lakbima.lk

දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර

The Passage du Gois  මාවත ප්‍රංශයේ ගල්ෆ් බර්න් හරහා වැටී ඇති අපූරු මාවතකි. ඒ අන් කිසිවක් නිසා නොව දිනකට පැය 2ක් පමණක් ගමන් කළ හැකි ඉන් අනතුරුව අඩි 4ත් 13 ත් අතර ප්‍රමාණයක් ජලයෙන් යට වන එකම මාවත වීම හේතුවෙනි.  මෙම මාවත වැටී ඇත්තේ ප්‍රංශයත් Noirmoutie නම් දූපතත් සම්බන්ධ කරමිනි. මෙහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 4.3 කි.

මෙම මාවත මුල් කාලීනව භාවිත කර ඇත්තේ  16 වැනි සියවසේ දී ය. එතැන් පටන් මෙම මාර්ගය භාවිතය ආරම්භ කර ඇත. එමෙන්ම මෙම මාවත ලෝකයේ  භයානකම මාවත් වලින් එකකි. බොහෝ පුද්ගලයන් ධාවන නීති නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුරට පත් වනුයේ වඩදිය රැලි වලට හසු වීමෙනි.

දවසේ බොහෝ වේලාවක් වඩ දිය රැළි වලට හසු වීම හේතුවෙන් මෙම මාර්ගයේ බොහෝ ස්ථාන පයින් යන්නන්ට ආරක්ෂා කාරී නැත. මාර්ගයේ දෙපස පවත්නා ‘සේෆ් පැනල’ ඔස්සේ මාර්ගයේ ඉදිරිය පිලිබඳ අනාවැකි පවසන අතර මාර්ගය භාවිතා කරන්නන් නිරතුරුව එම විධාන සැළකිල්ලට ගත යුතුය. හදිසි තත්වයක් ඇති වුව හොත් නැඟ ගැනීමට ටවර් සකසා ඇත.

නැතහොත් සිදුවන්නේ මාර්ගයෙන් එතෙරට යෑමට නොව ජීවිතය පූජා කරන්නට ය. මේ වන විට වඩ දිය රැලි වලට හසුව මිය ගොස් ඇති ප්‍රමාණය ඉහල ය. තත්වය එසේ තිබියදී තවමත් නොමඳ සංචාරක ආකර්ෂණයක්  මෙම මාවතට ලැබී ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.