lakbima.lk

හදවත විවෘත නොකර කපාට බද්ධ සැත්කම් තුනක් මෙරට දී පළමු වරට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හදවත විවෘත කිරීමේ සැත්කමක් නොමැතිව හෘදයේ සංස්ථානික මහ ධමනියට රුධිරය ගමන් කරන කපාටය අවහිර වූ රෝගීන් තිදෙනකුට පාදයේ කපාටයක් බද්ධ කිරීම කොළඹ ජාතික රෝහ‍ලේ හෘද රෝග ඒකකයේදී සාර්ථකව සිදු කර ඇත.
කොළඹ ජාතික රෝහ‍ලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රමුඛ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, පුහුණුවන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෙම සැත්කම සඳහා දායක වී ඇත.
හෘද වස්තුවේ සංස්ථානික මහා ධමනිය විවෘත කර අවහිර වී ඇති කපාටය වෙනුවට පාදයේ කපාටයක් බද්ධ කර ඇති අතර, ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක් පුරා මෙම සැත්කම සිදු කර ඇත. හෘද සැත්කම් සිදුකිරීමේදී ස්ටෙන්ස් දැමීම වැනි සැත්කමක් මෙහිදී සිදු කරන අතර, සැත්කමට භාජනය වූ රෝගීන් තිදෙනා සුවෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය පවසයි. සැත්කම් සඳහා යෝග්‍ය නොවන වයස්ගත පුද්ගලයන් සඳහා මෙම සැත්කම සිදු කරනු ලබයි. පාදයකින් කපාටය ලබාගෙන සිදුකරන මෙම සැත්කමේදී සංකූලතා අවමය. රෝගීන් සැත්කම සිදු කිරීමෙන් පසු, දින ගණනාවක් රෝහල් ප්‍රතිකාර නොලබා නිවෙස් කරා යාමට හැකියාව ඇත. මෙම සැත්කම රෝගියා සිහියෙන් සිටියදී සිදු කරනු ලබයි. නමුත් මෙරට සිදු කළ සැත්කමේදී රෝගීන් තිදෙනාට සිහිය නැති කර මෙය සිදු කළ බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කරයි.
මෙම සැත්කම පිළිබඳව අදහස් පළ කරන විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය,
'' මෙම සැත්කම සාර්ථකව සිදු කළා. රෝගීන් තිදෙනාට කිසිම සංකූලතාවක් ඇති වූයේ නැහැ. මෙම ක්‍රමය තව තවත් දියුණු කළ යුතුයි. මෙම සැත්කම සිදු කිරීම සඳහා සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දුන් සහයෝගය අගය කළ යුතුයි. වසරකට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවක දී මෙම නව ක්‍රමය පිළිබඳව මම කරුණු ඉදිරිපත් කළා. එම අවස්ථාවේදීම සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට ‍පොරොන්දු වුණා. අවශ්‍ය රෝගීන් හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම වෛද්‍ය උපකරණ, පහසුකම් ලබාදීමට කටයුතු කළා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සැත්කම සඳහා දැක්වූ සහයෝගය අගය කළ යුතුයි.'' යනුවෙන් කීවාය.

තනූජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.