lakbima.lk

දැඩි මතධාරී පවුලකින් විවාහයක් කර ගත් නයෝමි

ඔය පාරේ ඉන්න බල්ලන්ට කෑම දෙන එක නම් එච්චර හොඳ වැඩක් ‍නෙවෙයි. නයෝමි; අන්තිමට ඔය වැඩේ නතර වෙන්නේ ඔයාට විතරක් ‍නෙවෙයි අපිටත් පිස්සු බලු රෝගය බෝවෙලා

මාස කිහිපයකට පෙර විවාහ වී සැමියාගේ නිවසේ පදිංචියට පැමිණි නයෝමි නිවස අද්දර දිවි ගවෛන අසරණ සුනඛයන් කිහිප දෙනකුට කැම දීමට සැරසෙනු දුටු සැමියාගේ වැඩිමල් සොයුරිය කීවාය. විවාහ වී මාස කිහිපයකින් සැමියාගෙන් වෙන්වී මහ ගෙදරට පැමිණ සිටින ඇය අමුතු අදහස් ඇත්තියක බව නයෝමිට මුල්වරට වැටහුණේ එම නිවසේ පදිංචියට පැමිණි මුල් දිනවලදීය. එමෙන්ම තම සැමියා ද තම සිත තුළ පවතින මතිමතාන්දර පහසු වෙන් වෙනස් කර නොගන්නා දැඩි සිතක් සහිත පුද්ගලයකු බව නයෝමිට විවාහ වූ මුල් දිනවලම වැටහිණ. එසේම සැමියාගේ දෙමාපියන්ද තමන්ට වඩා ඉඳුරාම වෙනස් අරුම පුදුම ගති පැවතුම් ඇත්තවුන් බව නයෝමිට වැටහිණ.

ඉතින් අක්කේ ඒ අසරණ සත්තුන්ට කෑම දුන්නම කොහොමද පිස්සු බලු රෝගය හැදෙන්නේ ? එහෙම නම් උන්ට පිස්සු තිබිලා මාව හපා කන්නත් ඕනේ නේද? අනික මට එහෙම පිස්සු බලු රෝගය හැදුණාමය කියමුකෝ; ඒක කොහොමද මගෙන් ඔයාලට බෝවෙන්නේ නයෝමි අසන ලද්දේ සිත තුළ සඟවා ගත් තියුණු අමනාපයකින් යුතුවය.

ඔයා දන්නේ නැත්නම් දැන ගන්න නයෝමි; ජලභීතිකාව බෝවෙන්නේ බලු කෙළවලින් කියලා; ඔයා උන්ව ඔහොම තුරුල් කරගෙන ඉන්නකොට බල්ලන්ගේ කෙළ ඔයාගේ ඇඟේ ගෑවිලා; අන්තිමට පිඟන් කෝප්පවලින් ඒ විෂබිජ අපේ ඇඟවල්වලටත් ඇතුළුවෙයි නයෝමි කී දෙයට ඇගේ නෑණන්ඩිය පිළිතුරු දෙන ලද්දේ තරමක කෝපයකිනි.

නිරාහාරව සිටින සුනඛයකුට කුසට අහරක් දීමෙන් උගේ කෙළ ආහාර දෙන්නාගේ ශරීරයට ඇතුළු වීමට ඇති හැකියාව ගණන් ගත යුතු නොමැති තරම්ය. එමෙන්ම ඒ සුනඛයා තුළ ජල භීතිකා රෝගය තිබි උගේ කෙළ තම රුධිරය හා මිශ්‍රවීමට ඇති හැකියාව පිටසක්වලින් එන අභ්‍යාවකාශ වස්තුවක් තම හිස මතට කඩා වැටී එතැනම මිය යාමට ඇති හැකියාවටත් වඩා අඩු බව නයෝමිට වැටහිණ. එවන් තත්ත්වයක් යටතේ තමන් පාවිච්චි කරන පිඟන් කෝප්පවලින් නිවසේ සෙස්සන්ට ජල භීතිකාව වැලඳේය යන්න උන්මන්තකයකුගේ සරදමක් බව නයෝමිට මනාව වැටහෙන්නට විය.

මල් ගස්වලට වතුර දාන කොට උදේ හිරු පායන වෙලාවට නැගෙනහිර බලාගෙන දාන්න ඕනේ; එතකොට තමයි ඒ ගස්වල ඵලදාව වැඩි වෙන්නේ; ඉර බහින වෙලාවට බස්නාහිර පැත්ත බලාගෙන ගස්වලට වතුර දැම්මොත් මල් අඩුවෙනවා.

නයෝමිගේ සැමියාගේ මව කිහිප වරක් එසේ කීයේ ඇයද මින්පසු නිවසේ මල් පැළවලට ජලය දැමීමේදී එම ක්‍රියාපිළිවෙත අනුගමනය කළ යුතු බව අඟවමිනි. එමෙන්ම තම නැන්දනිය දිය නෑම් රෙදි සේදීම් ආදී කටයුතු වෙනුවෙන් දවසකට පැය තුන - හතරක් ගත කිරීම මුල් කොට ඇය සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවට විවාහ වූ මුල් දිනවලම නයෝමි තම සැමියාට යෝජනා කළේ එය මානසික අර්බුදයක් බව තමන් ‍පොත පතින් දැන ඉගෙන තිබූ බැවිනි.

ඇත්තටම නයෝමි ඔයාට විකාරද? අපේ අම්මා වැඩිපුර නාන රිෙදි හෝදන එක නතර කරන්න බේත් පෙතිවලට පුළුවන් නම් ඔයාගේ ඔය පිස්සු විකාර නතර කරන්නත් බේත් පෙතිවලට පුළුවන් වෙන්න එපායැ. හොඳට දැන ගන්න බේත් පෙති කියන ජාතියට පුළුවන් මිනිස්සුන්ගේ ඇඟේ පතේ අමාරු සනීප කරන්න විතරයි; බේත් පෙතිවලට ඔයා ඔය කියන විදිහෙ හාස්කම් කරන්න පුළුවන් නම් මේ ලෝකේ කනපිට හරවන්නත් බේත්  පෙතිවලට පුළුවන් වෙන්න එපායැ නයෝමිගේ සැමියා ඇයට කීයේ සමච්චලයට මෙනි.

ඒ කෙසේ හෝ මෙලෙස තමන් සිතනවාට වඩා බෙහෙවින් වෙනස් අස්වාභාවික සිතුවිලි සහිත පවුලක් සමග ජීවිත්වීමේ අසීරුව වටහා ගනිත්ම නයෝමිට තම යුග දිවිය සිර කඳවුරක්සේ හැඟෙන්නට විය. ඉන්පසු ජීවිතයේ පෙර පැවැති උද්යෝගය ඇය කෙරෙන් මුළුමනින්ම ගිලිහී ගිය අතර එතෙක් පැවැති ජීවිතයේ සතුට, සැනසුම එක්වරම මුළුමනින් අහිමි වන අයුරක් ඇයට වැටහිණ. ඒ කෙසේ හෝ ඉඩ ප්‍රස්ථා ලැබෙන විට තම මාපියන්ගේ නිවසට පැමිණි නයෝමි කමෛන් නැවත සැමියාගේ නිවසට යාම ප්‍රතික්‍ෂේප කරන්නට වූවාය. එසේම තම දෙමාපියන් සමීපයේදී වුව ඉතා සුළු දෙයින් වුව ඔවුන් හා අමනාප වූ නයෝමි ඉතා සුළු දේකදී පවා හඬා වැටෙන්නට වූ අතර තමන් මනෝ වෛද්‍යවරයකු වෙතට රැගෙන යන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා හිඳින ලද්දේද ඇයම විසිනි. මෙහිදී නයෝමි කී තම සැමියා සහ පවු‍ලේ සාමාජිකයන් පිළිබඳ විස්තර අසා සිටි මනෝ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස තම අදහස දැක්වීය.

අපි කාගේත් මොළය වර්ධනය වීම ආරම්භ වෙන්නේ බිළිඳු අවදියේ ඉඳලමයි. ඒ විදිහට දරුවකුගේ මොළය වර්ධනය වීමේදී තමන්ගේ වැඩිහිටියන්ගේ බලපෑම, පවුල් පරිසරය එහෙමත් තදින්ම බලපානවා; ඒ කියන්නේ තමන්ගේ වැඩිහිටි පරම්පරාවේ සිතුවිලි, ආකල්ප, අදහස්, උදහස්, ගති සිරිත් කුඩා කාලයේ දීම දරුවන්ගේ මනැස්වලට කාවදිනවා; නමුත් ඒ වගේ තත්ත්වයක් යටතේ වුණත් දරුවකුට පුංචි කා‍ලේ ඉඳලම ස්වාධීනව යම් යම් දේවල් අහලා, දැකලා ඒවා ගැන තමන්ගේ ස්වාධීන නිගමනවලට එන්න වැඩිහිටියන් ඉඩ දිය යුතුයි; ඒ වගේම ඒවා මුල්කොට ගත්තු ස්වාධීන ක්‍රියාකාරකම් වලටත් දරුවා යොමුකළ යුතුයි. දරුවන්ගේ මොළය ස්වාධීනව වර්ධනය වෙන්න ඉවහල්වන ප්‍රතීක (Synapsis of the brain) හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව වැඩිහිටි සිතුම්පැතුම් අනුව විතරක් හිතන්න පෙලඹෙන දරුවන්ගේ මොළයේ ප්‍රතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ නැති නිසා දරුවා බිළිඳු වයසින් ළමා වයසටත් ළමා වයසින් තරුණ වයසටත් එතකොට ඒ දරුවා අලුතින් හිතන්න බැරි සාම්ප්‍රදායික වැඩිහිටියෙක් වීමයි; මනෝ වෛද්‍යවරයා කීය.

අපේ ජන සමාජයේ සමහරු තමන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදාය වගේ දේවල් ගැන දැඩිව හිතන අතරේ තමන්ගේ දූ දරුවන්වත් දැඩි විදිහට ඒවාට යොමු කරනවා; සමහරුන් තමන්ගේ ජාතිය, ආගම, කුලය වගේ සාධකත් දේශපාලනික කරුණුත් පුංචි හිත්වලට උවමනාවට වඩා ඇතුළු කරනවා; ඒවාත් සමහර විට දරුවන්ගේ මානසික සංවර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්; ඒ වගේම මේ වගේ අලුත් අදහස් සිත තුළට කාවැදීමට ඇති නොහැකියාවට ජානමය සම්බන්ධයක් තිබෙනවා කියලත් විද්‍යාඥයෝ මත පළ කරනවා. ඒ වගේ අයට තමයි ස්ථාවර සිතුවිලි දරන්නෝ (Concrete thinkers) කියන්නේ, දැන් මේ ඉදිරිපත් වෙන කරුණුවල හැටියට ඔය කියන පවුලත් ඒ වගේ එකක් වෙන්න පුළුවන්  මනෝ වෛද්‍යවරයා කීය.එතකොට ඩොක්ට, මේ වගේ මානසික තත්ත්වයන් තියන අයව ප්‍රතිකාර මගින් සනීප කරගන්න බැරිද? එම විස්තරයෙන් පසුව නයෝමි මනෝ වෛද්‍යවරයාගෙන් ඇසුවාය.

සිත තුළට ඉබේ පිවිසෙන මෝහ සිතුවිලි (delusion) වගේ දේවල් මානසික රෝග ලක්ෂණ හැටියට පිළිගැනෙනවා; නමුත් මේ වගේ ගතානුගතික සාම්ප්‍රදායික අදහස් හිතේ දරාගෙන සිටීම මානසික රෝග ලක්ෂණයක් විදිහට පිළිගැනෙන්නේ නැහැ. අපේ සමාජයේ 'හණමිටි කාරයෝ' කියන උපහාසාත්මක නමින් හඳුන්වන්නේ මේ වගේ අයව තමයි මනෝ වෛද්‍යවරයා කීය.  

ඒත් ඩොක්ට, මේ වගේ අය එක්ක එකට ජීවත් වෙන්න අමාරුනේ. මනෝ වෛද්‍යවරයාගේ එම ප්‍රකාශයත් සමගම නයෝමි කීවාය.

අපි හිතනවා ඒ අය සියයට සීයක්ම තමන්ගේ මතයේ ඉන්නවා කියලා; ඒත් අපි ඒ අයත් එක්ක සුහදශීලීව ඒ අයගේ මතයට ජුව විරුද්ධ නොවීම; ඒ අයගේ ස්ථාවරය සියයට සීයක්ම, සීයට අනූව, අසූව සමහර විට සීයට තිහ හතලිහ දක්වාම අඩු කරගන්න පුළුවන්. මේක බුදු හාමුදුරුවොත් යොදා ගත්තු දියුණු මනෝ චිකිත්සක ක්‍රමයක් බව සිඟාලෝවාද, කසීභාරද්වාජ, කේසි වගේ සූත්‍රවලින් පැහැදිලි වෙනවා. ඒ හින්දා සැමියාගේ වගේම ඒ පවු‍ලේ අයගේ සිත් තුළත් තමන් ගැන ආදරයක් කරුණාවක් ඇතිවෙන විදිහට පසුබිමක් සකස් කර ගත්තොත් ඔය ප්‍රශ්නය බොහෝ දුරට විසඳාගන්න පුළුවන්. මනෝ වෛද්‍යවරයා එසේ කීය.

ඒ සමගම ඒ වනවිට නයෝමි පීඩා විඳිමින් සිටි විශාද රෝග තත්ත්වය සඳහාද ඖෂධීය පිළියම් යොදන ලදී. එතෙක් අඳුරින් වැසී තිබූ මනෝරිගේ ජීවිතයට මඳ සහන් එළියක් උදාවීම ඇරඹුණේ ඉන්පසුවය.

සටහන දමයන්ති ගමගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.