lakbima.lk

සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා

මහා සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ හැලි වළං අල්ලන දැලි කඩක් නොකර සියලූ භික්ෂූන් වහන්සේලා ඒකරාශී කර ජාතික ප‍්‍රතිපත්තියක් මත ඉදිරියට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අස්ගිරි මහා නාහිමියන්ගෙන් ඉල්ලා සිටි බව සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවල චන්ද්‍රරතන හිමියෝ පැවැසූහ.
මාගල් කන්දේ සුදන්ත හිමියන්,  බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනීයේ නන්ද
හිමියන්, සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමි, මාපනේ සුමනවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් පෙරේදා (03 දා) අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැදැක ගලගොඩඅත්තේ ඤාණසාර  හිමියන්ගේ වත්මත් තත්ත්වය පිළිබ`දව මහානාහිමියන්ට දැනුම් දුන්හ.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියෝ මෙසේද කීහ.
‘‘අපි අද අස්ගිරි මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවී පවසා සිටියේ දේශපාලනඥයන්ගේ හැලි වළං අල්ලන දැලි කඩක් ලෙස සිවුර පාවිච්චි කරන්නේ. ඒ නිසා අප මහා නාහිමිවරුන්ගෙන්  ඉල්ලා සිටියේ මේ චීවරය දේශපාලනඥයන්ගේ දැලි කඩක් නොකර සියලූ භික්ෂූන් වහන්සේලා එකට රැස්කර එක ජාතික ප‍්‍රතිපත්තියක් මත වැඩකරන වැඩපිළිවෙළක් සකස් කිරීමට උන් වහන්සේලාගේ නායකත්වයෙන් කටයුතු කරන්න කියලා. උන්වහන්සේලා අප ඉදිරිපත් කළ එම අදහසට එක`ග වුණා. පක්ෂ පාටවලට බෙදෙන භික්ෂු ශාසනයක් ඉදිරියට පවත්වාගෙන යන්න කටයුතු කිරීම වළක්වන්න කටයුතු කරන්න කියලා අප උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා.  ඤාණසාර හිමියන්ට නීතිය ක‍්‍රියාත්මක කළා නම් ඇලෝසියස්ට, විජයකලාට සහ  අධිකරණයට ගල් ගැසූ රිශාඞ් බදුර්දීන්ටත් නීතිය ක‍්‍රියාත්මක විය යුතු’’ බව ද උන්වහන්සේ පැවැසූහ.
මාගල්කන්දේ සුදන්ත හිමි,
‘‘දේශපාලන සිරකරුවකු බවට පත්ව ඇති ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඉතාමත් අසාධාරණ ලෙස මේ වන විට සිර ද`ඩුවම් විඳිනවා, උන්වහන්සේට සැබෑ ලෙස නිදහස ලබා ගැනීමට නිශ්චිත වශයෙන්ම අවබෝධයක් මහා නාහිමිවරුන්ට ලබාදීමට අප මහානාහිමිවරුන් දැනුවත් කළා. අපගේ කරුණු අවධානයෙන් අසා සිටි උන් වහන්සේලා ඉදිරියේදී කාරක සංඝ සභාවේ සාකච්ඡුා කර ඉදිරියේදී යම් දැනුම්දීමක් කරන බව අපට ස`දහන් කළා. අප උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ රට හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. ජාතියට සම්බුද්ධ ශාසනයට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. ඒ අභියෝග හමුවේ මහා සංඝරත්නය සියලූදෙනා ඒක රාශීවී කටයුතු කළ යුතු කාලයක් එළඹ තිබෙන බව අප උන්වහන්සේලාට පැහැදිලි කළා. ඉතා හොඳින් උන්වහන්සේලා ඒ ස`දහා ඇහුම්කන් දුන්නා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලා යම් වැඩපිළිවෙළක් දියත් කරයි කියා අප විශ්වාස කරනවා.
 අද නීතිය නිලය සහ බලය අනුව ක‍්‍රියාත්මක වනවා. ඒ නිසා ජනාධිපතිවරයාට පමණයි ඤාණසාර හිමියන්ට සමාව දිය හැකි වන්නේ.’’ යැයිද උන් වහන්සේ කීහ.
බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනීයේ නන්ද හිමි,
‘‘රටේ නීතිය එක හා සමාන වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ කවුරුත් මේ පවතින නීතියට යටත් විය යුතුයි කියලයි.  අප නීතියට එක`ග වුණාට මේ රටේ නීතිය සියලූදෙනාටම එක ආකාරයට ක‍්‍රියාත්මක වනවාදැයි අපට සැකයක් තිබෙනවා. ඤාණසාර හිමියන්ටත් ඒ අසාධාරණයයි සිදුවුණේ. අද වන විට දින පණස්හතරක් උන්වහන්සේ සිර දඩුවම් විඳිනවා. මහා නාහිමියන් හමුවී අප දැනුම්වත් කළේ ඤාණසාර හිමියන් ගේ සිද්ධි දාමයයි. එවන් සුලූ සිදුවීමකට මෙම සිර ද`ඩුවම බරපතළ වැඩියි. මෙය සැලසුම් සහගතව සිදුකළ දෙයක්. ඒ නිසා නීතියේ දෙව`ගනගේ ඇස් ඇරිලා යම් සාධාරණ තීන්දුවක් ලැබෙයි කියා අප සිතනවා. මේ රටේ ඇතැම් නීති ක‍්‍රියාත්මක වන දෙස බැලූ විට රංජන් රාමනායක මහතා කියූ දේවල් ඇත්ත බව අපට සිතෙනවා.’’ යැයිද උන් වහන්සේ පැවැසූහ.
 හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා,
‘‘අපේ ඤාණසාර හිමියන් සිරගත වී ඉන්නේ රණ විරුවන් සහ රටේ බුද්ධි අංශ ගැන කතා කරලයි. මේ රටේ නීතියේ සාධාරණත්වය ගැන කතා කරලයි.
ඤාණසාර හිමියන්ට කරන මේ වින්නැහිය මුළු සංඝ සමාජයටම ඉදිරිපත් වන්න මුහුණ දෙන්න හො`ද අවස්ථාවක්.  මේක සිංහල බෞද්ධ රට. අනෙක් ජාතීන්ටත් අපත් සමග සමගියෙන් ඉන්න පුළුවන්. නැතිනම් දුටුගැමුණු ගත් කඩුව මර්වින් සිල්වාට ගන්න වෙනවා. නැතිනම් රණවිරුවන් ගත් තීරණය ගන්න වෙනවා. මෙතනදී නැගිටින්නේ  නැතිනම් අයෙත් නැගිටින්ට තැනක් අපට නැහැ.’’

ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.