lakbima.lk

විසිතුරු රටා මවන පන් නිර්මාණකරුවන්ට වෙළෙඳ‍පොළක් නෑ

වර්තමානයේ බහුතරයක් පිරිස දේශීය නිෂ්පාදන අගය නොකිරීම නිසාම ස්වයං රැකියාවන්හි  නිරතව සිටින බොහෝ දෙනෙකුට ඉදිරියට යාමට බාධාවන් මතුවී තිබේ.
දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන දක්ෂ නිර්මාණ ශිල්පීහු වෙළෙඳ‍පොළක් නොමැතිකමින් අසරණවී සිටිති. එවන් වැඩිහිටි දක්ෂ නිර්මාණ ශිල්පිණියක් කොටුගොඩ ප්‍රදේශයේ සිටී.
ඇය නමින් මැටිල්ඩා කෝස්තාය. 70 වන වියෙහි පසුවුවද අය තරුණියක මෙන් කඩිසරය. ඇගේ දෑතින් මැවෙන නිර්මාණ සිත් ගන්නා සුළුය. සෑම පන් වර්ගයකින්ම විවිධ පන් භාණ්ඩ නිර්මාණය කිරීම ඇගේ කාර්යයයි.
අපි ඇගේ හඬට කන් දෙමු.
මං පන් වැඩ කරන්න අරන් අවුරුදු ගාණක් වෙනවා. පළමුවෙන්ම මං ජීවත් වෙන්ඩ පැදුරු විවුවා. විවිධ රටා යොදල ලස්සනට වියන්න මට පුළුවන්. ඒක ජනප්‍රිය වුණාම මම විවිධ නිර්මාණ කරන්න පටන් ගත්තා පන්වලින්. මගේ නිර්මාණ මම ප්‍රදර්ශනයකට තිබ්බා. ඒක බලන්න ජාතික ශිල්ප සභාවේ මහත්තයෙක් ආවා. ඒ මහත්තයා මාව ශිල්ප සභාවට සම්බන්ධ කළා. මගේ නිර්මාණ ගැන පත්තරවල වැටුණා.
ජාතික ශිල්ප සභාව යටතේ පැවැති නිර්මාණ තරඟවලට මම ඉදිරිපත් වුණා. 2013 පළාත් මට්ටමේ තරඟයෙන් 2වන ස්ථානයත් සමස්ත ලංකා මට්ටමින් 3වන ස්ථානයත් දිනා ගන්නට මට හැකි වුණා.
අපේ ගමේ මුතුමිණ හස්ත නිර්මාණ සමිතිය නමින් සමිතියක් ආරම්භ කළා. එහි සභාපති මමයි. කාන්තාවන්ට පන් වැඩ පිළිබඳ පුහුණුවීමක් ලබා දුන්නා. මෑතකදී දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කළ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනයක් කොටුගොඩ රෝමාණු කතෝලික ප්‍රාථමික විදුහ‍ලේදී පැවැත්වූවා.
මම මේ හැම දෙයක්ම කරන්නේ මේ කර්මාන්තයට තියෙන ආදරේට. අපේ නිෂ්පාදන අලෙවි කර ගන්න වෙළෙඳ‍පොළක් අවශ්‍යයි. මගේ බලා‍පොරොත්තුව මගේ නිර්මාණ අලෙවිය සිදුකර ගන්න අලෙවි කුටියක් හදා ගන්නයි. ආර්ථික ප්‍රශ්න ඒකට බාධාවක් වෙලා තියෙන්නේ. මම දුක්  විඳලා බාධක කම්කටොළුවලට මුහුණ දීලා හොඳට පුරුදුයි. මම හැමදේටම මුහුණ දීලා ඉදිරියට යනවා.

තිලක් රන්ජන් කුලතුංග- රද්දොළුගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.