lakbima.lk

ලෝකයේ ආකර්ෂණීයම ගොඩනැගිලි අතර මුල් කිහිපය අතරට ගැනෙන ඉන්දියාවේ ටාජ් මහාල් ප‍්‍රාසාදය පසුගිය වසරේ තවත් අලූත් ලෝක වාර්තාවක් තැබූ බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ස`ගරාව වාර්තා කර තිබේ. එ් ලෝකයේ විවිධ ආකර්ෂණීය ස්ථාන අතරින් 2016 වසරේ වැඩිම සංචාරක පිරිසක් නැරඹූ ස්ථානය ලෙසිනි. සංඛ්‍යාත්මක වශයෙන් වාර්තා වී ඇති සංචාරක පිරිස මිලියන 8කි. එනම් ලක්ෂ 80කි. ඉන්දියාවේ ඇති අනිකුත් ඓතිහාසික ස්ථාන අතරින් ඉන්දියාවට වැඩිම ආදායමක් ලබා දෙන ස්ථානය බවට ටාජ් මහාල් ප‍්‍රාසාදය පත් වූයේ මීට අවුරුදු 20කට පමණ පෙරදීය. ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය පවසන අන්දමට ටාජ් මහාල් ප‍්‍රාසාදය නිසා ඉන්දියාවේ කීර්තිය ලෝකයේ අනිකුත් රටවල් අතර පැතිරෙනවා පමණක් නොව ඉන්දියානු ජනගහනයෙන් හතරෙන් එකක් නඩත්තු කිරීමට සෑහෙන ආදායමක් ද වාර්ෂිකව මෙම ප‍්‍රාසාදය විසින් උපයා දෙනු ලබයි.
ලෝකයේ බොහොමයක් ඓතිහාසික ස්ථානවලට සාපේක්ෂ්ව ටාජ් මහාල් ප‍්‍රාසාදය නැරඹීම සඳහා ඇතුළු වීමේ ගාස්තුව ඉහළ අගයකි. දිවා කාලයේ ටාජ් මහල් ප‍්‍රාසාදය තුළ පැය තුනක සංචාරයක් සඳහා ලබා ගත යුතු ටිකට් පතේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 21 කි. එනම් රුපියල් 3200 ක් පමණ වේ. දිවා කාලයේ පැය 12 ක කාලයක් ටාජ් මහාල් ප‍්‍රාසාදයට ඇතුළු වී ඒ තුළ ගත කිරීම සඳහා විදේශිකයෙකුගෙන් අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 27 ක් 30 ක් පමණ වේ. එනම් රුපියල් 5000 ක් පමණ මුදලකි. නමුත් පැය 24 ක්, එනම් එක් රාත‍්‍රියක් ටාජ් මහාල් ප‍්‍රාසාදය තුළ ගත කරන්නේ නම් එම මුදල ඇමෙරිකානු ඩොලර් 60 ක් බවට පත් වේ.  එනම් රුපියල් දස දහසක් පමණ වන මුදලකි. එක් දිනකට මෙම ප‍්‍රාසාදය තුළ රාත‍්‍රිය ගත කරන සංචාරකයන් සංඛ්‍යාව නිවාඩු දිනවල නම් හාරදහස ඉක්මවන බව වාර්තා වේ. මෙම සංචාරකයන් ආහාර පාන ලබා ගන්නේ නම් ඒ සඳහා වෙනම මුදලක් ගෙවන්නට ඔවුන්ට සිදු වේ.
පසුගිය 2016 වසරේ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය තවත් පුදුම සහගත කාරණයක් මාධ්‍යයට වාර්තා කර තිබිණි. ඒ ටාජ් මහාල් ප‍්‍රාසාදය තැනවූ ෂාජහාන් රජතුමා විසින් කළු පැහැති කිරි ගරුඩ යොදා ඉදිකිරීමට තීරණය කර තිබූ තවත් ප‍්‍රාසාදයක් පිළිබඳවය. නමුත් ෂාජහාන් රජතුමාගේ මෙම තීරණයට ඔහුගේ පුතුන් විරුද්ධ වී ඇති බවත් පසු කාලයේ යුදමය තත්ත්වයන් හේතුවෙන් කළු පැහැ ප‍්‍රසාදය පිළිබඳ අදහස ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් වාර්තා කර තිබිණි. මේ ආකාරයට කළු පැහැති කිරි ගරු`ඩ යොදා ටාජ් මහාල් ප‍්‍රාසාදය වැනිම වූ තවත් ප‍්‍රාසාදයක් ඉදිකරවීමට සාජහාන් රජතුමාගේ පුතුන් අකමැති වීමට හේතු වූ කාරණය පිටුපස කතාවක් තිබේ. අනාගතයේ දිනක ටජ් මහාල් ප‍්‍රාසාදය ලෝකයේ ප‍්‍රබල නිර්මාණයක් බවට පත් වන බව දැන සිටි ෂාජහාන් පුතුන් එවැනි තවත් නිර්මාණයක් ඉන්දියාව තුළ ඉදිකිරීමට විරුද්ධත්වය පළ කළේ එවැනි වෙනත් නිර්මාණයක් නිසා මුම්ටාස් නම් වූ තම මෑණියන් නමින් ඉදි කළ මෙම ප‍්‍රාසාදයේ වටිනාකම අඩු විය හැකි බවට ඔවුන් තුළ තිබූ සිතිවිල්ලයි. එමෙන්ම සාජහාන් රජු කළු පැහැ කිරි ගරු`ඩ ප‍්‍රාසාදය ඉදි කිරීමට තීරණය කර තිබුණේ මුම්ටාස් දේවියගේ මිය යාමෙන් පසු රජු සමග විවාහ වූ මුම්ටාස් දේවියගේ නැගණිය සිහිවීම පිණිස වීමද ඔවුන්ගේ විරෝධයට හේතුවක් විය. ඇය ඇගේ පිය පාර්ශ්වය මෙන් අඳුරු පැහැ සමක් තිබූ කාන්තාවක් බව ද වාර්තා වේ.
නමුත් ටාජ් මහාල් ප‍්‍රාසාදය වැනි තවත් ප‍්‍රාසාදයක් ෂාජහාන් රජතුමා විසින් ඉදි කර තිබුණේ නම් එම ප‍්‍රාසාදය ද සංචාරක ආකර්ෂණය දැඩිව දිනා ගන්නා ඓතිහාසික ස්ථානයක් වනවාට කිසිම සැකයක් නැත. එසේ වූයේ නම් එය මගින්ද ඉන්දියාවට අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත හැකි වනු ඇත. ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ස`ගරාව පවසන අන්දමට මේ හේතුව නිසා ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශයේ වර්තමාන නිලධාරීන්ට සාජහාන් රජතුමාගේ පුතුන් ගැන යම් ආකාරයක වෛරයක්, ක්‍රෝධයක් ඇති වී ඇත්නම් එහි කිසිදු අසාධාරණයක් නැත. මන්ද යත් ෂාජහාන් රජතුමාට කළු පැහැ කිරි ගරු`ඩ ප‍්‍රාසාදය ඉදි කරන්නට ඉඩ නොදීමෙන් මෙම පුතුන් රටට සිදු කර ඇත්තේ අති දැවැන්ත ලාභයකට වැට බැඳීමක් වන බැවිනි.
 
දුලංජලී මුතුවාඩිගේ 
 
ඡායාරූප - නිශානි දිසානායක
  1. දහනම වැනි සියවසේ අසාමාන්‍ය විවාහයක කතාව
  2. වෙන්දේසියේ විකිණී ගිය පළමු ඩිස්නිලන්ත සිතියම
  3. රන් ගිනි සිළුවක් රැගෙන ඇමෙරිකාව දෙස බලා සිටින කාන්තාව ගැන කතා ටිකක්
  4. ගඩාෆිගේ පුත්‍රයා නිදහස් කරයි
  5. බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් පසු අගමැතිනියට ඉවත් වන ලෙස බලපෑම්
  6. ඉරාන පාර්ලිමේන්තු ප්‍රහාරයත් සමග මැද පෙරදිග තවත් උණුසුම් වෙයි
  7. සෞදියේ ඉදිවන ලොව උසම ගොඩනැගිල්ල
  8. ඉන්දු - පාකිස්තාන් අර්බුදයක් වූ උස්මා හා තහීර්ගේ කතාව
  9. ආදරය වෙනුවෙන් රජ සැප අත් හරින ජපන් රජ කුමරිය
  10. අනාගතයේ ජනපති පුටුවටද?
  11. මියගිය පසු මිනීමරුවන් අල්ලා දුන් එමිලි
  12. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වෙයිද?
  13. කෙනෙකුගේ හිසක් තව කෙනෙකුට බද්ධ කරන්න පුළුවන් ද?

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.