lakbima.lk

චීන නාවික හමුදා නෞකාවක් සිව් දින නිල සංචාරයකට ඇවිත්

සිව්දින නිල සුහද සංචාරයක් සඳහා චීන නාවික හමුදාවට අයත් “චෙයින් ච්ෙචැන්ග්” නෞකාව කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළි  ගැනීමෙන් අනතුරුව, චීන නාවික හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කපිතාන් ඩොන්ග් යෑන් මහතා සහ නෞකාවේ අණ දෙන නිලධාරී කොමාණ්ඩර්, චාන්ග් චයෝන්ග් මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු වූහ.
එහිදී ඔවුන් අනේ‍යාන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ‍‍‍ජ්‍යෙෂ්ඨ කර්නල් ෂුජියෑන්වෙයි මහතාද සහභාගි වී තිබේ. මෙම නෞකාව, දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකටද සහභාගි වීමට නියමිතය.
දිගින් මීටර් 129ක් සහ පළලින් මීටර් 17කින් යුත් “චෙයින් ච්ෙචැන්ග්” නෞකාව ටොන් 4900ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 158 දෙනකුගෙන් යුත් නැව් මුළුවකින්ද සමන්විතය.
සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (11) දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.