lakbima.lk

දැන්වීම්වලින් සුපිරි වාහන ගෙන්වා අතුරුදන් කරන ජාවාරමක්

මාසික කුලීි පදනම මත නවීන පන්නයේ සුඛෝපභෝගී රථවාහන ලබාගන්නා බවට සති අන්ත ජාතික පුවත්පත් වල දැන්වීම් පළකර රථවාහන අතුරුදන් කරන හා මුදල් නොගෙවා වංචාවන් සිදුකරන හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකුගේ පුත‍්‍රයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඇතුළු කිහිප දෙනෙකු අනුරාධපුර නගරය කේන්ද්‍රකර ගනිමින් මෙම මහපාරිමාණ ජාවාරම සිදුවන බවත් කුලී පදනම මත රථවාහන ලබා ගන්නා බව පවසමින් ජාතික පුවත්පත්වල දැන්වීම් පළකර මාසිකව රුපියල් 75000 හා 100000 යේ කුලී මුදල් ලබාදෙන බව පවසා නීතිඥවරුන් ඉදිරිපිට ගිවිසුම් සකසා පසුව මුදල් වංචාවන් කරන බවත් පොලීිසිය අනාවරණය කළේය.
රථවාහන කූලීි පදනමට ලබා දෙන ආයතනයකට (රෙන්ට කාර්) මාසික කුලී පදනමට රථ වාහන අවශ්‍ය බව කියමින් සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර අනතුරුව මාසික කුලිය ලබා නොදීම් හා රුපියල් ලක්ෂ ගණන් වටිනා සුඛෝපභෝගී රථවාහන අතුරුදන්වීමේ සිදුවීම් සම්බන්ධයෙන්ද අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබේ.
අනුරාධපුර හිටපු ඉඩම් කොමසාරිස්වරයකුගේ පුත‍්‍රයකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවට ලැබුණු පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගත් බවත් සැකකරු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සුඛෝපභෝගීි රථවාහන කුලීි පදනමට ලබාගෙන ගිවිසුම ප‍්‍රකාරව මුදල් නොගෙවීම නිසා පැමිණිලි ලැබී තිබෙන බවත් පොලීිසිය පැවැසුවේය.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඝාතනයට ලක්වූ එස්.එෆ්.බංඩාගේ ප‍්‍රබල හා සමීප ගෝලයෙකු බව පොලිසිය පවසයි.
ඇතැම් රථවාහන කොළඹ ප‍්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ එන්ජින් අංක හා චැසි අංකයන් වෙනස්කර නව ලියාපදිංචි අංක ලබා ගැනීමේ ජාවාරමක් සිදුකෙරෙන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

බුද්ධික මහේෂ් විජේසූරිය අනුරාධපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.