lakbima.lk

බංග්ලාදේශය පිහිටා තිබෙන්නේ ඉතා විශාල ජල දහරාවක් මුහුදට කැඳවාගෙන යන ගංගා දෙකකට මැදිවයි. එ්, ගංගා නම් හා බ‍්‍රහ්මපුත‍්‍ර ගංගාවන් දෙකයි. බංග්ලාදේශයට ලැබෙන මෝසම් වැස්ස ඉතා ප‍්‍රබලයි. එ් කාලයට මේ ගංගාවන් පිටාර ගලා බංග්ලාදේශ භූමියෙන් තුනෙන් දෙකක් පමණ ජලයෙන් යටවෙනවා. මේ විදිහට සෑම අවුරුද්දකම ජුනි හා ඔක්තෝබර් මාස අතර කාලය තුළ බංග්ලාදේශයට මහ වැසි ලැබෙනවා.

මේ කාලයට බංග්ලාදේශ වැසියන්ගේ එදිනෙදා වැඩ කටයුතු බොහොමයකට බාධා පැමිණෙනවා. එ් විශේෂයෙන්ම ගම්බද ප‍්‍රදේශවල ජීවත්වෙන අයට මෙසේ ඇතිවන බාධා වැඩියි. ඔවුන්ට එදිනෙදා ආදායමක් සොයාගන්නට පුඵවන්කමක් නොවීම ඒ පවුල්වල පැවැත්මට ඉතාමත් නරක අන්දමින් බලපානවා.

ගංවතුර උවදුරින් ඊළඟට වැඩිපුරම පීඩා විඳින්නට සිදුවෙන්නේ පාසල් යන වයසේ දරුවන්ටයි. එ්, ගංවතුර නිසා පාසල් වැසීයාමෙන් ඔවුන්ගේ ඉගෙනීම මුළුමනින්ම අඩාල වෙන නිසයි.

”වත් පොහොසත්කම් ඇති අය මුදල් විය හියදම් කරලා තමන්ගෙ දරුවන්ගේ ඇස් පාදගන්නවා. එ්ත් දුප්පතුන් මොනවා කරන්නද? එ් දරුවන්ට යන කල දසාවක් නැහැ. මෙය ඉතාමත් කනගාටුදායක කාරණයක්.” එහෙම සිතුණේ බංග්ලාදේශ ජාතික මොහොමඞ් රිස්වාන්ටයි.

මොහොමඞ් රිස්වාන් බංග්ලාදේශයේ යමක් කමක් තිබෙන පවුලක දරුවෙක්. අද ඔහු එ් රටේ දැන උගත් කෙනෙක්. පාසල් අධ්‍යාපනය ලබන කාලයේ ඔහුගේ පාසල් ගමනටත් ගංවතුරෙන් තරමක බාධා ඇතිවුණා. එ්ත් මේ කවර බාධකයකින් වුණත් තම දරුවාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්න ඔහුගේ මව්පියන් ඉඩ තැබුවේ නැහැ.

 ”මට මතකයි ගංවතුර ගලන කාලයට අපිට පාසල් යන්න බැහැ. එ්, එක්කෝ පාසල් යටවෙලා. එහෙම නැත්නම් පාසල්වලට යන පාරවල් යටවෙලා. අපිට පවුලේ බෝට්ටුවක් තිබුණා. එ් බෝට්ටුවෙන් ගුරුවරුන් ළඟට ගිහින් මම ඉගෙනගත්තා. එ් හින්දා මගේ ඉගෙනීමට ලොකු බාධාවක් වුණේ නැහැ. එ්ත් මගේ ගමේ දුප්පත් දරුවන් ගොඩාක් හිටියා. එ් ළමයින් හුඟදෙනෙක්ගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. එ් දරුවන්ගේ මව්පියන්ට කිසිම හැකියාවක් තිබුණේ නැහැ ඔවුන්ට හොඳ අනාගතයක් උදාකරවන්න. මට බොහොම කනගාටුයි එ් අහිංසක දරුවන් ගැන.” රිස්වාන් එහෙම කියන්නේ බොහොම කම්පාවෙන්.

රිස්වන් මේ වෙද්දී දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ වැදගත්ම බලාපොරොත්තුවක් වුණේ ගංවතුරෙන් පීඩාවට පත්වෙලා අසරණ තත්ත්වයෙන් සිටින දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් උදවුවක් කරන්නයි.

පුංචි කාලයේ ඉඳන්ම බෝට්ටු ගැන ඔහුට තිබුණේ ඉතා හොඳ දැනුමක්. මේ දැනුම එක්රැස් කරලා ඔහු ලීවලින් අපූරු බෝට්ටුවක් තිර්මාණය කළා. බෝට්ටු එන්ජිම පණගැන්වෙන්නේත් බෝට්ටුවට විදුලි බලය ලැබෙන්නේත් සූර්ය බල ශක්තියෙන්. මේ බෝට්ටුවේ දිග අඩි 55 යි. පළල අඩි 11 යි. බෝට්ටුවේ එක වර තිස්දෙනෙකුට පමණ රැඳී සිටින්න පුඵවන්. රිස්වාන් මේ බෝට්ටුව නිර්මාණය කළේ ඉතාමත් යහපත් කටයුත්තක් වෙනුවෙන්. එ් තමයි දුප්පත් බංග්ලාදේශ දරුවන්ට ගංවතුර තිබෙන කාලයේදී දැනුම ලබා දෙන්න ‘පාවෙන පාසලක්’ විදිහට පාවිච්චි කරන්නයි. රිස්වාන්ට මේ කටයුත්තට ඇමෙරිකානු ඩොලර් 500 ක් වැයවුණා.

”මං මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ 1998 දී. මට  ඕන වුණේ ගංවතුර නිසා ඉගෙනීම කඩාකප්පල් වෙන අහිංසක දුප්පත් දරුවන් වෙනුවෙන් පිහිට වෙන්නයි. අද මගේ ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා.” රිස්වාන් පවසන්නේ ඉතාමත් සතුටින්.

රිස්වාන් මුලින්ම බෝට්ටුව පදවාගෙත ගිහින් එය ළමයින්ගෙන් පුරවාගන්නවා. ඉන්පස්සේ ඉගැන්වීම පටන්ගන්නවා. එය විනෝදයත් සමග දැනුම ලබාදෙන අධ්‍යාපනයක්. ඉගැන්වෙන්නේ බෝට්ටුව යාත‍්‍රා කරන අතරවාරයේදීමයි. එ් නිසා දරුවන්ට පරිසරය නිරීක්ෂණය කරන්නත් මෙය හොඳ අවස්ථාවක්. පරිසරය ගැන දැනුම, පරිසරය රැකගන්නා හැටි, පරිසරය පිරිසිදුව තබාගන්නා හැටි, උවදුරුවලින් බේරෙන හැටි වගේ එදිනෙදා ජීවිතයට අදාළ දැනුමත් විෂය දැනුමට අමතරව මේ පාවෙන පාසලේ දරුවන්ට ලැබෙනවා.

එ් හැරුණුවිට පරිගණක දැනුම ලබාදීම, පුස්තකාලයක් පවත්වාගෙන යමින් දරුවන් කියවන්නට හුරුකරවීම ඇතු`ඵ කි‍්‍රයාකාරකම් බොහොමයකතුත් මේ දරුවන් වෙනුවෙන් මේ බෝට්ටුව තුළ රිස්වාන් විසින් සංවිධානය කර තිබෙනවා. ඔහු මේ දුප්පත් දරුවන් වෙනුවෙන් සූර්ය බලයෙන් ක‍්‍රියාකරන ලාම්පුවක්ද ඔහු නිර්මාණය කර නොමිලේ ලබා දී තිබෙනවා. එ්, රාති‍්‍රී කාලයට පාඩම් වැඩ කරගන්නටයි.

මේ ව්‍යාපෘතියෙන් වැඩිහිටියන්  දැනුවත් කරන්නත් රිස්වාන් අමතක කර නැහැ. ළමා හා කාන්තා අයිතිවාසිකම්, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පෝෂණය, සාර්ථක ගොවිතැන, කාලගුණ වෙනස්වීම් අනුව ජිවිතය හැඩගස්වාගැනීම වැනි කරුණු මේ දැනුමට ඇතුළත්.

මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන්නට රිස්වාන්ට අන්තර්ජාතික සංවිධානයකින් ආධාර මුදලක් ලබාදී තිබෙනවා. එහෙම වුණත් මේ කටයුත්ත වෙනුවෙන් වැඩි මුදලක් වැයකරන්නේ ඔහු විසින්මයි.

රිස්වාන් ආරම්භ කළ මේ ‘පාවෙන බෝට්ටු පාසල් ව්‍යාපෘතිය’ මේ වෙද්දි කාම්බෝජය, නයිජීරියාව, පිලිපීනය, වියට්නාමය ආදී රටවල ඉතාමත් සාර්ථක මට්ටමෙන් කි‍්‍රයාත්මක වෙනවා.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

  1. ඉන්දියාවේ ඉදිවුණු ලොව උසම ප්‍රතිමාවට ගොවි ජනතාවගේ විරෝධය
  2. ගහකොළට ආදරය කර දඬුවම් ලැබූ ඇය අද ලෝකයේම ගෞරවය ලබන පරිසර වේදිනියක්
  3. ලෝකයේ අරුම පුදුම අමුතු පාලම්
  4. මයික්‍රොසොෆ්ට් ලොවට හඳුන්වා දීමට පෙරමුණ ගත්තේ ඔහුය
  5. 2018 ලොව හොඳම වන ජීවී ඡායාරූප
  6. බ්‍රිතාන්‍යයේ මහ රැජින හා සාමාන්‍ය ඉන්දියානුවකු අතර අසාමාන්‍ය කතාව
  7. කාටත් නොකියා දරුවන් 669 දෙනකුගේ ජීවිත බේරාගත් නිහඬ වීරයා
  8. ගෝරිල්ලන් පවා පෙම් කළ ඇයට මිනිසුන් පෙම්නොකළේ ඇයි?
  9. නවසීලන්තයේ පළමු බබා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට
  10. ජිම්නාස්ටික් ක‍්‍රීඩාවෙන් නෙරපු ශෝකයට රිටි පැනීමට එක්ව ගිනස් වාර්තා තැබූ යෙලිනා
  11. තනි පාදයෙන් හිමාලය තරණය කොට ගිනස් පොතට ගිය දියණිය අරුණිමා සිංහ
  12. සමාජ සේවයෙන් ලොවක් දිනූ ජෝර්දාන් රැජින

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.