lakbima.lk

 

1. ලෝකයේ දීර්ඝතම මුහුදුබඩ පාලම

මේ සතියේ දී ලෝක පාලම් ඉතිහාසයට නව මුහුණුවරක් කැඳවමින් ලෝකයේ දැනට පවතින   'මුහුදුබඩ දිගුම පාලම' විවෘත වීමට නියමිත ය. ඒ හොංකොං දූපත හා  මැකාවු හි ෂුහායි නගරය එක්කරමිනි. දැනට ඇමරිකන් ඩොලර් බිලියන 20ක් වැය කර ඇති මෙම පාලම ලබන අඟහරුවාදා (30) ජනතාවගේ භාවිතය සඳහා චීන ජනපති ෂී ජින් පින් අතින් පිරිනැමේ.

මෙම පාලම නිර්මාණය සඳහා වසර 9 ක් වැය වී ඇති අතර  දකුණු දිග චීනයේ නගර 11 ක් කිලෝ මීටර් 56 500 ක් ආවරණය කර ඇත. මෙ‍ම පාලමේ භාවිතය සඳහා  මිලියන 68ක ජනතාවක් සිටින බවයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනුයේ. පාලමේ ගමන් කළ යුතු සම්පූර්ණ කාලය පැය 3 හ විනාඩි 30 කි. මේ සඳහා ෂටල් බස් රථයකින් යනෙන මගියෙකු වැය කළ යුතු මුලු මුදල ඇමරිකන් ඩොලර් 8 ත් 10 ත් අතර වේ.

 

2. වාසනාවේ ගැට පාලම

මෙම අපූරු පාලමේ නාමය වන්නේ 'ලකී නොට්' ය. පිහිටා ඇත්තේ චීනයේ චැන්ල්ෂා ප්‍රාන්තයේ ය. ලෝකයේ ඉතාම සුන්දර පාලම් වලින් එකක් වන මෙය වඩාත් සුවිශේෂී වන්නේ එහි නාමය හැඩය හා සෑදීමට උපයෝගී කරගත් ගෘහ නිර්මාණ ශිල්පය යි.

 

3. තනි ආරුක්කු පාලම

තායිවානයේ තායිපේ අගනුවර පිහිටා ඇති අඩි 3000 'ඩාන්ජියැන්ග් පාලම' ලෝකයේ 'දිගම තනි ආරුක්කු පාලමයි.' සාමාන්‍ය පාලම් වලට පාලම් බඳ දරා ගැනීමට ආරුක්කු කිහිපයක් භාවිත කළ ද මෙහි තනි ආරුක්කුවක් කේබල් වයර් මඟින්  රඳවා තැබීම සුවිශේෂී ය.

 

4. පදික වේදිකා පාලම

මෙම අරුම  පුදුම පදික වේදිකා  මගී පාලම පිහිටා ඇත්තේ ස්වීඩනයේ සොල්ව්ස්බර්ග් හි ය. මෙය දිගින් අඩි 2480 ක් වන අතර යුරෝපයේ පිහිටි දිගුම පදික වේදිකා පාලමයි. මෙම පාලමේ ආලෝකය එල්.ඊ.ඩී බල්බ් මඟින් ජනනය වේ.

 

5.  සර්පිලාකාර පාලම

මෙම පාලම 2010 දී නිමවූවක් වන අතර පිහිටා ඇත්තේ සිංගප්පූරුවේ මරීනා බොක්කේ ය. මෙය දැනට ලෝකයේ ඉදි වූ ද්වී ගුණ සර්පිලාකාර  හැඩයෙන් නිම වූ එකම පාලමයි. මෙම පාලමෙන් සංකේතවත් වන්නේ ජීවිතය, අලුක්වැඩියාව හා වර්ධයයි.

 

6. වටරවුම් පාලම

උරුගුවේ හී ගාසෝන් වල පිහිටි මෙම වෘත්තාකාර පාලම ඉදි වී ඇත්තේ ගාසොන්හි කලපුබදව ය. මෙය ඉදි වී ඇත්තේ 2015 දී වන අතර උරුගු ගෘහ නිර්මාණ ශිල්පියෙකු  වූ රෆායෙල් විනෝලි අතින් මෙය නිර්මාණය වී ඇත.

 

7. ලයිට් නැති කොල පාලම

මෙම අරුම පුදුම පාලම පිහිටා ඇත්තේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි ය. සරජීවෝ පාලමේ අනු රුවක් ඇසුරින් නිර්මාණය වී ඇති මෙම පාලම සම්පූර්ණයෙන් කොළ ලුමිනෙක්ස් පාට සහිත ගල් රැසකින් නිර්මාණය වී ඇත. එහේතුවෙන් ආලෝකය නොමැතිව ම මෙම පාලම පවතින අතර සිදුවන පරිසර දූෂණය ද ඉතා අවම ය.  

 

8. වීදුරු පතුල් පාලම (නිමවෙමින් පවතියි)

ලෝකයේ විශාලතම වීදුරු පාලම වන මෙය දිගින් අඩි 69 ක් ද උසින් අඩි 718ක් ද වේ.  මෙය දැනට ලෝකයේ නිමවෙමින් පවතින පතුළ වීදුරු සහිත වීදුරු පාලමයි. පිහිටා ඇත්තේ චීනයේ සැන්ජියැජි හි ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.