lakbima.lk

 

 Albuquerque International Balloon Fiesta’ යනු ඔක්තෝබරය හැඩ ගන්වන ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟයකි. මෙම තරඟය වාර්ෂිකව  පැවැත්වෙනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ ය.

අනෙක් ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟ වතට සාපේක්ෂව මෙය කිසිදු වයස් භේදයක් නොමැතිව ඕනෑම තරාතිරමක පුද්ගලයන් හට සහභාගී විය හැකි අපූරු තරඟයක් වීම විශේෂත්වයකි.

මෙම බැලුම් තරඟය 1972 දී වාෂ්ප බැලුන් 13 කින් ආරම්භ වූවක් ය. කෙ‍සේවෙතත් මෙය උන්මාදයක් මෙන් වැළඳ ගත් ජනතාවක් නිර්මාණය වීම හරහා මේ වන විට වසරකට වාෂ්ප බැලුම් 700කට අධික ප්‍රමාණයක් උඩු ගත කිරීමට මෙහි සංවිධායකයන්ට හැකියාව ඇත.

මෙම තරඟය පැවැත්වෙනුයේ  අක්කර 365 කින් යුත් භූමි භාගයක ය.

විවිධ තේමාවන්ගෙන් යුත් වාෂ්ප බැලුන් ඉදිරිපත් කිරීමට තරඟ කරුවන්ට හැක. ඒ නිසාම ඔක්තෝබරයේ ආකාසය අනේක පාට හා හැඩතලයෙන් යුත් වාෂ්ප බැලුන් සිය දහස් ගණනින් වරණවත් වේ.

එමෙන් ම මෙම තරඟය අන් කවර තරඟයක්ටත් වඩා ලෝකයේ ඡායාරූප ගතවෙන මනස්කාන්ත ඉසව්වක්  ලෙස ද  හඳුනාගැනේ.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

  1. මුට්ට කරගැහුවත් ලෝකයක් දිනන්නට පුළුවන් බව ඔප්පු කළ එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ
  2. මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය
  3. සුළං බලයෙන් ක‍්‍රියාත්මක වන ගුවන්යානයක්
  4. වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්
  5. මෙහෙමත් කෑමක් !
  6. අපූරු පාස්පෝර්ට් !
  7. ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ
  8. දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය
  9. ලෝකයෙන් සැඟවුණු අරුම පුදුම සිර ගෙවල්
  10. හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම
  11. නිර්මාණය කොට වසර හතළිස් හයකට පසු තිරගත වන වාර්තා චිත්‍රපටය
  12. ගංවතුරට එරෙහිව පාවෙන පාසල් ඉදිකරන වතුරටම යටවුණු මිනිසා
  13. ඉන්දියාවේ ඉදිවුණු ලොව උසම ප්‍රතිමාවට ගොවි ජනතාවගේ විරෝධය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.