lakbima.lk



ජීවිත කාලය තුළදී රැජිනියන් පිළිබඳ බොහෝ කතා අපි අසා ඇත්තෙමු.   බොහෝ රැජිනියන් බටහිර සභ්‍යත්වයට සමීප  තැනැත්තියන් වන අතර 'රාජකීයත්වය'  යනු බටහිරෙන් කරලියට පැමිණි ඩයනා කුමරිය, කේට් මිඞ්ල්ටන් හා මේගන් මාර්කෙල් වැනි කුමරියන් ය යන්න සම්ප‍්‍රදායික මතයකි. අද කතා කරන්නේ එවන් පසුතලයක උපන් රැජිනක් පිළිබඳව නොව මැදපෙරදිග කලාපයෙන් ලොවක් දිනූ රැජිනක් පිළිබඳව ය. ඇය ජෝර්දානයේ වත්මන් රැජිනයි දැඩි පුරුෂෝත්තමවාදී සමාජයක් සහිත ජෝර්දානයේ මෙවන් රැජිනක් සිටීමම ආශ්චර්යජනකය.



නමින් රානියා අල් යාසින් වූ සුරූපී කුඩා කෙල්ල 1970 අගෝස්තු 30 දි උපත ලබන්නේ  පලස්තීන සම්භවයකට  අයත් වෛද්‍ය පවුලකට දාව කුවේට්හි දී ය. රානියා ඉතා කුඩා කළ සිටම අධ්‍යාපනය වෙත පැවතියේ ඉමහත් ලැදියාවකි. එ් අනුව ඇය කයිරෝ හි ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ 'ව්‍යාපාර පරිපාලනය' පිළිබඳ මූලික උපාධියක් හිමිකර ගත්තා ය.



ඊශ‍්‍රායල් හමුදා ගාසා තීරය හා බටහිර ඉවුර ආක‍්‍රමණය කිරීමෙන්  කුවේටයේ පලස්තීනුවන්ගේ තත්වය ඉතා අයහපත් මට්ටමට පත් වූයෙන්  ඇයත් ඇයගේ පවුලේ සෙසු පුද්ගලයිනුත් කුවේටයෙන් ජෝර්දානයට ප‍්‍රවිශ්ට විය. ඇය පසුකාලීනව ඇපල් සමාගමේ සේවයේ නිරත වූවාය. දෛවෝපගතව 1993 දී යෙහෙළියක් සමඟ ගිය එක්තරා රාත‍්‍රී භෝජනයක දී ජෝර්දානයේ දෙවන  අබ්දුල්ලා රජු හමුවීමේ අවස්ථාව ඇයට උදා විය. සාමාන්‍ය කුලවමියකගෙන් රාජකීය පවුලකට ඔසවා තබන ලද එම හමුවෙන් මාස 2 කට පසු ඔවුන් විවාහ ගිවිස ගත් අතර ඔවුන් එම වසරේම ජුනි මාසයේ විවාහ දිවියට එළඹෙන ලදී. 1999 දී ඇයගේ සැමියා ජෝර්දානයේ රජ කිරුළට බවට පත් වීමෙන් ඇය ද ජෝර්දානයේ රැජින බවට පත් විය.



මේ වන විට ඇය සිව් දරු මවක් වන අතර 44 වැනි වියේ පසු වෙයි. එම දරුවන් වන්නේ  ඔටුන්න හිමි කුමරු 23 හැවිරිදි අල්  හුසේන් වේන් අබ්දුල්ලා කුමරු, 21 හැවිරිදි ඉමාන් රජ කුමරු, 17 හැවිරිදි සල්මා කුමරිය හා 12 හැවිරිදි හෂීම් කුමරු ය. දරුවන්ට යහපත් මවක් සේම ජන සමාජයට ද  යහපත් කල් ක‍්‍රියා රැසක් සිදු කරන්නා වූ ආකර්ෂණිය රැජිනියක් ලෙස ඇය ප්‍රසිද්ධ ය. ඇය ජෝර්දානයේ සාමාන්‍ය දරුවන් සුරැකීම සඳහා විවිධ අධ්‍යාපන ආයතන පිහිටුවීම මුල් කාලයේ සිටම සිදු කර ඇත. එමෙන්ම ඇය විසින් විදේශ රාජ්‍යයන් වෙත ගොස් අධ්‍යාපනය ලබන්නා වූ ජෝර්දාන් තරුණ තරුණියන් හට ශිෂ්‍යාධාර ලබා දෙන ක‍්‍රමවේද රැසක් ද හඳුන්වා දී ඇත.



ඇය විසින් 1995 සිටම ‘ජෝර්දානයේ ගංඟා පදනම් ආයතනය' හරහා ජෝර්දාන් ගංඟාව අසබඩ වෙසෙන දුප්පත් ළමුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කළා ය. එමෙන් ම ඇය සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගනිමින් ජාතිය ගොඩ නැඟීමේ වැඩ පිළිවෙලට සහය දීම ද සිදු  කෙරේ. කෙසේ වෙතත් රානියා රැජින මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා සිය සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරමින් සිටින්නීය.



ෆෝබ්ස් සඟරාව මඟින් රානියා රැජින 'ලොව බලවත්ම කාන්තාවන් 100' දෙනා අතරට එක් කර ඇත. ඇයට මේ වන විෙ ජෝර්දානයේ උසස්ම ජාතික සම්මානය  ද ඇයට හිමි වි ඇති අතර වෙනත් රට වල ජාතික සම්මාන 13 ක් ද සමාජ කටයුතු සඳහා පිරිනමන වෙනත් සම්මාන 28 ක් හිමි කර ගැනීමට ද  ඇය සමත්ව ඇත.



උත්පලා ප‍්‍රබුද්ධිකා

Page 14 of 14

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.