lakbima.lk

හොඳ පුරවැසියෙක් සමාජයට දායාද කරන තැන දහම් පාසලයි

පදවි තානාන්තර ගුණ හීන දුර්ජනයන්ට ලැබිමෙන් සමස්ත සමාජයටම අත් වන්නේ ඛිෙදනීය ඉරණමක් බවත් අනාගතයේදී එවැනි ගුණ හීන දුර්ජනයන් බිහිවීම වළක්වා ගැනීමට දැහැමි සමාජ පරිසරයක් නිර්මාණය වී තිබිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.
පුද්ගලයකු යහපත් කෙනෙකු ලෙස සමාජ ගත කළ හැකි වන්නේ ඔවුන් කුඩා කාලයේ සිට ගුණ ධර්මවලින් ‍පෝෂණය කිරීමෙන් පමණක් බව කී ඒ මහතා ඒ සඳහා මහගු ස්ථානය දහම් පාසල බවද සඳහන් කළේය. හෙට්ටිගේ මහතා මේ බව කීවේ දෙණියාය කොට‍පොළ කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථ මහා මායා දහම් පාස‍ලේ ඉකුත්දා පැවැති වාර්ෂික ත්‍යාග සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.
විනයක් නැති අවුල් වියවුල් වූ රටක අද අප ජීවත් වන්නේ බෞද්ධ පදනමට දරුණු ලෙස පහර වදිනවා. භික්ෂුන් වහන්සේලා විවිධ දුෂ්කරතා මැද වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කරගෙන සිදු කරන උතුම් මෙහෙවර නිසා තමයි මේ තරමින් හෝ සමාජය පවතින්නේ. අපට මෙහෙම වුණේ ඇයි? ගුණ හීන දුර්ජනයන් බොහොමයක් වගකිව යුතු තැන්වල පදවි තානාන්තර දරමින් අප්‍රසන්න ලෙස ක්‍රියා කරන නිසා. එයින් රටට සමාජයට අත් වී ඇත්තේ ඛිෙදනීය ඉරණමක්. මානව දයාව නැති බොරු කියන අයට රටේත් සමාජයේත් වගකීම් පැවරුන විට සිදුවන්නේ හැම අංශයක්ම කඩා වැටීම පමණයි. අද වන විට ගමේ ශක්තිය හීන වී ජනතාවගේ කායික මානසික ශක්තියද බිඳ වැටිලා. එදා තිබුණ සුන්දර ගම අද දකින්න නෑ. එදා තිබුණ බෞද්ධ ප්‍රබෝධයත් නෑ.
පාලකයන් ගැන විශ්වාසයක් නැති වෙලා. සමහර නායකයන් උදේ හවස කියන්නේ පට්ට පල් බොරු. ඔවුන් ගුණ හීන පිරිසක් බව පෙන්නුම් කරනවා. මේ අයගේ හැසිරීම සමාජයේ පහළටත් බලපානවා. නායකයන් ආදර්ශමත් නොවීම දරුවන්ට ද බලපාන්නේ නරකට. මානව හිතවාදී මිනිසුන්ට සමාජයේ ඉදිරි පෙළ ලැබෙන, ඔවුන්ට ගරු කරන වටපිටාවක් සකස් විය යුතුයි. එවිට රටත් සමාජයත් ලස්සන වෙනවා.
කුඩා අවධියේ සිට ආධ්‍යාත්මික දියුණුවට මග පෑදෙන්න ඕනෑ. එවිට තමයි හොඳ මනුස්සයෙක් නිර්මාණය වෙන්නේ. බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීමක්. මේ රට රැකෙන්නේ එයින්. වැඩහිටි පිරිසගේ රැකවරණය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙනවා. අප රටේ ජනගහනය 2011 ජන හා නිවාස සංගණනය අනුව 20263723 මෙයින් අවු. 60ට වැඩි පිරිස 2468329 ප්‍රතිශතයක් ලෙස සියයට 12.5 මෙ ය වසර 2000දී සටහන් වූයේ 9.2ක් ලෙසයි. වැඩිහිටි ජනගහනය වැඩිවීමේ ප්‍රශ්නය එක්ක මතු වන ගැටලු ද සංකීර්ණයි.
ඒ දෙස ආණ්ඩුව බලනවද? වයසට ගිය දෙමව්පියන් රැක ගන්න දරුවන් ශක්තිමත්ද? ආර්ථිකය වේගයෙන් කඩා වැටී යන පසුබිමක් මත මෙය මහා සමාජ ප්‍රශ්නයක් වෙනවා. බරපතළ ආර්ථික ගැටලු තිබුණත් තම වියපත් දෙමව්පියන් රකින දරුවන් සිටිනවා. ඒ අය අප අගයන්න ඕනෑ. එවැනි අය ධර්මයෙන් ‍පෝෂණය වූ අය. එවැනි දූ පුතුන්ගෙන් මේ සමාජය පිරී යන්න ඕනෑ. එවිට මේ රට මොන තරම් සුන්දර වන්නේද? එවැනි සුන්දර රටක් දකින්න පාලන තන්ත්‍රයේද වෙනස්කම් සිදු විය යුතුයි.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් මෙසේ කීය. අද රටේ අපරාධ වැඩිවෙලා. සදාචාරය පිරිහිලා. මෙයට හේතුව ආගම දහමින් ඈත්වීමයි. දරුවන් දහම් පාසලට යවන්න දෙමව්පියන් කටයුතු කරන්න ඕනෑ. දහම් පාසල හා පන්සල නිසා සිදුවන සේවය විශාලයි. භික්ෂුන් වහන්සේලා සමාජය යහපත් කරන්න ගන්නා මහන්සිය සුළුපටු දෙයක් නොවේ.
කොට‍පොළ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ‍ලේඛකාධිකාරී බුත්ගමුවේ සිරි සුමන හිමි: අපේ සිංහල බෞද්ධයන් තේරුමක් නැති වැඩ ගොඩක් කරනවා. දරුවන් දහම් පාසල් එවන්නේ නැතිව විකාර දේවල්වලට යොමු කරනවා. තමන්ගේ ගමේ විහාරස්ථානය දියුණු නොකර සමහර අය ඈත තැන්වලට ගිහින් විහාරස්ථාන දියුණු කරන්න බලනවා. පළමුව තමන්ට පිහිට වෙන තැන ගැන බලන්න දරුවන්ට නම් තැබිමේදී සිංහලකමට ගැළපෙන තේරුමක් ඇති නමක් තියන්න. දැන් තියෙන නම් කියා ගන්නවත් බැහැ. අනේ රටට ගිය කලක්. කොට‍පොළ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති විහාරාධිපති තලංගල්‍ලේ පුඤ්ඤසාර හිමි, අම්බලන්ගොඩ මාඉටිපේ සුදර්මාරාමාධිපති මාපලගම නාලක හිමි ඇතුළු ගිහිපැවිදි කීපදෙනෙක්ම මෙහිදී කතා කළහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.