lakbima.lk

 

ඒකාකාරී සංකීර්ණ ජීවිතයෙන් මිදී සරලව ජිවත් වීමට කැමති කෙනෙකුන් හට ජීවත් වීමට හොඳම ස්ථානය වනුයේ නෙදර්ලන්තයේ පිහිිටි ගීත්‍රෝන් නම් වූ ගම්මානය යි. මෙම ගම්මානය හඳුන්වන අනෙක්  නාමය වනුයේ ‘පුංචි වැනීසිය’ යි. මෙහි සාමාන්‍ය මහා මාර්ග නොමැත. ප‍්‍රවාහනය සඳහා පවතිනුයේ කුඩා ඇල මාර්ග වලින් එක් වූ මාර්ග පද්ධතියකි.

මෙම අපූරු ගම්මානය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ  ඕවරිජෙසල් නම් ප‍්‍රාන්තයේ ය. මෙහි ඇල මාර්ග කිලෝ මිටර් 90ක් දක්වා දිවෙයි.  ගීත්‍රෝන් යන නාමය ලැබී ඇත්තේ 10 වන ශත වර්ෂයේ මෙම බිම් තීරුවේ ආරම්භක පදිංචිකයන් වූ geithorens නම් ගෝත විශේෂයක් හේතුවෙනි.

මේ වන විට සාම්ප‍්‍රදායිකව භාවිත වන කුඩා ඩිංගි බෝට්ටු වෙනුවට ‘විස්පර්’ නම්  බෝට්ටු මෙහි ප‍්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.

සියලූම නිවාස සුරංගනා කතාවක මෙන් පවතින නිවාස වලට සමාන ය. සෑම දුපතකම  එක් ඉපැරණි නිවාසයක් බැගින් ඇත. ඒවා බොහෝවිට යාවනුයේ කුඩා පාලම් මගිනි. නැතිනම් කුඩා ඇලක් මඟිනි.

මෙහි පරිසර දුෂණය ද ඉතා අවම තත්වයේ ය. නිහඩ හුදකලාව හේතුවෙන් සෙසු ලෝකයෙන් වෙන් ව පවතියි. ඒ නිසාම මානසික සුවය ලඟා කරගැනීම සදහා බොහෝ සංචාරකයින් මෙම ගම්මානය වෙතට නිරතුරුව පැමිණෙයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

  1. ලෝකයේ අවසානයට හමු වූ මැමත් පැටියා
  2. සේවකයන් පහළොස් දෙනෙක් තවමත් මීටර් 112ක් යට
  3. බැරලයකින් අත්ලන්තික් සයුර තරණයට ගිය මිනිසා
  4. මැදපෙරදිග ඉදි වූ විශාලතම දෙව් මැඳුර
  5. ගඟක් උඩින් ඇලක් !
  6. කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා
  7. පැසිෆික් සයුර තරණය කළ පළමු මිනිසා
  8. අහසින් වැටුණු අමුතු වැසි
  9. දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර
  10. ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්
  11. මුට්ට කරගැහුවත් ලෝකයක් දිනන්නට පුළුවන් බව ඔප්පු කළ එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ
  12. මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය
  13. සුළං බලයෙන් ක‍්‍රියාත්මක වන ගුවන්යානයක්
  14. වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්
  15. මෙහෙමත් කෑමක් !
  16. අපූරු පාස්පෝර්ට් !
  17. ලෝ ප‍්‍රකට සිනමාපට රැසකම රඟපෑ බාර්ට් නමැති යෝධ වලසාගේ කතාවයි මේ
  18. දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය
  19. ලෝකයෙන් සැඟවුණු අරුම පුදුම සිර ගෙවල්
  20. හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම
  21. නිර්මාණය කොට වසර හතළිස් හයකට පසු තිරගත වන වාර්තා චිත්‍රපටය
  22. ගංවතුරට එරෙහිව පාවෙන පාසල් ඉදිකරන වතුරටම යටවුණු මිනිසා
  23. ඉන්දියාවේ ඉදිවුණු ලොව උසම ප්‍රතිමාවට ගොවි ජනතාවගේ විරෝධය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.