lakbima.lk

පාස්කු ප්‍රහාරයෙන් පසු පිපුරුණු වඳ බෝම්බය

තවුහිත් ජමාත් සංවිධානය ඉකුත් අප්‍රේල් 21 දින පුපුරවනු ලැබුයේ බෝම්බ නවයකි. ඒ බෝම්බ පිපිරි ගියේ පාස්කු ඉරු දින පමණය. නමුත් පාස්කු බෝම්බයටත් වඩා භයංකර බෝම්බයක් ඔවුන් පුපුරවා ඇති බව අනාවරණය වුයේ ඉකුත් සතියේය. ඒ කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු ෂියාබ්දින් මොහොමඩ් සාෆි (42) කුරුනෑගල ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිමත් සමගිනි.

තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා යැයි පැවසෙන මරාගෙන මැරුණු සහරාන් හෂිම් ඇතුලු බෝම්බකරුවන් පිරිස සම්බන්ධයෙන් සියලු ආරක්ෂක අංශ මගින් විමර්ශන කෙරෙමින් පවතියි. එසේ විමර්ශන පැවැත්වු කුරුණෑගල ‍පොලිස් ස්ථානායට මෙකි වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු ලැබුනේ ඔහු සැක සහිත ආකාරයට අධික ලෙස රුපියල් කෝටි 40 කට ආසන්න වත්කම් උපයා ඇති බවය. ඒ පිලිබඳ සෙවිමේදි ‍පොලිස් නිලධාරින්ට අනාවරණය වුයේ මොහුට ස්ථාන කිහිපයකම විවිධ ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථාන, රථවාහන සහ බැංකු ගිණුම් ආදිය ඇති බවය.

කුරුණෑගල ‍පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් කුරුණෑගල, නුවර පාර, විරසිංහ මාවතේ පිහිටි මෙම සාෆි වෛද්‍යවරයාගේ නිවස වෙත ඉකුත් 24 දා රාත්‍රියේ ගොස් තහවුරු කිරිමට නොහැකි ආකාරයෙන් වත්කම් ඉපයිම සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිය.

වසර 13 ක පමණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති මොහු 2015 වසරේදි මහ මැතිවරණයට අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාගේ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයට සහාය පලකරමින් කුරුණෑගල දිස්ත්‍රික්යෙන් ඉදිරිපත් වි ඇති අපේක්ෂකයෙකි. වෛද්‍යවරියක් හා විවාහ වි සිටින මෙම වෛද්‍යවරයා මැතිවරණයේදි වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව පසුව විශේෂ අනුමැතියක් යටතේ නැවත වරක් සේවයට පැමිණ ඇති පුද්ගලයෙකි.

අධික ලෙස වත්කම් ඉපයිමට අමතරව මේ වන විට ඔහුට එල්ල වි ඇති චෝදනාව වන්නේ සිංහල කතුන් දරු ප්‍රසුතියේදි සිසේරියන් සැත්කම් හරහා වඳ භාවයට පත් කිරිමය. මෙම පුවත ඉකුත් සතියේ මුලුරටම කැලඹවීමට සමත් විය. මේ සමගම මොහුගෙන් ප්‍රතිකාර ගනු ලැබු කතුන් නොසන්සුන් වුයේ තමන්වද වඳ කර ඇති බවට සැක ඇති කර ගනිමිනි. සිසේරියන් සැත්කමේදි පැලෝපිය නාලවලට හානිකර වඳ බවට පත් කරන බව පැවසෙන මෙම වෛද්‍යවරයා මුස්ලිම් කතුන්ගේ තෙවන දරු ප්‍රසුතියේදි ඔවුන්ව වඳ සැත්කමට යොමු නොකර එසේ කල බවට ව්‍යාජ සටහන් යොදා ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම වරක් ඇඳ ඉහපත් මාරු කරමින් දරුවන් මාරු කිරිමේ උත්සහයක් ද කර ඇති බව වාර්තා වේ.
මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඉකුත් 25 දා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබුණි. ඒඅනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙකී වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. මේ අතර මොහුගෙන් ප්‍රතිකාර ලබාගෙන හානියට පත් වු අයෙකු වේ නම් කුරුණෑගල රෝහල වෙත පැමිණිලි කරන ලෙස ද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මහජනතාවට දන්වනු ලැබුණි.

ඒ අනුව ඉකුත් 27 වනදා සවස වන විට මොහුට එරෙහිව පැමිණිලි 60 කට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබුනි. මෙහිදි බොහෝ මව්වරුන් පවසා සිටියේ තමන්ගේ කුළුඳුල් දරු ප්‍රසුතියේදි තම දරුවා මිය ගිය බවත් නැවත දරුවන් පිලිසඳ නොගත් බවත්ය. මේ සියලු සැත්කම්කර තිබුනේ සැකකාර වෛද්‍ය සාෆි විසිනි. ඔවුන් වසර ගණනාවක් පුරා ගෙවා ඇත්තේ හැඬු කඳුලෙනි.

මෙම පැමිණිලි ගලා එන්නට පටන් ගැනිමත් සමගම කුරුණෑගල රෝහ‍ලේ දැඩි තදබද තත්ත්වයක් මතුව තිබෙනු දක්නට ලැබුණි. මේ අතර මෙකි වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය විසින්ද විමර්ශනයක් ආරම්භකරනු ලැබුණි. සිසේරියන් සැත්කම් 4000 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බව පැවසෙන මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නවත්වන ලෙස රෝහල්  අධ්‍යක්ෂක වෙත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් බලපෑම්කර ඇති බවද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලෙකම් වෛද්‍ය හරිතඅලුත්ගේ මහතා ඉකුත් 27 දා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවමත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබි නොමැති බවද ඔහු සඳහන් කර තිබුණි.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සඳහන් කළේ තමන් කිසි විටක පරික්ෂණ සඳහා බාධා නොකළ බවකී. එසේම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අමාත්‍යාංශය විශේෂඥ කමිටුවක් පත් කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම වෛද්‍යවරයා ඉල්ලා අස්විමෙන් පසු නැවත සේවයේ පිහිටුවිම සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර සිටියේය.

වෛද්‍ය සාෆි නිසා මේ වනවිට සමස්ත මුස්ලිම් වෛද්‍යවරුන්ටම දැඩිපහරක් එල්ල වි තිබෙන අතර ඔවුන්ගෙන් ප්‍රතිකර ලබා ගැනිම පවා ප්‍රතික්ෂේප කිරිමේ තත්ත්වයකට රට්ටු පත්ව තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු සහරාන් හෂිම් සමග සබඳතා පැවැත්වු තවුහිත් ජමාත් සංවිධානයේ හොරොව්පතාන සංවිධායකයාගේ සමිපතමයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකාය හා හොරොව්පතාන ‍පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

හොරොව්පතාන සංවිධායක ලෙස සිටි අබුබකර් නැමැත්තා මේ වන විට මැද පෙරදිග රටකට පලා ගොස් සිටියි. මෙම පිරිස අතර හොරොව්පතාන ප්‍රදේශිය ‍ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරියෙකුද සිටින බව ‍පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි. සහරාන්ගේ දේශන වලට එක් වන්නන්ට රුපියල් දස දහස බැගින් හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දි ඇති බවද මෙහිදි හෙලිව තිබේ.

ඉකුත් 24 දා කලුතර -බදුරලිය උණුසුම් වුයේ දික්හේන පාසල  අසල අත්බෝම්බ 13 ක් හමු විමත් සමගිනි. මෙම අත්බෝම්බ හළා ගොස් තිබුනේ බදුරලිය, හැඩිගල්ල ජනපදයේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු විසිනි. පාසල හා පැවති අමනාපයකට මෙසේ අත්බෝම්බ ගෙනදමා ඇති බව ‍පොලිසිය තොරතුරු අනාවරණයකර ගෙන තිබුණි.

ඊට පසුදින මෙම සැකකරුගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුයේ වෙඩි බෙහෙත් ග්‍රෑම් 972 ක් සමගිනි. ප්‍රධාන සැකකරු කොලඹ අපරාධ කොට්ඨාශයට භාර දි තිබුනේ වැඩිදුරවිමර්ශන සඳහාය.

මේ අතර ඇප මත නිදහස්ව සිටින වැල්ලම්පිටිය තඹකම්හ‍ලේ සේවකයින් නව දෙනා සම්බන්ධව විමර්ශන ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශයට පැවරුණි. මිට පෙර විමර්ශන පැවත්වුයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. ඒඅනුව මෙම සැකකරුවන් ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වා ගැනිමට ඉක්තු 27 දා කොලඹ අංක 02 අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඔස්සේ කරුණු දක්වා තිබුණි.

මිනුවන්ගොඩ ඇති වු කළහකාරි සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ වලට අදාලව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුලු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විදේශ ගමන් වලක්වාලමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කෙරුනේ ඉකුත් 27 දාය.ඒ ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජෙනරාල්වරයා වෙතය.

මේ අතර සහරාන් හෂිම්ව අත්අඩංගුවට ගැනීමට 2018 සිට ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා කටයුතු කරමින් සිටි බවත් ඔහු ප්‍රභූ ඝාතන චෝදනාවකට අත්අඩංගුවට පත්වීම හේතුවෙන් එය යටපත් වූ බවත් අධිකරණයේදි හෙළි දරව් විය.

මේ ආකාරයට පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ නොයෙක් පැති ඔස්සේ තොරතුරු අලුත් වෙමින් පවතී. මාස දෙකක් තුළ රට නොයෙක් දිසාවන්ට ගමන්කළ අතර ඉදිරියේදි කුමක් වනු ඇතිදැයි ජනතාව කුකුසින් බලා සිටිති.

ශානිකා මාධවී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.