lakbima.lk

අප ක්ෂණික ආහාර පසුපස දිව යද්දී ඕස්ටේ‍්‍රලියාවත් කාබනික ගොවිතැනට

කෘෂිකර්ම විප්ලවයත් ඉන් අනතුරුව ඇති වූ තාක්ෂණික විප්ලවයත් සමග ලොව පුරා සංවර්ධිත රටවල් නවීනතම විද්‍යාව හා තාක්ෂණික උපායන් භාවිතා කරමින් කෘෂිකාර්මික ක‍්‍රම උපායන් යෙදු බව ඉතා ප‍්‍රකට කරුණකි. එහෙත් දිගින් දිගටම නවීන තාක්ෂණික උපායන් මගින් කෘෂිකර්මාන්තයේ යෙදීමත් සමග එම ආහාර රටාවන් නීරස සහ ගුණාත්මකභාවය අඩු වීමත්  විවිධාකාර රෝගාබාධ පැතිරයාමේ අවදානමත් සමඟ තවදුරටත් නවීන විද්‍යාත්මක තාක්ෂණයන් මතම කෘෂිකර්මය සිදුකරන්නේදැයි යන ගැටලූ‍ව කෘෂිතාක්ෂණික විද්‍යාඥයන් අභිමුව විය.මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලොව පුරා සංවර්ධිත රටවල් ක‍්‍රමානුකූලව නැවත වරක් කාබනික ගොවිතැනකට යොමු වීම පසුගිය දශකයක කාල සීමාව තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.මේ වන විට ලොව සංවර්ධිත රටවල් ක‍්‍රමානුකූලව ක්‍ෂ්ණික ආහාරවලින් ඈත් වෙමින් කාබනික ගොවිතැන සමග මුසු වූ අපට එදිනෙදා සාමාන්‍යයෙන් හුරුපුරුදු එළවළු සහ පලතුරු ආහාර වෙත නැඹුරු වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව දක්නට ලැබේ.
සංවර්ධිත රටවල ද වෙළෙන්දන් විසින් පවත්වාගෙන යන කාබනික ගොවිතැනෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරන ලද ආහාර අලෙවි කරන පොළවල් දැකීමට හැක. අප සුපිරි වෙළෙඳ සල්වලට ගොස් ආහාර හා තෝරා ගන්නා ලෙසින් සංවර්ධිත රටවල ජීවත්වන සුදු ජාතිකයන් මේ වන විට මෙම කාබනික ගොවිතැන මඟින් නිෂ්පාදනය කරන ලද ස්වාභාවික ආහාර අලෙවි කරන එළවළු සහ පලතුරු පොළවලට ගොස් එළවළු සහ පලතුරු මිලදී ගනිති.
අප ආහාරයට ගන්නා  ඕනෑම වර්ගයක එළවළු සහ පලතුරු මෙම කාබනික ගොවිපල වලදී ලබා ගත හැක. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අපගේ සාම්ප‍්‍රදායික ආහාර රටාවන්ට නැවත වරක් යොමු වීමට හැකියාවක් ලද බව බොහෝ සංවර්ධිත රටවල සාමාන්‍ය ජනතාවගේ මතයයි. මෙම කාබනික ආහාර අලෙවි කරන වෙළෙඳ පොළවල් මගින් මෙයට අමතරව මස් මාංශ ද  දේශීය වශයෙන් වගා කරන ලද විවිධ ධාන්‍ය වර්ග ද ඉතා අඩුමිලට මිලදී ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
1950 60 දශකය දක්වා  ස්වාභාවික එළවළු සහ පලතුරු වෙළෙඳපොළ සඳහා ඉහළ ඉල්ලූ‍මක් පැවැති නමුත් ඉන් අනතුරුව උදාවූ තාක්ෂණික විප්ලවයත් සමග මෙම ස්වාභාවික ආහාරවලින් මිනිසා ඈත් වීම ක‍්‍රමානුකූලව සිදු විය. මෙහි අවසාන ප‍්‍රතිඵලය ලෙස සංවර්ධනයවූ රටවල ජීවත්වන බොහෝ සාමාන්‍ය ජනයාට තමන්ට අවශ්‍යය  කරන පරිදි දේශීය වශයෙන් වගා කළ ආහාර ලබාගැනීමේ අවස්ථාව අහිමි විය. මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවේ බොහෝ ප‍්‍රදේශ තුළ තමන්ගේ ගෙවත්ත තුළ ආහාර නිෂ්පාදනය කර ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස කෘමි නාශක වල් නාශක ආදිය භාවිතයෙන් තොරව ස්වාභාවික ආහාර රටාවන්ට හුරු වීම සඳහා ජනතාව දිරිගැන්වීම වැඩි වශයෙන් සිදු වෙයි.මේ සම්බන්ධව අදහස් දක්වන  ඕස්ටේ‍්‍රලියාවේ ගොවි මහතකු සඳහන් කර සිටින්නේ. සාම්ප‍්‍රදායික ගොවිතැනහි යෙදුණු පැරණි ගොවි මහතුන්ගේ අත්දැකීම් තමන් විසින් ග‍්‍රහණය කරගනිමින් සිටින බවයි. මේ වන විටත්  ඕස්ටේ‍්‍රලියාව තුළ  තමාගේ නිවස ආශ‍්‍රිතව වගා කටයුතු සිදු කර ගැනීම සඳහා එම ආහාර නිෂ්පාදන පරිභෝජනය කරන අන්දම සම්බන්ධව විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වීම දක්නට ලැබෙයි.
සාමාන්‍ය ජනතාව මේ අන්දමට කාබනික ගොවිතැනට හුරු වූ විට එමගින් ලැබෙන ආහාර ලබා ගන්නේ නම් ඒ සමග නිරන්තරයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යෑමක් සිදුවන බව මෙම කාබනික ගොවිමහතුන්ගේ අදහසයි මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එරට ආර්ථික අංශයේ සංවර්ධන කටයුතු සඳහාද කාබනික ගොවිතැන් ක‍්‍රමය උපකාරීවෙයි. මේ වන විට  ඕස්ටේ‍්‍රලියාව තුළ කුඩා පරිමාණයේ ගොවිතැන් සඳහා දිරි ගැන්වීමේ වැඩ කටයුතු රාශියක් සිදු වන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සතියේ දිනවල දී විවිධ නගරවල පවත්වන ස්වාභාවික එළවළු සහ පලතුරු වෙළෙඳපොළ සඳහා ජනතාවගේ දැඩි ආකර්ෂණයක් දැකිය හැක. ධරණීය සංවර්ධනය සමඟ මුසු වෙමින් ප‍්‍රාදේශීය වශයෙන් ආහාර නිෂ්පාදනයත් ක්ෂණික ආහාර වෙනුවට ආහාර නිවෙසට රැුගෙන ගොස් හොඳින් තම්බා පිළියෙල කොට ආහාර ලබා ගැනීමේ පුරුද්ද ද මේ වන විට ජනතාව තුළ වැඩි කැමැත්තක් හා අවධානයක් දිනාගෙන ඇති කාර්යයක් බවට පත් වී ඇත.
මෙමගින් මහ පොළොවට ආදරය කරන ගොවි පරපුරක් බිහිකර ගැනීම වැඩපිළිවෙළේ අවසාන අරමුණ බව එම කාර්යේ නිරත වන ගොවිමහතුන්ගේ අදහසයි. මෙම වැඩපිළිවෙළෙහි තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ අදාළ වෙළෙඳපොළට පැමිණ ආහාර වර්ග මිලදී ගැනීමේදී එම ආහාර වගා කරන ලද ගොවි මහතුන් හමුවී මේ අවස්ථාව ද ජනතාවට උදා වීමයි.මේ නිසා තමන් අනුභව කරන ආහාර සම්බන්ධ වඩා වැඩි විශ්වාසදායක භාවයක් සාමාන්‍ය ජනතාව තුළ නිරන්තරයෙන්ම ගොඩනැගෙමින් පවතී.
මේ සම්බන්ධව අදහස් දක්වන පර්යේෂකයන්ගේ මතය වන්නේ 2050 වන විට නැවත වතාවක් සහමුලින්ම වාගේ ජනතාව සාම්ප‍්‍රදායික ගොවිතැන මගින් නිර්මාණය කරන ලද ආහාර රටාව කෙරෙහි නැඹුරු වීමට වැඩි ඉඩක් පවතින බවයි. මේ වන විට  ඕස්ටේ‍්‍රලියාව පුරා මේ අන්දමට සාමාන්‍ය ගොවියන්ගේ වෙළෙඳපොළ එකසිය අසූවකට ආසන්න ප‍්‍රමාණයක් විවිධ ප‍්‍රාන්තවල දැකිය හැක.මේ අන්දමට කාබනික ගොවිතැන ප‍්‍රචලිත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කලාපවල ආහාර සහ ජෛව විවිධත්වය ඉහළයන බව විද්‍යාඥයන්ගේ මතයයි.  කාබනික ගොවිතැන ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස විවිධ ආහාර සහ ඉවත ලන කාබනික ද්‍රව්‍ය නැවත ප‍්‍රතිචක‍්‍රීකරණය කොට භාවිත කිරීමේ අවස්ථාව ද උදා වී ඇත. මෙම කාබනික ගොවිතැන් ක‍්‍රමය ප‍්‍රතිඵලයක් ලෙස ස්වාභාවික පරිසරයට සිදුවන හානිය ඉතා අවම තත්ත්වයකින් යුතුවෙයි. කාබනික ගොවිතැනේ යෙදෙන ඇතැම් ගොවි මහතුන් කියන්නේ තමන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප‍්‍රමාණයකින් ආහාර නිෂ්පාදන අලෙවි වීම නිසා මේ වන විට තම නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.
කෙසේ වුවත් මෙම වෙළෙඳසල් තුළ වැඩි වශයෙන්ම දැකිය හැකි වන්නේ යුරෝපීය ජාතිකයන් වීම කැපී පෙනෙන අතර යුරෝපා රටවල සංචාරය කරන හා එහි නේවාසිකව සිටින යූරෝපීයන් නොවන බොහෝ පිරිස් තවමත් සුපිරි වෙළෙඳසල්වල සංචාරය කරනු දැකිය හැක.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.