lakbima.lk

හිසරදය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස අපට අමුතු රෝග නොවේ. අමුතු රෝග ලක්ෂණද නොවේ. මේ සුළු අමාරුවකට වෛද්‍යවරයකු වෙත යන්නේ අහවල් දෙයකටද? මේ අප සුළු සුළු රෝගාබාධ විනිශ්චය කරන ආකාරයයි. එලෙස අපේ ලෙඩ රෝග ගැන තීරණ ගන්නා අය අනතුරුව සුළු වේලාවකට වෛද්‍යවරුන්ගේ තත්ත්වයටද පත්වන්නෙමු.

රෝගය අනුව ඊට ගැළපෙන ඖෂධයක් තීරණය කිරීමට මතු නොව දන්නා කියා ඖෂධ ශාලාවකින් ඖෂධ  මිලට ගැනීමද අපම කරන්නෙමු. අනතුරුව අප තීරණය කරන ඒ ඖෂධ ගන්නෙමු. පෙති හෝ කරල් වේල් 3, 4ක් ලබාගෙන අපිම රෝගය සුව කරගන්නෙමු. එහෙත් මෙහි ඇති බරපතළකම ඔබ සිහිනෙන්වත් නොසිතූ තරම් බියකරුය.

මෙලෙස අපම හිතුමතේ ලබාගන්නා ඖෂධවලින් බහුතරයක් අයත් වන්නේ ප්‍රතිජීවක ගණයටය.

බැක්ටීරියා මගින් බෝවන රෝග සුව කිරීමට සහනයක් ලෙස යොදා ගන්නා ප්‍රතිජීවක විධිමත් පරීක්ෂණයකින් පසු කෙරෙනා වෛද්‍ය නිර්දේශයකින් පමණක් ලබාගත යුතු ඖෂධ කාණ්ඩයකි. එහෙත් ඒ බව නොතකා හිතුමතේ ප්‍රතිජීවක ලබා ගැනීම නිසා 2050දී වසරකට මිලියන 10ක් මිනිසුන් මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ පිළිබඳ විමසීමට අප සම්බන්ධ කරගත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලකය.

මේ ප්‍රතිජීවක භාවිතය පිළිබඳ ඈ දරන අදහස්ය.

ප්‍රතිජීවක ඖෂධයක් කියන්නේ බැක්ටීරියා ආසාදන සඳහා ලබා දෙන ඖෂධ කාණ්ඩයකට. ඒ කියන්නේ බැක්ටීරියා මර්දනයට භාවිත කරන ඖෂධ වර්ගයක්. මේක අවශ්‍ය වෙන්නේ බැක්ටීරියා ආසාදනය වැළැක්වීමට හා පාලනයට. ඒ කියන්නේ බැක්ටීරියා සඳහා පමණයි ප්‍රතිජීවක ඖෂධ වැදගත් වෙන්නේ. වෛරස් වැනි ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිතා කරන්නේ නෑ. එහෙත් අප සිතන්නේ ප්‍රතිජීවක යනු හිසේ සිට පාදාන්තය දක්වා ඇති ඕනෑම රෝගයක් සුවකළ හැකි විශ්මිත ඖෂධයක් බවයි.

ශල්‍යකර්ම, අවයව බද්ධ කිරීම්, පිළිකා ප්‍රතිකාර වැනි සංකීර්ණ අවස්ථාවලදී ප්‍රතිජීවක ඖෂධ ඉතා වැදගත් බව පවසන වෛද්‍ය කුෂ්ලානි  ජයතිලක ප්‍රතිජීවක සොයාගෙන නොතිබුණා නම් එම සැත්කම් කළ නොහැකි බවද පවසන්නීය. එහෙත් නවතම තොරතුරු අනුව තහවුරු වන්නේ ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිජීවක වෙනුවෙන් ප්‍රතිරෝධයක් ගොඩනැගෙමින් පවතින බවයි. එනම් ඖෂධ දෙන මාත්‍රාවට ප්‍රතිජීවක ලබා දුන්නද එම මාත්‍රාවට මර්දනය කළ නොහැකි මට්ටමට බැක්ටීරියා අනුවර්තනය වීමයි. එවැනි අවස්ථාවල ප්‍රතිජීවකවලට රෝග සුව නොවීම සුලබව දැකගත හැක. එහෙයින් සිදුවන්නේ බෝවන රෝගවලින් මියයන සංඛ්‍යාව ඉහළ යාමයි.

එවිට ජීවිත බේරා ගැනීම සඳහා සැර අධික ප්‍රතිජීවක ලබාදීමට සිදුවන අතර ප්‍රතිකාර සඳහා යන වියදමද ඉහළ යයි. මෙලෙස ප්‍රතිජීවක සඳහා බැක්ටීරියා ඔරොත්තු දීම නිසා අනාගතයේදී විශාල පිරිසකට යෝග්‍ය ප්‍රතිජීවක නොමැතිව යනු ඇත. එහෙයින් 2050 වන විට මිලියන 10කට පමණ මියයාමට සිදුවන්නේ තමුන්ට ඔරොත්තු දෙන ප්‍රතිජීවක ඖෂධ නොමැතිවීම නිසා බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත.

එහි බලපෑම ලංකාව ඇතුළු ආසියාතික රටවලට එල්ල වන බවටද සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

ඊට හේතුව ලංකාව ඇතුළු කලාපීය රටවල ප්‍රතිජීවක භාවිතය සිදුකරණා වැරදි සහගත බවය.

මීට කළ හැකි හොඳම විසඳුම ප්‍රතිජීවක භාවිතය වෛද්‍ය උපදෙස් අනුව පමණක් කිරීමය. එමගින් අනවශ්‍ය ලෙස ඖෂධ ඔබේ ශරීර ගතවීම වැළකෙන අතර, එයද ඔබේ නිරෝගී බවට හේතුවෙයි. ඊට අමතරව ප්‍රතිජීවකවල අපේක්ෂිත ගුණ ලබා ගැනීමට වරක් ලබාගත් මාත්‍රාව ශරීරයේ ක්‍රියාකර නිමවනවිටම අනෙක් මාත්‍රාව  ලබාගත යුතුවෙයි. එමගින් අඛණ්ඩව ශරීරයේ ප්‍රතිජීවක ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යා හැකි අතර රෝග කාරක බැක්ටීරියා වර්ධනයට ඇති සුදුසුම ක්‍රමය එය වෙයි.

අධි මාත්‍රාවෙන් ප්‍රතිජීවක ලබා ගැනීම නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ඇතිවීම සිදුවන අතර එවැනි බැක්ටීරියා මර්දනය කිරීමට සුදුසු ප්‍රතිජීවක නොමැතිවීම බරපතළ ගැටලුවකි. සුළු සුළු රෝගාබාධ සඳහා ඔබේ ශරීරයේ ඇති ස්වාභාවික ප්‍රතිශක්තිකරණ ප්‍රමාණවත් විය හැක. එවැනි අවස්ථාවල නොඉසිලිමත්ව ප්‍රතිජීවක තොග පිටින් ගිලීම ඔබේ සෞඛ්‍ය බරපතළ පිරිහීමකට ලක් කරයි.

ප්‍රතිජීවක ඖෂධ නිසි මාත්‍රාව නිසි වේලාවට නොගැනීම හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ අබිබවා බැක්ටීරියා නැගී සිටීම සුලබව වාර්තා වන බවත්, විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල සමාජ ආර්ථික, දේශපාලනික හේතූන් අනවබෝධයත් මීට ප්‍රධාන හේතුවක් බවද ඇය කියයි. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට ප්‍රතිජිවක නොගත යුතු බව වෛද්‍ය

කුෂ්ලනි ජයතිලක පවසන්නීය. මෙම ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය වට්ටෝරුවකට අනුව බවද ඇය කියයි. විශේෂයෙන්ම වෛද්‍යවරයකු රෝගීයකුට ප්‍රතිජීවක ලබාදීමේදී වුවද එම ප්‍රතිජීවක ලබාදෙන්නේ කුමන රෝගයකටද, කොපමණ කාලයක් එය භාවිත කළ යුතුය යන්න වෛද්‍යවරයාගෙන් අසා දැනගත යුතුය යැයි වෛද්‍යවරිය පවසයි.

විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක

තනුජා නානායක්කාර

  1. ගාලු මුවදොරෙන් කොළඹ හතට ගිය ලංකාවේ ලොකුම යුද ස්මාරකය
  2. මැති සබයේදී මියගිය මන්ත්‍රීවරු
  3. බදුල්ල බන්ධනාගාරයෙන් පැන යන්නට හැදූ නවුෆර්ගේ වැරදුණ කුරුමානම
  4. අගමැතිවරු අරලියගහ මැදුරට ආ හැටි - ගිය හැටි
  5. කැප්පෙටිපොළ අසාමාන්‍ය වීරයෙක්
  6. ලංකාවේ යුද ඉතිහාසය නිවැරදි කරමින් කපිතාන් අලදෙණියගේ කතාව එළිදකී
  7. කැප්පෙටි‍පොළ මහ දිසාවේ සුදුදාගේ අත්අඩංගුවට පත්වී අදට වසර 200යි
  8. දේශීය කිරි කර්මාන්තයේ විනාශය අත ළඟයි
  9. 1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි
  10. ලංකාවේ එකම සුනඛ සොහොන් පිටිය
  11. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  12. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  13. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  14. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  15. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  16. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  17. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  18. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  19. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  20. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  21. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  22. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  23. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  24. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  25. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට

Page 1 of 35

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.