lakbima.lk

නමින් මැග්ඩෙබර්ග් ලෙස හැඳින්වෙන මෙම අපූරු ඇල මාර්ගය  පිහිටා ඇත්තේ මධ්‍යම ජර්මනියේ මැග්ඩෙබර්ග් නුවර ය. මෙය යුරෝපයේ පිහිටා ඇති 'විශාලතම පැන්නුම් ඇල මාර්ගය‍' ලෙස හැඳින්වේ. එල්බේ ගඟ හරහා  වැටී ඇති පැන්නුම් ඇලක් වන මැග්ඩෙබර්ග්  ඔස්සේ රයින්ලෑන්ඞ් හා බර්ලින් ප්‍රධාන නගර  යා කෙරේ.

දිගින් අඩි 3012 ක් වන මෙහි පළල අඩි 112 කි. ඇල මාර්ගයේ ගැඹුර අඩි 13.9 කි. මෙම ඇල මාර්ගය මඟින් බෝට්ටු, කුඩා මඟී නෞකා ගමන් කළ හැක. පළමුවරට මෙය ගොඩනැඟීම ආරම්භ වූයේ 1997 දි වන  අතර 2003 දී මෙය සාදා ජනතා අයිතියට පත් කිරිම සිදුවිය.

1997 දී මෙය ගොඩනැඟීම ආරම්භ වූ නමුත් සැබැවින් ම මෙහි ගොඩනැඟීම සිදුවූයේ 20 වන සියවසේ දී ය. කෙසේවෙතත් ලෝක යුධ සමයන්හි දී මෙම ඇල මාර්ගය ගොඩනැඟීම කල් දමන්නට බලධරයින්ට සිදු විය. 1945 තුෂ්ණි යුධ සමයේ දී ද මෙහි ගොඩනැඟීම ප‍්‍රමාද වූයේ ජර්මනිය දෙකඩ වී තිබීම හේතුවෙනි. බර්ලින් තාප්පයේ කැඞීයාමත් සමඟ එක්සත් වූ ජර්මනිය නැවත ඇල මාර්ග ව්‍යාපෘතිය සෑදීම සඳහා සිය ප‍්‍රමුඛතාවය ලබා දුන්නේ ය. මේ සඳහා මූලිකවම යුරෝ මිලියන 501 ක් වැයවිය.

වර්තමානය වන විට රයින් ගංඟාව හා ඝෘජුව සම්බන්ධ වන මෙහි ප්‍රධාන ආධාරකය තුළ පමණක් ටොන් 24 000ක් බරැති වානේ හා කොන්කී‍්‍රට් කියුබික් මීටර් 68 000 ක්  පවතියි. මෙය ලෝකයේ පැන්නුම් ගංඟා ක‍්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන් අපූරු ඇල මාර්ග ව්‍යාපෘතියකි.

උත්පලා ප‍්‍රබුද්ධිකා 

  1. කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා
  2. පැසිෆික් සයුර තරණය කළ පළමු මිනිසා
  3. අහසින් වැටුණු අමුතු වැසි
  4. දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර
  5. ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්
  6. මුට්ට කරගැහුවත් ලෝකයක් දිනන්නට පුළුවන් බව ඔප්පු කළ එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ
  7. මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය
  8. සුළං බලයෙන් ක‍්‍රියාත්මක වන ගුවන්යානයක්
  9. වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්
  10. මෙහෙමත් කෑමක් !
  11. අපූරු පාස්පෝර්ට් !
  12. ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ
  13. දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය
  14. ලෝකයෙන් සැඟවුණු අරුම පුදුම සිර ගෙවල්
  15. හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම
  16. නිර්මාණය කොට වසර හතළිස් හයකට පසු තිරගත වන වාර්තා චිත්‍රපටය
  17. ගංවතුරට එරෙහිව පාවෙන පාසල් ඉදිකරන වතුරටම යටවුණු මිනිසා
  18. ඉන්දියාවේ ඉදිවුණු ලොව උසම ප්‍රතිමාවට ගොවි ජනතාවගේ විරෝධය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.