lakbima.lk

ජේම්ස් ක‍්‍රිස්ටෝෆර් හැරිසන් නම්  ඕස්ටේ‍්‍රලියනු ජාතිකයා උපන්නේ 1936 දෙසැම්බර් 27 වැනිදායි. ඔහු ළමා කාලයේදී ඉතාමත් නිරෝගී, කි‍්‍රයාශීලී ජීවිතයක් ගතකළා. එ්ත් අවුරුදු 14 දී ඔහුට දරුණු හදවත් රෝගයක් වැලඳුණා. එ් රෝගයෙන් අසාධ්‍ය වුණු ඔහුට බරපතළ සැත්කමකුත් කරන්නට සිදුවුණා. එ් සැත්කම සාර්ථක වෙන්නට නම් තවත් වැදගත් දෙයක් කරන්නට ඉතිරි වී තිබුණා. එ් ඔහුට බාහිරින් බොහෝ ලේ ප‍්‍රමාණයක් ලබාදෙන්නට සිදුවීමයි. මේ වෙනුවෙන් බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මේ පරිත්‍යාගශීලීන්ගේ පිහිටෙන් ඔහු ජීවත් වීමේ වාසනාව ලැබුවා.

ජීවිතයත් මරණයත් අතර ජීවත්වුණු ජේම්ස්ගේ හිතට එක්තරා කාරණයක් තදින්ම දැනුණා. එ් තමයි තමාගේ ජීවිතය මරණයෙන් බේරුණේ තමා වෙනුවෙන් ලේ පරිත්‍යාග කළ අය නිසා බව.

”අද මම ජීවත්වෙන්නේ අනුන්ගේ ලේවලින්. එදා එ් විදිහට මට ලේ ලැබුණේ නැත්නම් අද මම ජීවතුන් අතර නැහැ. එ් නිසා මට  ඕනෑ වුණා මට ලැබුණු උපකාරයට කළගුණ සැලකීමක් හැටියට ලෝකය වෙනුවෙන් වැදගත් සේවයක් කරන්න. එ් නිසා තවත් අයගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් මගේ ලේ දන් දෙන්න මම තීරණය කළා.” ජේම්ස් එ් විදිහට සිතුවා.

ජේම්ස් මුලින්ම ලේ දන් දෙන්න පටන්ගත්තේ වයස අවුරුදු 18 දීයි. එතැනින් පටන්ගත්ත ඔහුගේ ලේ දන් දීම කොයිතරම් දුර දිග ගිහින් තිබෙනවාද කියා ඔබ දන්නවාද? ජේම්ස් තමයි මේ වෙද්දී ලෝකයේ වැඩිම වාරයක් තමන්ගේ ලේ අනුන් ජීවත්කරවන්න පරිත්‍යාග කළ පුද්ගලයා බවට පත් වී තිබෙන්නේ.

දැන් ඔහුගේ වයස අවුරුදු 81 යි. මේ කාලය තුළදී අවුරුදු 18 ඉඳන් මේ වනතෙක් එනම් පසුගිය මැයි 11 වැනිදා වනතෙක් 1173 වතාවක් ඔහු ලේ දන් දී තිබෙනවා.

”මගේ බලාපොරොත්තුව මගේ අන්තිම හුස්ම පොද පිටවෙන මොහොත දක්වාම අනුන්ව ජීවත් කරවන්න මගේ ලේ දෙන්නයි.” ජේම්ස් පවසන්නේ ඉතාමත් පරාර්ථකාමී හැඟීමෙන්.

එහෙත්  ඕස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය අංශ බලධාරීන් මේ වනවිට ජේම්ස්ගෙන් ලේ ලබාගන්නට අදහස් කරන්නේ නැහැ. එ් ඔහුගේ ලේවල ඇති දුර්වලකමක් නිසා නම් නොවෙයි. බොහෝ වියපත් වී සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීමක් හැටියටයි. එ්ත් ජේම්ස්ට මේ වනතෙක් ‘ඉහෙන් බහින’ රෝගයක් නම් නැහැ. එ් තරමට ඔහු ශක්තිමත්, නිරෝගීමත් පුද්ගලයෙක්.

ජේම්ස්ගෙන් ලබාගන්නා ලේවල ප්ලාස්මා කොටස ඉතාමත් සරු මට්ටමෙන් පවතින බවයි  ඕස්ටේ‍්‍රලියානු වෛද්‍යවරුන් පවසන්නේ. මේ ප්ලාස්මා කොටස  ඕස්ටේ‍්‍රලියාවේදී බහුලව පාවිච්චියට ගෙන තිබෙන්නේ උපදින්නට සිටින දරුවන් මරණයෙන් බේරාගන්නටයි.

කලලයක් මවු කුස තුළ වැඩෙමින් තිබෙද්දී සමහර අවස්ථාවලදී මවගේ ලේවල තිබෙන රසායනිකයක් නිසා කලලයේ ලේ විනාශ වෙනවා. එයින් කලලය මියයනවා. මෙය හැඳින්වෙන්නේ රීසස් රෝගය හැටියටයි.

ජෙම්ස්ගේ ලේ දීම නිසා රීසස් රෝගයෙන් මවු කුසේදී මියයන්නට සිටි දරුවන් ලක්ෂ 24 ක් අදටත් ඉතාමත් හොඳින් ජීවත්වෙනවා. එ් අතර ඔහුගේ මිනිබිරියක්ද සිටිනවා.

”මම පුංචි දරුවන්ට මගේ පණට වගේ ආදරෙයි. එ් තමයි අපේ ලෝකයේ අනාගත උරුමක්කාරයෝ. අපි ඔවුන්ව හොඳින් ආරක්ෂා කරගන්න  ඕනේ. මම බොහෝ කාලයක් ජීවත්වුණා. එ් ජීවිත කාලය තුළදී මා නිසා පුංචි පැටවුන් ලක්ෂ ගණනක ජීවිත බේරී තියෙනවා. එ් දෙමවුපියන් එ් දරුවනුත් අරගෙන මාව බලන්න එනවා. එ් දරුවන්ගේ හුරතල් මූණු දකිද්දී මට දැනෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි මහා සතුටක්. එතකොට මට හිතෙනවා මම තවත් ටිකක් තරුණ වුණානම් කොයිතරම් හොඳද කියලා. එතකොට මේ වගේ පුංචි පැටවුන් තව කීදෙනෙක්ගේ ජීවිත මරණයෙන් බේරා දෙන්න පු`ඵවන්ද?” ජේම්ස් පවසන්නේ කෙළවරක් නැති සතුටකින්.

ඕස්ටේ‍්‍රලියාව තුළ ජේම්ස් හැඳින්වෙන්නේ ‘රත්තරන් අත් ඇති මිනිසා’ හැටියටයි. එ්, ඔහුගෙන් ලේ ලබාගෙන ඇති දෑත්වලට කරන ගෞරවයක් හැටියටයි.

මේ මහා පරාර්ථකාමියාට  ඕස්ටේ‍්‍රලියාවේදී බොහෝ ගරු නම්බු හිමි වෙලා තිබෙනවා. එ් අතරින් Medal of the Order of Australia සම්මානය ඉතා වැදගත් වූවක්.

ජීවත්වෙන කෙටි කාලය තුළදී තව කෙනෙකුට අබ ඇටයක තරම්වත් දෙයක් නොදී තමාටම පමණක් හැම දෙයම පොදි බැඳ තබාගන්නා මිනිස් වෙස් ගත්ත අයට ජේම්ස් කි‍්‍රස්ටෝෆර් හැරිසන් කියාදෙන්නේ බොහොම වැදගත් පාඩමක්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි 

  1. ඉන්දියාවේ නිමවෙන ලෝකයේ උසම ප‍්‍රතිමාව
  2. අද ලෝකයම හොල්ලන මේ කියන සමාගම් ආරම්භ වුණේ කොහොමද?
  3. ගංගාවක ගිලී නොපෙනී යාමට තිබූ දුපතක් ක්‍ෂේම භූමියක් කළ ජාදාව් පායෙන්ග්
  4. අප්‍රසිද්ධ පොත් රහස්
  5. ඉතිහාසය නිර්මාණය කොට සමුගත් සැබෑ ඇමෙරිකානුවා ජෝන් මැකේන්
  6. චොක්ලට් එපා කියන ප‍්‍රංශ වැසියෝ
  7. දකුණු ආසියාව ගැන බලවතුන්ගේ බල අරගලය
  8. ලොව කැළඹූ අපූරු ඡායාරූප
  9. 2050 වනවිට මුහුද යටට යන නගරය ඉන්දුනීසියාවේ ජකර්තා
  10. සතුන්ගේ සා පවස නිවන්නට අවදානම් ගමනක් යන පැටි‍්‍රක්
  11. සූර්ය ගවේෂණයට යානයක්
  12. පාකිස්තාන අගමැතිගේ නොදන්න කතා
  13. කැස්පියන් මුහුද රටවල් පහක් බෙදා ගනී
  14. අරුම පුදුම ගෙවල් පහක්
  15. හිට්ලර් නිසා අපූරු හෝටලයකුත් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?
  16. මිනිස් මිතුරන්ට උදව්කොට ඔවුන් නිසාම මෙලොවින් සමුගත් සුනඛ වීරයා
  17. මගේ දුව දැන් ඉන්නේ බය වෙලා වගේ මේගන් මාර්කල්ගේ පියා පවසයි
  18. ගම් යටකරමින් බිඳී ගිය ලා ඕසයේ වේල්ල
  19. වසරක් තුළ ලොව වැඩිම ආදායම් ඉපැයූ රංගන ශිල්පියා ජෝජ් ක්ලූනි
  20. මී වධය නැති නගරය
  21. කුඩා දේවල් අස්ථාන ගතවීම වළක්වන උපකරණයක්
  22. ලොකකුසලාන පාපන්දුව යට සැඟවුණු මේ කතා ටිකත් දැනගමු
  23. විලියම් මුත්තම්මා බලන්න ගිහින්
  24. ස්වීඩනය විදුලි මෝටර්රථ සඳහා විදුලිය කැවූ මාර්ග ඉදි කරයි
  25. පළමු බබා සමග දෙවෙනි මනමාලි

Page 3 of 112

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.