lakbima.lk

2005 අපේ‍්‍රල් 07 වැනි දින ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ලිලූවා හිදී යමක් කමක් ඇති පවුලක බොහොම හුරුබුහුටි පිරිමි දරුවෙක් උපත ලැබුවා. මව්පියන් ඔහුට තැබූ නම වූයේ අක්ෂාත් සිං.

අක්ෂාත්ගේ මවට ඉතා රසවත්ව ආහාර පිසින්නට පුඵවන්. ඉතා කෙටි කලකින් අක්ෂාත් ඒ් රසයට හුරු පුරුදු වුණා. මවත් ඔහු වඩාත් පි‍්‍රයකරන කෑම වර්ග ඉතාම රසවත්ව පිස දුන්නා.

මේ නිසා ඉතා කෙටි කාලයක් තුළදී අක්ෂාත් වඩාත් තරබාරු වුණා. මෙහි ප‍්‍රතිඵලය වුණේ ඔහු ‘අධි බර’ දරුවෙක් බවට පත්වීමයි.

අක්ෂාත් දැනුම් තේරුම් වයසේ සිටම රූපවාහිනියේ විකාශය වන නැටුම් වැඩසටහන් නරඹන්නට පුරුදු වුණා. ඔහු එ් වැඩසටහන්වලට දැක්වූයේ විශාල උද්යෝගයක්.

”අනේ, මටත් අර වගේ නටන්න තියෙනවා නම් කොයිතරම් හොඳද?” ඒ වෙද්දී හතර හැවිරිදි වියේ පසුවුණු අක්ෂාත්ට සිතුණා.

”මේ තරම් ලොකු ශරීරයක් එක්ක මේ ළමයට නටන්න පුඵවන්ද?” අක්ෂාත්ගේ මවත් පියාත් එසේ සිතුවා. ඒත් තමන්ගේ ආදරණීය දරුවාගේ සිත රිදේවි යන සිතුවිල්ලෙන් ඔවුන් ඒ් බව අක්ෂාත්ට ඇඟවූයේ නැහැ.


”අනේ.... මටත් නටන්න ආසයි. මාවත් නැටුම් පන්තියකට දාන්නකෝ” අක්ෂාත් දිගින් දිගටම මව්පියන්ට කියා සිටියා.
පුතුගේ මේ බලවත් ඇවිටිල්ල නිසා පියා ඔහුව නැටුම් පන්ති කිහිපයකටම කැඳවාගෙන ගියා. ඒත් ”මේ තරම් මහත ළමයෙක් නටන්නේ කොහොමද?” කියමින් ගුරුවරුන් අක්ෂාත්ව තම පන්තිවලට බඳවාගත්තේ නැහැ. ඒ්ත් අක්ෂාත්ගේ සිතේ තිබූ නැටුම් ඉගෙන ගන්නට ඇති කැමැත්තේ කිසිම වෙනසක් වුණේ නැහැ.

  දවසක් අක්ෂාත්ගේ බලකිරීම නිසාම පියා ඔහුව එක් නැටුම් ගුරුවරයෙක් ළඟට කැඳවාගෙන ගියා.
  ”ඔය වගේ ඇඟක් තියාගෙන ඔයා නටන්නේ කොහොමද?” ඒ් ගුරුවරයාත් එසේ ඇසුවා.
  ”නැහැ සර්. මට නටන්න පුඵවන්. අනේ... මාව මේ පන්තියට ගන්නකෝ” අක්ෂාත් බැගෑපත් වුණා.

  ගුරුවරයා අක්ෂාත්ව නැටුම් පන්තියට බඳවාගත්තා. ඔහුට ඉන්න වුණේ පන්තියේ අන්තිම පේළියේ. තමාව පන්තියට භාරගැනීම ගැන ඔහුට දැනුණේ අප‍්‍රමාණ සතුටක්. අක්ෂාත් ඉතාමත් උනන්දුවෙන්, කැමැත්තෙන් සහ කැපවීමෙන් නැටුම් ඉගෙනගත්තා.

”මම නැටුම්වල අභ්‍යාස කරන්න ගියේ ගෙවල් ළඟ තියෙන පිට්ටනියකට. මම හැමදාම පාන්දර හතරට නැගිටලා එතනට ගිහින් අභ්‍යාස හොඳින් කරනවා. ඒ් වෙලාවට එතන කවුරුත් නැහැ. ඒ් නිසා මට අභ්‍යාස කරන්න හරිම පහසුයි. එළිය වැටුණ වෙලාවට එතනට ගියොත් හැමෝම මා දිහා අමුතු විදිහට බලනවා.

සමහරු මට හිනාවෙනවා.
  හැමෝම කිව්වේ මගේ ඇඟේ මහතත් එක්ක මට නටන්න බැහැ කියලයි. ඒත් මට  ඕන වුණේ මටත් හොඳින් නටන්න පුඵවන් කියලා පෙන්වන්නයි. අද මගේ ඒ බලාපොරොත්තුව ඉටුවෙලා තියෙනවා” අක්ෂාත් පවසන්නේ ජයග‍්‍රාහී හැඟීමෙන් හා අසීමිත සතුටෙන්.

අද වෙද්දී ඉන්දියාව තුළ නැටුම් ශිල්පියෙක් හැටියට අක්ෂාත්ට හිමි වී තිබෙන්නේ විශාල පිළිගැනීමක්. අද ඉන්දීය නැටුම් වේදිකාවට ඔහු අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වී තිබෙනවා.

අක්ෂාත් ඉන්දියාවේ චිත‍්‍රපටවලටත් නැටුමෙන් දායක වී තිබෙනවා. 2015 දී තිරගත වුණු ‘අයල් ජනල්ලා’ නම් මලයාලම් චිත‍්‍රපටයත් 2018 දී තිරගත වුණු ‘ලක්ෂ්මී’ නම් දෙමළ චිත‍්‍රපටයත් ඊට උදාහරණයන්. අක්ෂාත්ගේ නැටුම් නිසා මේ චිත‍්‍රපට බොහෝ ජනපි‍්‍රය වුණා.

අපි වැඩි දෙනෙක් මේ මේ අයට කරන්න පුඑඵවන් මේ මේ දේවල් පමණයි කියා වර්ග කරන්න පුරුදු වී සිටිනවා. ඒත් හැම මොහොතකම ඒ වර්ග කිරීම වලංගු වෙන්නේ හෝ නිවැරදි වෙන්නේ නැහැ. උනන්දුව, කැපවීම තිබෙනවා නම් කෙනෙකුට කරන්න බැරි දෙයක් නැති තරම්. අක්ෂාත් සිං ඊට දක්වන්න පුඵවන් ඉතාමත් හොඳ උදාහරණයක්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි   
 

  1. නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වූ ලොව ළාබාලතම දැරිය
  2. ලොව කැලඹූ විකිලීක්ස් නිර්මාතෘ එංගලන්තයේදී අත්අඩංගුවට
  3. හිටපු ජනපති දිවි නසා ගත්තේ හමුදාවෙන් තෑගි ලැබුණු තුවක්කුවකින්
  4. බිලිඳුන් සමග පාර්ලිමේන්තු ගිය දේශපාලක මව්වරු
  5. දේශපාලන කුණාටුවකට මුල පිරූ මෝදි පිළිබඳ සිනමා පටය
  6. වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම
  7. වැටුපෙන් සියයට 80ක් සිසු දරුවන්ට දෙන ලෝකයේ හොඳම අපූරු ගුරුවරයා
  8. නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් මතුවූ වීරයා ඇෆ්ගනිස්ථානයේ අසීස්
  9. ඇල්ජීරියාවේ ජනපතිවරයාට විරුද්ධව වාර්තාගත උද්ඝෝෂණ තවදුරටත්
  10. කාර්යාල සේවකයන්ට දුරකථන සහනයක්
  11. බෝයිං 737ට චීන අහස තහනම්
  12. පාප් වහන්සේ රහස් හෙළිකරයි
  13. ඉන්දු- පාකිස්තාන යුද්ධයක් නතර කළ ගුවන් නියමුවා
  14. නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම අබේගෙන්
  15. දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපය
  16. නාපාමි දැරියට ඉහළම සම්මානයක්
  17. රජිව් ගාන්ධිගේ දියණිය දේශපාලනයට
  18. නයගරාව ගල්ගැහෙයි
  19. සමාජ ජාලා හරහා හැමෝම ඉල්ලන Like
  20. මළවුන්ගේ නගරයේ විස්මිත තතු
  21. දිනෙන් දින වර්ධනය වන අපූරු දුපත
  22. නෙදර්ලන්තයේ අපූරු සුරංඟනා ගම්මානය
  23. ලෝකයේ අවසානයට හමු වූ මැමත් පැටියා
  24. සේවකයන් පහළොස් දෙනෙක් තවමත් මීටර් 112ක් යට
  25. බැරලයකින් අත්ලන්තික් සයුර තරණයට ගිය මිනිසා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.