lakbima.lk

තිරසර සංවර්ධනයේ සංසදයේ රැස්වීමට තිලංග එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට

තිරසර සංවර්ධනයේ “ ඉහළ දේශපාලන සංසදයේ”  High - Level Political Forum 2018 2018 රැස්වීම 2018 ජූලි මස 09 දා සිට 18 වනදා දක්වා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වේ. මෙම සංසදය ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙම සංසදයේ මූලික තේමාව “ තිරසර හා ප්‍රබල සමාජයක් කරා පරිවර්තනය කිරීම” කිරීමයි.
මෙහි ප්‍රධාන සාකච්ඡා දෙක ජූලි මස 16 හා 17 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය. මෙහිදී මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ශ්‍රී ලංකාව, ඉක්වදෝරය, ඔස්ට්‍රියාව, යන රටවල් තුන සඳහා ආරාධනා කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තිරසර සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද ඉක්වදෝර ජාතික සභාව නියෝජනය කරමින් එහි සභාපති ගරු එළිසබෙත් කැබෙසාස් මහත්මිය ( Hon.  Ms. Elizabeth Cabeas Guerrero, President  of the National Assembly Of Ecuador ) ද ඔස්ට්‍රියා ජාතික සභාව නියෝජනය කරමින් සංවර්ධන කමිටුවේ සභාපති ගරු පෙට්ට්‍රා බායිර් ( Hon.Ms. Petra Bayr, Mp Chair of the Development Committee, Natuional Council of Austria )  සහභාගි වීමට නියමිතය.
මෙම සමුළුවේදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට සහ අවධානය යොමු කිරීමට නියමිත කරුණු වන්නේ,
තිරසර සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගිතාවය ක්‍රියාවට නැංවීම සහ පුනර්ජීවනය කිරීම සෑම වසරකම සලකා බැලීම සියලු දෙනා සඳහා ජලය සහ සනීපාරක්ෂාව ලබා ගැනීම සහ තිරසර කළමනාකරණය සහතික කිරීම
සියලු දෙනාටම දැරිය හැකි, විශ්වාසනීය, තිරසර හා නවීන බලශක්ති සඳහා ප්‍රවේශය ලබා ගැනීම
නගර සහ ජනාවාස සුරක්ෂිතභාවය සහ තිරසාර විය යුතු බව තිරසර පරිභෝජනය සහ නිෂ්පාදන රටාවන් තහවුරු කිරීම භූමි පරිසර පද්ධතීන් තිරසාර ලෙස භාවිත කිරීම, වනාන්තර කළමනාකරණය කිරීම, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම, හා භූමි හායනය නැවැත්වීම සහ යථා තත්ත්වයට පත් කිරීම.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.