lakbima.lk

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ හිදී 1932 ජනවාරි 16 වැනි දින උපන් ඇය නමින් ඩියන් ෆොසී. දෙමාපියන් සමග කුඩා කාලයේ ඇය ගතකළේ ඉතාමත් සැහැල්ලූ ජීවිතයක්. එ්ත් ඇයගේ සතුට පැවතුණේ ඉතාමත්ම කෙටි කාලයක් පමණයි. ඇයට අවුරුදු හයේදී මවත් පියාත් නීතියෙන් වෙන් වුණා.

ඩියන්ගේ මව නැවතත් විවාහ වුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. මුදලින් තොර ලෝකයක් ඔහුට තිබුණේ නැහැ. ඔහුට  ඕනෑ වුණේ ඩියන්වත් තමන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගන්නයි. එ්ත් ඇය ඊට කොහෙත්ම කැමති වුණේ නැහැ.

”මට බැහැ ඔය වැඩවලට සම්බන්ධ වෙන්න. මට  ඕනෑ නිදහස් ජීවිතයක් ගතකරන්නයි.” ඇය කෙළින්ම තමන්ගේ අකැමැත්ත කියා සිටියා. එ් කතාවෙන් ඇයගේ සුඵ පියාට 

ඇතිවුණේ කෙළවරක් නැති කෝපයක්.

”ඩියන් කියන්නේ හරිම හිතුවක්කාරියක්. මේ වහල යට ඉඳගෙන මගෙන් යැපෙන ගමන් එයාට  ඕන දේවල් කරන්න මගෙන් ඉඩක් නැහැ. මින් මත්තට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ තවදුරටත් එයා අපේ පවුලේ සාමාජිකයෙක් හැටියට ඉන්නවා දකින්න.” ඔහු කියා සිටියේ කෝපයෙන් පුපුරමින්.

එ් කතාවෙන් ඩියන්ට ඇතිවුණේ දරාගන්න බැරි තරම් වේදනාවක්. ඇයගේ මවටත් දියණිය වෙනුවෙන් කතා කරන්නට පුඵවන්කමක් තිබුණේ නැහැ. එ්, ඇයට ඇයගේ ස්වාමිපුරුෂයා ඉක්මවා යන්නට තරම් හැකියාවක් නොතිබුණු නිසයි.

නිවසින් තමන්ට ආදරය අඩුවන විට ඩියන් ස්වාභාවික පරිසරයට වැඩියෙන් ආදරය කරන්න පටන් ගත්තා. ඇය විශ්වවිද්‍යාල මට්ටමෙන් සත්ව විද්‍යාව හදාරන්න තීරණය කළේත් එ් නිසයි.

කුඩා කළ පටන්ම ඩියන් සතුන්ට දැක්වූයේ දැඩි ආදරයක්, කරුණාවක්. සතුන් අතරිනුත් ඇය වඩාත්ම ප‍්‍රිය කළේ ගෝරිල්ලන්ටයි. මේ ඇල්ම නිසාම ඇය මානව වානර විද්‍යාඥවරියක් වුණා. එ් කියන්නේ ගෝරිල්ලන්, චිම්පන්සින්, ගිබන්, බැබුන්, වඳුරන්, රිළවුන් ගැන විද්‍යාත්මකව කරුණු සොයා බලන විද්‍යාඥවරියක්.

1980දී කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව සම්බන්ධව ආචාර්ය උපාධියක් ලබාගත් ඇය ගෝරිල්ලන් පිළිබඳ පර්යේෂණාත්මක පොතක් ලිව්වා. එහි නම 'Gorilla in the Mist' එය ගෝරිල්ලන් ගැන ලියවුණු ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුණු පොතක්.

ලෝකයෙන් වඳ වී යන සත්ව ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න සතෙක් තමයි ගෝරිල්ලන්. උන්ට මේ අවාසනාව උරුම වෙන්නේ මිනිසුන්ගේ නොමිනිස්කම නිසයි. ගෝරිල්ලන්ට වෙන මේ අසාධාරණය ගැන ඩියන් සිටියේ බොහොම කම්පාවෙන්. මේ වෙද්දී මේ අසාධාරණයට වැඩියෙන්ම ගොදුරු වී සිටියේ රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන්. ඩියන් ඇමෙරිකාවේ ඉඳන් රුවන්ඩාවට ගියේ මේ අසරණයන්ට පිහිට වෙන්නයි.

වරක් ජර්මනිය රුවන්ඩාවෙන් ගෝරිලි පැටවුන් දෙදෙනෙක් මිලට ගන්නට දැරූ උත්සහයට ඩියන් තදින්ම විරුද්ධ වුණා. මේ දෙදෙනා සිටියේ රුවන්ඩා ජාතික අභය භූමියේයි. මේ කටයුත්තේදී තම පැටවුන් අල්ලා ගන්නවාට අකැමැති වුණු වැඩිහිටි ගෝරිල්ලන් 18 දෙනෙක් වෙඩි තබා මරා දැමුවා. මේ සිද්ධිය ගැන තදින්ම කම්පා වුණු ඩියන් ගෝරිලි පැටවුන් රටින් පිටකිරීම තහනම් වියයුතු බව රුවන්ඩා රජයට කියා සිටියා.

රුවන්ඩා රජය ගොරිල්ලන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඩියන්ට සහන සලසා දුන්නා. එ්ත් රුවන්ඩාවේ සංචාරක ව්‍යාපාරවලට සම්බන්ධ වුණු අය නම් ඩියන්ට කැමැත්තක් දැක්වූයේම නැහැ. ඊට හේතුව ඇය කඳුකර ගෝරිල්ලන්ට හානි වෙන විදිහට සිදුවෙන සංචාරක ව්‍යාපාරයට තදින්ම විරුද්ධ වුණු නිසයි. ගෝරිල්ලන් දැක බලා ගන්නට එන සංචරකයන් නිසා මේ සතුන් අතර හෘද රෝග පැතිර යන බවත් ඇය තහවුරු කළා.

ගෝරිල්ලන් ස්වභාවයෙන්ම ආවේගශීලී සතුන් කොටසක්. හීලෑ නොකළ ගෝරිල්ලෙකු ළඟට මිනිසෙකුට ළඟාවෙන්නවත් පුඵවන්කමක් නැහැ. එ් උන් තදින්ම පහර දෙන නිසයි. එ්ත් ඩියන් රුවන්ඩා ගෝරිල්ලන් සමග හොඳින්ම මිතුරු වුණා. අන්තිමේදී මේ සතුන් හිතුවේ ඩියන් තමන් වෙනුවෙන්ම ඉන්නා තමන්ගේම කෙනෙක් කියායි.

රුවන්ඩාවේ ගෝරිල්ලන් රැුකගන්නට ඩියන් සංචාරක ව්‍යාපාරිකයන් හා දඩයම්කරුවන් සමග තනිවම සටන් කළා. මේ නිසා ඇයට සතුරන් බොහෝ සිටියා. ඇයට තදින්ම රිදවන්න සිතූ මොවුන් දවසක් ඩියන් වැඩියෙන්ම ආදරය කළ ‘ඩිජිට්’ නම් කඳුකර ගෝරිල්ලාව මරා දමා තිබුණා. ඒ ගැන ඩියන්ට ඇතිවුණේ  කියාගන්න බැරි වේදනාවක්.

ඉන් ටික දිනකට පසු එ් කියන්නේ 1985 දෙසැම්බර් 26 වැනිදා උදෑසන රුවන්ඩා ජාතික අභය භූමියේ ඇය පදිංචි වී සිටි පර්යේෂණ කුටිය තුළ දරුණු ලෙස මරා දමා තිබූ ඩියන්ගේ සිරුර හමුවුණා. එ් මිනීමරුවන් අදටද නීතියේ රැහැනට හසුවී නැහැ.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.