lakbima.lk

තරුණියක් වන්නට සිහින මවන තරුණයෙක්

එවර මනෝ වෛද්‍යවරයා හමුවට පත් කරන ලද්දේ හොඳින් දැලි රැවුල වැඩුණු මහා පෞරුෂයකින් යුතු පැහැපත් තරුණයෙකි. තරුණයා සමග ඔහුගේ මව සහ වැඩිමල් සොයුරියද වූවාය.
හරි වැඩේ තමයි ඩොක්ට මෙයා කියනවා එයාට පිරිමියෙක් විදිහට හිටියා ඇති; දැන් ගෑනු ළමයෙක් වෙන්න ඕනේ කියලා; ඒත් අපි කිව්වා ඕක මානසික රෝගයක් වෙන්න පුලුවන්; ඒ හින්දා මනෝ වෛද්‍යවරයෙක් හම්බු වෙන්න යමු කියලා; ඒත් මෙයා කියනවනේ එහෙම මානසික රෝගයක් මේ ලෝකේ නැහැ කියලා මුලින්ම මනෝ වෛද්‍යවරයා හමුවේ කරුණු ගෙන හැර දක්වන ලද්දේ එම තරුණයාගේ වැඩිමල් සොයුරිය විසිනි. එහෙත්, ඇගේ එම කතාව හමාර කිරීමට පෙරම එම තරුණයා ද තම නිහැඩියාව සිඳලීය. ඒ තරමක දැඩි ස්වරයෙනි.
මම ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බැලුවා ඩොක්ට; ඒක සාමාන්‍ය තත්ත්වයක් මිසක් මානසික රෝගයක් ‍නෙවෙයි කියලා තමයි ඒ හැම තැනම තිබුණේ; අනික ඒ වගේ ගෑනු ළමයි වුණු, පිරිමි ළමයි ලෝකේ හැම දියුණු රටකම ඉන්නවා; ඒක එයාලට සාමාන්‍ය තත්ත්වයක් එසේ කී තරුණයා මනෝ වෛද්‍යවරයා දෙස බලා සිටියේ කිසියම් අභියෝගාත්මක ස්වරූපයකිනි.
මෙයා කියන කතාවෙත් ඇත්තක් තියනවා. තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගන්න කැමති කෙනෙකුට ඒ සඳහා නීතිමය අවසරයක් පවා දීලා තියනවා. ඒ වගේම ලෝකයේ දියුණු රටවල සැත්කම් මගින් තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගත්තු අය ඕනෑ තරම් ඉන්නවා. ඒකට කියන්නේ ලිංගික අවසිද්ධිය කියලා.  
මනෝ වෛද්‍යවරයා එසේ කී පසු එම තරුණයාගේ මුහුණින් එතෙක් පළ වූ ආවේගාත්මක ස්වරූපය ශීඝ්‍රයෙන් පහව යනු කාටත් හොඳින්ම පෙනිණ.
සාමාන්‍යයෙන් අපි වැඩි දෙනෙක් තමන්ට උපතින්ම ලැබුණු ලිංගිකත්වය ඒ විදිහටම භාර ගන්නවා. ඒ අනුව හැඩ ගැහෙනවා. නමුත් අපි අතරින් ඉතාම සුළු පිරිසක් තමන්ගේ සහජ ලිංගිකත්වයට එරෙහිව ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයට මාරු වෙන්න; සංක්‍රමණය වෙන්න උත්සාහ කරනවා; එක අතකින් මේක මානසික විපර්යාසයක් හින්දා කියන මේ තත්ත්වය මානසික රෝග ගණයට අයිතිද? කියන ප්‍රශ්නයක් නිතර ඉස්මතු වුණා වෛද්‍යවරයා කීය.
ඒත් ඩොක්ට, පස්සේ මේක මානසික රෝගයක් ‍නෙවෙයි කියලා සනාථ වුණා නේද? එම තරුණයා යළි අසන ලද්දේ තරමක් දැඩි ස්වරයෙනි.
ඔව් නමුත් කෙනෙකුට තමන්ගේ සහජ ලිංගිකත්වය එපාවීමට හේතු මොනවද කියලා විමසා බැලීමත් ඔය අතරේ සිද්ධ වුණා. එතකොට තමයි පර්යේෂකයන්ට ඒ සඳහා මුල්වන හේතු දැන ගන්න ලැබුණේ
මොනවද ඩොක්ට, ඒ හේතු තරුණයා ඇසීය.
සමහර අයගේ මව් කුසේ පිළිසිඳ ගැනීමේ දීම ඇතිවන වර්ණදේහ විෂමතා නිසා ගැහැනු පිරිමි ලක්ෂණ මිශ්‍ර විදිහට උපදිනවා. ඒ කියන්නේ ඒ අයගේ ලිංගේන්ද්‍රිය පද්ධතිය වුණත් පිහිටන්නේ අසම්පූර්ණ විදිහට. ඊට පස්සේ ඒ අයගේ ශරීරවල බඥඵබධඵබඥපධද කියන පිරිමි හෝමෝනයට වඩා ඥඵබපධඨඥද, නපධඨඥඵබඥපධද කියන ස්ත්‍රී හෝමෝන ජනනය වෙනවා. මේ වගේ සංකීර්ණ තත්ත්වයක් යටතේ ඒ අයගේ පෙනුම, කතාබහ ගමන බිමන, ඇවතුම් පැවතුම් සිතුවිලි රුචි අරුචිකම් වුණත් වෙනස් වෙනවා. ඒ වගේ අයව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ඒථඡඪඨභධදඵ ඨඥදඪබචතඪච කියලා. ඒ වගේ සංකීර්ණ දේහමය සහ මානසික ලක්ෂණ සහිත අයට ස්ත්‍රී පුරුෂ වශයෙන් තමන් කැමති ලිංගයකට මාරුවීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම ඒ සඳහා වන බැරෑරුම් ශල්‍යකර්ම පවා සිදු කෙරෙනවා මනෝ වෛද්‍යවරයා කීය.
නමුත් ඩොක්ට, මෙතන තියෙන්නේ එහෙම තත්ත්වයක් ‍නෙවෙයි නේද? එවිට එම පැනය අසන ලද්දේ එම තරුණයාගේ වැඩිමල් සොයුරියයි.
ඔව් මෙතන තියෙන්නේ එහෙම තත්ත්වයක් නොවන බව සාමාන්‍යයෙන් බැලු බැල්මටම වුණත් කියන්න පුලුවන්. ඒ හින්දා තමයි ඒ වගේ සිතුවිල්ලක් ඇතිවීමේ පසුබිම ගැන විමසා බැලිය යුත්තේ මනෝ වෛද්‍යවරයා කීය. ඉන්පසු තමන් තරුණයකු නොව තරුණියක බව තදින්ම හැඟී යන නිසා තරුණියක වීමට වෙර දරන්නේ දැයි මනෝ වෛද්‍යවරයා විමසූ විට එම තරුණයා කියා සිටියේ තමන් තුළ එවැනි ප්‍රබල සිතුවිල්ලක් නොමැති බවය. භින්නෝන්මාදයවගේ මානසික රෝගවල ලක්ෂණයක් විදිහට වගේම වෙනම රෝග තත්ත්වයක් හැටියටත් මෝහාබාධ ඇති වෙන්න පුලුවන්. ඒ මෝහාබාධ අතර තමන් පිරිමියෙක් නොවෙයි ගැහැනියක්ය කියන වැරදි විශ්වාසයත් තියෙන්න පුලුවන්. මනෝ වෛද්‍යවරයා කීය.
ඒ වගේම තමන්ගේ පෞරුෂය සම්බන්ධ දැඩි මානසික කම්පනයට, බිඳ වැටීමකට ලක්වුණු කෙනෙක් තුළ වුණත් තමන් පිරිමියකු වීම ගැන දැඩි පසුතැවිල්ලක් සහ ගැහැනියක වීම හොඳයි වගේ සිතුවිල්ලක් පැන නගින්න පුළුවන්; ඒත් ඒ තාවකාලිකව ඒත් ඩොක්ට, ලෝකයේ දියුණු රටවල ඔය කිසිම දෙයක් නැතුව තමන්ට කැමති විදිහේ ලිංග මාරුවක් කර ගැනීමේ පහසුකම් තියනවා නේද? එම තරුණයා ඇසීය.
ලෝකයේ තියන නවීනතම සංකල්ප වැළඳගැනීමේ ලොකු උනන්දුවක් සමහර තරුණයන් තුළ තියනවා. නමුත් ඒක තමන්ට මොනතරම් ගැලපෙනවාද? ඒකෙන් තමන්ට අත්වියහැකි වාසි වගේම අලාභදායක ප්‍රතිඵල මොනවාද යන ඒවා ගැනත් ගැඹුරින් සිතාබැලිය යුතුයි. අනික මේ වගේ සැත්කමකට අති විශාල වියදමක් දරන්න වෙනවා. ඒ සඳහා පිටරටකටත් යන්න වෙනවා කී මනෝ වෛද්‍යවරයා අවසානයේ මෙසේද කීය. හැබැයි ඒ සියලු අභියෝග මැඩගෙන තරුණියක් බවට පත්වුණු තරුණයන් ඒ ස්ත්‍රීත්වය අතහැරලා නැවත පිරිමියෙක් වෙන්න උත්සාහ කරපු අවස්ථා ගැනත් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වෙනවා. ඒ නිසා හැම නවතාවයක්ම තමන්ගේ යහපතට හේතුවනවාය කියන උපකල්පනය දිහා යථාර්ථවාදීව බලලා කටයුතු කිරීමයි වඩාත් යෝග්‍ය.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන් අනාවරණය කරයි

සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.