lakbima.lk

ප්‍රාග් මානවයාගේ ආයුධ රජගලින් මතුවේ

අම්පාර රජගල තැන්න ආශ්‍රිතව  කෙරෙමින් පවතින පුරාවිද්‍යා කැණීම්වලදී  ප්‍රාග් ඓතිහාසික මානවයා එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වූ බවට තහවුරු වන සාධක රැසක් හමු වී තිබේ.
විශේෂයෙන්ම ලජ්ජිතිස්ස රජු විසින්  කරවන ලද ලෙන ආශ්‍රිතව කරන ලද කැණිම්වලදී මෙම ප්‍රාග් ඓතිහාසික සාධක මතුකර ගැනීමට හැකියාව ලැබුණු බව එහි කැණීම්වල නිරත  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා පැවැසීය.
ඒ අනුව ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළා යැයි සැලකෙන ගල් ආයුධ ආහාර කොටස්, ඇටකටු ආදී රැසක් මෙහිදී  මතුකරගෙන ඇත. මේ වනවිට අදාළ සාධක විශ්‍ලේෂණය කරමින්  සිටින අතර ඒවා කාලනිර්ණය සඳහා යොමුකර ඇතැයිද  මහාචාර්යවරයා කීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව 2012 සිට රජගල තැන්න ආශ්‍රිතව කැණීම් කරමින් සිටී.

ගයාත්‍රි ගීගනආරච්චි අම්පාරේ සිට




 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.