ද එහි ළගා වී සිටියහ. සෝදිසි කිරීම් අදාළ සැකකටයුතු නිවස දක්වා යොමුවුයේ ඒ අනුවය. හමුදා යුනිකෝන් රථයක් මුලින්ම අදාළ නිවස අසල දක්වා රියැදුරු හා තවත් සෙබළකු සමග පමණක් ධාවනය කෙරිණි. නමුත් කිසිදු ප‍්‍රතිප‍්‍රහාරයක් නොවීය. ඒ අනුව නිලධාරීන් ඇතුළු සෙබළ කණ්ඩායමක්ම යුනිකෝන් රථයෙන් අදාළ නිවස අසලටම ගොස් තවත් ප‍්‍රහාරයකට ඇර ඇදීමක් තිබේදැයි සැකහැර දැනගත්හ.

මුලින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි ත‍්‍රස්තවාදියා ටී-56 ගිනි අවියත් සමග නිවසට ඉදිරිපිටින් පාර මැද මැරී වැටී සිටියේය. කිසිවෙකුත් නිවාසවලින් එළියට පැමිණියේ නැත. රාත‍්‍රියේ ඒ දක්වා වූ මෙහෙයුමේ සවිස්තරයක් 24 සේනාංකාධිපතිවරයා ඒ සැනින් යුද හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් මහේෂ් සේනානායකට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

ත‍්‍රස්තවාදීන් දෙදෙනකුගේ සිරුරු පෙනෙන්නට තිබෙනවා. හමුදාවේ කිසිදු සොල්දාදුවෙකුට සීරීමක්වත් නැහැ. අදාළ නිවස දැනට වටකර තිබෙනවා යැයි මේජර ජෙනරාල් මහින්ද මුදලිගේ සිද්ධිය වූ ස්ථානයේ සිට යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.

රාත‍්‍රියේ මෙහෙයුම කරගෙන යාමෙන් ගැටලූ‍ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැනට ප‍්‍රති ප‍්‍රහාරයක් නැත්නම් වටකරලා තියාගෙන ඉදලා ආපහු උදේට පටන් ගන්න යැයි යුද හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් මහේෂ් සේනානායක 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේට උපදෙස් දුන්නේය. සිවිල් තුවාලකරුවන් නොමැතිවීමටත් යුද හමුදාවේ සෙබළුන්ට කිසදු හානියක් සිදු නොමැතිවීමටත් එම උපදෙස් හේතුවක් විය.

පසුදා උදෑසන හයට නැවත සෝදිසි මෙහෙයුම ආරම්භ වූයේ යුද හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේද මැදිහත්වීමෙනි. අදාළ පුපුරුවාගැනීම් සිදු වූ නිවසට අලලා සාදා තිබූ අනෙක් නිවසින් යුද හමුදාව සෝදිසි කිරීම් ආරම්භ කළේය. පෙරදින රාත‍්‍රියේ හමුදා ප‍්‍රහාරයෙන් මියගිය ත‍්‍රස්තවාදීන් තිදෙනෙකුගේ සිරුරු තැන තැන වැටී තිබිණි. එක් ත‍්‍රස්තවාදියෙකුගේ සිරුරක් වූයේ නිවසේ වහළ මතය. නමුත් පිපිරුම සිදු වූ නිවසට එකවර ඇතුළුවීමට යුද හමුදා බෝම්බ නිශ්කි‍්‍රය අංශ පවා මැළිවූයේය. ඊට හේතුවූයේ ඒ වනවිටත් නිවස දැඩි රස්නයකින් යුතු වීමයි. නමුත් මේජර් සුදුසිංහ අදාළ නිවසේ පිටුපස දෙසින් ගොස් ඇතුළට එබී බැලූ‍වේය.

 මිනිස් බෝම්බවලින් දැවී අළු ‍වී ගිය ත‍්‍රස්තවාදීන් සිටි නිවසේම පිටුපස කාමරයේ වහල කඩා වැටී තිබිණි. ඒ අතර දෑස් විවරකරගත් කුඩා සි`ගිත්තියක එකවරම නෙත ගැටීමෙන් මේජර් සුදුසිංහ වික්ෂීප්ත වූයේය. පෙරදා බෝම්බ පිපිරී ගිනියම් වු නිවසේ සිටින කුඩා දැරිය දෑස් විවරකරගෙන මියගොස් සිටින දැරියකදැයි ඔහු දෙවරක් සිතන්නට වූයේය. නමුත් ඒ නිමේෂයට හමුදා නිලධාරියා දෙස බලාගෙනම දැරිය අම්මා, මා.. මා.. යැයි වචන කිහිපයක් ගැට ගසන්නට උත්සාහ කළාය.

ඒ ඇය අසලම වැටී සිටි තවත් කාන්තාවක් දෙසට නෙත් යොමු කළත් ඒ කාන්තාව ජීවතුන් අතර සිටී දැයි නිශ්චයක් නොවීය. නමුත් බෝම්බ නිශ්කි‍්‍රය අංශ පවා බාධා කරද්දී හිත උණු කරගත් මේජර් සුදසිංහ කුඩා දරු ස`ිගිත්තාව නිවසින් එළියට ගත්තේ ජනේලයක ග‍්‍රිල් ඒකක් ගලවා දමමිනි. ඇයව වහා රෝහල්ගත කිරීමට ගිලන් රථය දක්වාම ඔසවාගෙන ආවේද ඔහුය. අනතුරුව අනෙක් කාන්තාවද වහාම රෝහල් ගතකිරීමට කටයුතු කෙරිණි.

මෙසේ යුද හමුදාව දිවි ගලවා තිබුණේ බෝම්බ ප‍්‍රහාර මාලාවක් සැලසුම්කොට මිනිස් ජීවිත 253ක් බිලිගත් ත‍්‍රස්ත නායක සහරාන් හෂීම්ගේ සිවු හැවිරිදි දියණිය සහ කුරුණෑගල කැකුණවෙල පදිංචිකාරියක වූ ඔහුගේ බිරිඳ මොහොමද් හාදියාය. ඔවුන් අම්පාර මහ රෝහලට ප‍්‍රතිකාර ස`දහා ඇතුළත් කෙරිණි. ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරී තිබේ.

අදාළ නිවස හා ඒ අවට පරීක්ෂා කිරීමේදී සොයාගත් මළ සිරුරු ගණන 15කි. ඒ අතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බවට සැකකරන වැඩිහිටි පිරිමි මළ සිරුරු හයක්,  කාන්තා මළ සිරුරු තුනක් සහ දරුවන් හයදෙනෙකුගේ මළ සිරුරු වූහ.  ඒ අතර සහරාන් හෂීීම්ගේ පියාවන  මොහොමඞ් හෂීම්, සහෝදරයන් දෙදෙනා වූ සයිනි හෂීම් සහ රිල්වාන් සහීම්, අට හැවිරිදි ඔහුගේ පුතා සහ රිල්වාන්ගේ බිරි`ද නෆ්හා ද සිටිති. අනෙක් මරුමුවට පත් කාන්තාවන් දෙදෙනා කටුවපිටිය සහ මඩකළපුව සිවොන් දේවස්ථානයට ප‍්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් බවට පොලීසිය සැක කරයි.

රමේෂ් වරල්ලෙගම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.