lakbima.lk

2019 වසරේ උදාව බොහෝ දෙනා විවිධ ආකාරයෙන් සමරනු අපට දකින්නට ලැබුණි. තම සිත් ගත් ස්ථානවල 31 රාත්‍රිය පහන් කරමින් වඩා වැඩි ප්‍රීතියකින් නව  වසරේ උදාව  අත් විඳින්න  ඔවුන් කල්පනා කළ විය හැකිය. එහෙත් ඊළඟ මොහොතේ කුමක් සිදුවේදැයි, තව කොපමණ වේලා ජීවත් වන්නට ඉඩ ලැබේදැයි මරණ බියෙන් පෙළෙමින් ඒ මොහොත ගත කළ පිරිසක්ද සිටි බව අප අමතක කළ යුතු නැත. ඒ මේඝහල්‍යා පතල් කම්කරුවන්ගේ අභාග්‍ය සම්පන්න කතාන්තරයයි.
පුරා මසකට ආසන්න කාලයක් මුළුල්‍ලේ පත‍ලේ සිරවී සිටින ඔවුන්ගේ ෙදෙවය කුමක් වේදැයි කියන්නට (මේ ලිපිය සම්පාදනය වන මොහොත දක්වා) තවමත් කිසිවකු නොසමත් බව අපට අසන්නට ලැබෙයි. මේඝහල්‍යා හි අගනගරය ලෙස සැලකෙන ෂිලොංග් සිට තරමක් ඈතින් පිහිටි ගම්මානයක් වන ක්සාන් හි ගල් අඟුරු පතලක් වතුරෙන් පිරීයාමත් සමගින් මෙකී කම්කරුවෝ ඒ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන්නෝය.
මේඝහල්‍යා පතල් අනතුර නොහොත් අභාග්‍යය සිදුවූවා යැයි සැලකෙන්නේ පසුගිය දහතුන් වැනිදාය. විසි දෙනෙකු එහි සිරවී සිටින බව අසන්නට ලැබුණු නමුත් ඉන් පස් දෙනෙකු දිවි ගලවා ගනිමින් මතුපිටට එන්නට සමත්ව තිබේ. එහෙත් (මේ ලිපිය සම්පාදනය වන මොහොත දක්වාම) ඉතිරි පහළොස් දෙනා තවමත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් එහි සිර වී සිටිති. ඔවුන් මෙසේ සිර වී සිටින්නේ ජෙයින්ටියා කඳුකර දිස්ත්‍රික්කයේ මීටර 112ක පමණ ගැඹුරු පතලකය. මේ පතල් කම්කරුවන්ට ඒ අභාග්‍යයට මුහුණ දෙන්නට සිදු වූයේ ප්‍රධාන පත‍ලේ සිට තවත් අතුරු පතලකට හරස් කැපුමක්, කැණීමක් සිදුකරද්දීය. අවාසනාවකට මෙන් මේ අතුරු මග වැටී තැබුණේ අසල වූ ඹ්රබඪඥද  ගංගාවේ  දිය දහරක් හරහාය.


මේඝහල්‍යා වූ කලී ඉහළ ගල් අඟුරු නිෂ්පාදනයක් ලබා දෙන පළාත්වලින් එකකි. 2014 වසරේදී පමණක් වර්තාගත ටොන් හය මිලියනයක ගල් අඟුරු ප්‍රමාණයක් එපෙදෙසින් නිපදවී තිබෙන බව පැවසෙයි. එහෙත් පරිසරයට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන ඒ වසරේ පටන් එහි ගල්අඟුරු පතල් කැණීම තහනම් කරන ලදී. වෙසෙසින්ම මේ ආකාරයේ පටු උමං දිගේ පතල් කැණීමේ ක්‍රමය තහනම් කෙරිණි. මේ පටු පතල් උමං දිගේ ගමන් කිරීමේ තාක්ෂණය අද ලොව දකින්නේ මර උගුල් වශයෙනි. එහෙත් දරිද්‍රතාවය හමුවේ ඒවායින් මුළුමනින් මිදෙන්නට දිළිඳු ඉන්දියානු කම්කරුවන්ට තවමත් නොහැකිය.
විසිහය හැවිරිදි ඕමාර් අලි සහ 25 හැවිරිදි ෂිරාපත් අලි පත‍ලේ වැඩට යනවිට හැඳගෙන ගිය සල්වාර් කමිස දෙක ඔවුන්ගේ බිරින්දෑවරුන් වූ ෂෙෆාලිටත් නෆීසාටත් ලැබුණේ දෙසැම්බරයේ දෙවැනි සතියේ පමණය. ඒ සිය සැමියන් පත‍ලේ සිර වී සිටින්නේය යන බියකරු ආරංචියද සමගය. ඒ එක් කතාන්දරයක් පමණයි. තවත් දහතුන් දෙනෙකුගේ නිවෙස්වල පුරා මාසයක් මුළුල්‍ලේ බතක් ඉදෙන්නේ නැත. ඔවුන් බේරා ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග නොගන්නේ යැයි බොහෝ අංශ මෝදි රජයට චෝදනා කරතත් ජාතික විපත් පිළිසරණ බළකාය  ඉන්දියානු ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව ආදිය දිගින් දිගටම ඔවුන් බේරා ගැනීමේ කටයුත්තේ නියැලී සිටින බවක් දැන ගන්නට ලැබෙයි.
මේ වනවිටත් ලීටර 12.00,000 වඩා වැඩි ප්‍රමාණයක් පිටතට ‍පොම්ප කර ඇති නමුත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ එයද නිෂ්ඵල කටයුත්තක් බවට පත්ව තිබේ. අනෙක් අතට උමග ගංගාව සමග එක්පසකින් හා වී තිබිමද  ජලමට්ටම අඛණ්ඩ ලෙස ඉහළ යාමට හේතුවක් වී තිබේ. කිමිදුම්කරුවන් පිටත් කර හැරීමේ කාරියද අසාර්ථකව ඇත්තේ ඔවුනට අඩි හතළිහේ සීමාව ඉක්මවන්නට නොහැකි වීමත් සමගය.
පසුගිය සෙනසුරාදා දක්වාම වතුර මට්ටම එක් අඟලකින්වත් පහළ බස්වාගන්නට නොහැකි වූ බව මුදාගැනීමේ ක්‍රියාන්විතයේ මාධ්‍ය ප්‍රකාශක අ. ඉභඵදඨඪ පවසයි. “මඩිස්සා ගිනිනිවන භටයන් ජලය පිටතට ‍පොම්ප කරන්නට පටන්ගෙන තිබුණා. ඉන්දියානු නාවුක හමුදාවයි ව්අච්ජ් එකෙයි  කිමිදුම්කරුවන් එවස 4.30ට විතර වතුර මට්ටම පරීක්ෂා කළා. ඒත් එක් අඟලකින්වත් වතුර මට්ටම පහළ බැහැලා තිබුණු බවක් පෙණුනේ නැහැ. එහෙත් ඔවුන් දිගින් දිගටම ජලය පිටතට ‍පොම්ප කරන කාරියේ යෙදිලා ඉන්නවා. ඛිධචත දඤඪච සමාගමේ විනාඩියකට ගැලුම් 500 පිටතට ‍පොම්ප කිරීමේ වේගය ඇති උපකරණ අප භාවිත කරමින් ඉන්නේ. ඒ වගේම බදාදා වන විට ම්ඪපඵතධඵඬචප ඕපධබඩඥපඵ සමාගමේ නවීන ‍පොම්ප හා උපාංග මෙහි ළඟාවන්නට නියමිතයි.” මෙය සැලකෙන්නේ නීති විරෝධි පතලක් ලෙසයි. නැෂනල් ග්‍රීන් ට්‍රිබියුන් මගින් පටු උමං පතල්  මේ පෙදෙසේ තහනම් කළේ 2014 අප්‍රේල් මාසයේදීය.
විශේෂඥ කිමිදුම් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විටත් එහි රැඳී සිටියි. වෙනත් තාක්ෂණික උපකරණ මෙන්ම දිය යටින් ගමන් කරන යාත්‍රාවල සහාය ලබා ගන්නටද බලධාරීන් අපේක්ෂාවෙන් පසුවන බව දැන ගන්නට ලැබේ.
මේඝහල්‍යාහි ප්‍රධාන අමාත්‍ය කොන්රඩ් සංග්මා මේ පිළිබඳව දෝෂාරෝපණය පටවන්නේ නීති විරෝධී බව දැන දැනත් පතල් කර්මාන්තය කරවන හාම්පුතුන් වෙතය. මේඝහල්‍යා ‍පොලීසිය මේ වනවිටත් එහි අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙයි. මේ මුදවා ගැනීමේ මෙහෙයුමේ කටයුතු ප්‍රමාදවීම ගැන ප්‍රාන්ත රජයට මෙන්ම මධ්‍යම ආණ්ඩුවටද බොහෝ දෙනාගේ චෝදනා එල්ල වෙමින් පවතී. අඩුම තරමේ සති දෙකක කාලයක්වත් ඔවුන් අපතේ හැර ඇති බව විවේචකයන්ගේ මතයයි.
අඳුරු පතල්වල සිරවූවන්ගේ අභාග්‍යසම්පන්න ඉරණම් පිළිබඳ කඳුළු කතා මතුවන්නේ ඉන්දියාවෙන් පමණක් නොවේ. තුර්කියේ පතලක් කඩා වැටීමෙන් සිය දෙනෙකු මිය ගිය පුවතද, ඉරානයේ පතලක් පිපිරීමෙන් තිස් ගණනක් මිය ගොස් තවත් දොළොස්දෙනෙකු පමණ සිර වී සිටින පුවතද, චීනයේ පතලක වූ පිපිරුමකින් දහතුන් දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු අතුරුදන්ව ඇති පුවතද ඉන් කිහිපයකි.

පාලිත ජයකොඩි

  1. බැරලයකින් අත්ලන්තික් සයුර තරණයට ගිය මිනිසා
  2. මැදපෙරදිග ඉදි වූ විශාලතම දෙව් මැඳුර
  3. ගඟක් උඩින් ඇලක් !
  4. කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා
  5. පැසිෆික් සයුර තරණය කළ පළමු මිනිසා
  6. අහසින් වැටුණු අමුතු වැසි
  7. දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර
  8. ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්
  9. මුට්ට කරගැහුවත් ලෝකයක් දිනන්නට පුළුවන් බව ඔප්පු කළ එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ
  10. මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය
  11. සුළං බලයෙන් ක‍්‍රියාත්මක වන ගුවන්යානයක්
  12. වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්
  13. මෙහෙමත් කෑමක් !
  14. අපූරු පාස්පෝර්ට් !
  15. ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ
  16. දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය
  17. ලෝකයෙන් සැඟවුණු අරුම පුදුම සිර ගෙවල්
  18. හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම
  19. නිර්මාණය කොට වසර හතළිස් හයකට පසු තිරගත වන වාර්තා චිත්‍රපටය
  20. ගංවතුරට එරෙහිව පාවෙන පාසල් ඉදිකරන වතුරටම යටවුණු මිනිසා
  21. ඉන්දියාවේ ඉදිවුණු ලොව උසම ප්‍රතිමාවට ගොවි ජනතාවගේ විරෝධය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.