lakbima.lk

නෙදර්ලන්තයේ අපූරු සුරංඟනා ගම්මානය

 

ඒකාකාරී සංකීර්ණ ජීවිතයෙන් මිදී සරලව ජිවත් වීමට කැමති කෙනෙකුන් හට ජීවත් වීමට හොඳම ස්ථානය වනුයේ නෙදර්ලන්තයේ පිහිිටි ගීත්‍රෝන් නම් වූ ගම්මානය යි. මෙම ගම්මානය හඳුන්වන අනෙක්  නාමය වනුයේ ‘පුංචි වැනීසිය’ යි. මෙහි සාමාන්‍ය මහා මාර්ග නොමැත. ප‍්‍රවාහනය සඳහා පවතිනුයේ කුඩා ඇල මාර්ග වලින් එක් වූ මාර්ග පද්ධතියකි.

මෙම අපූරු ගම්මානය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ  ඕවරිජෙසල් නම් ප‍්‍රාන්තයේ ය. මෙහි ඇල මාර්ග කිලෝ මිටර් 90ක් දක්වා දිවෙයි.  ගීත්‍රෝන් යන නාමය ලැබී ඇත්තේ 10 වන ශත වර්ෂයේ මෙම බිම් තීරුවේ ආරම්භක පදිංචිකයන් වූ geithorens නම් ගෝත විශේෂයක් හේතුවෙනි.

මේ වන විට සාම්ප‍්‍රදායිකව භාවිත වන කුඩා ඩිංගි බෝට්ටු වෙනුවට ‘විස්පර්’ නම්  බෝට්ටු මෙහි ප‍්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.

සියලූම නිවාස සුරංගනා කතාවක මෙන් පවතින නිවාස වලට සමාන ය. සෑම දුපතකම  එක් ඉපැරණි නිවාසයක් බැගින් ඇත. ඒවා බොහෝවිට යාවනුයේ කුඩා පාලම් මගිනි. නැතිනම් කුඩා ඇලක් මඟිනි.

මෙහි පරිසර දුෂණය ද ඉතා අවම තත්වයේ ය. නිහඩ හුදකලාව හේතුවෙන් සෙසු ලෝකයෙන් වෙන් ව පවතියි. ඒ නිසාම මානසික සුවය ලඟා කරගැනීම සදහා බොහෝ සංචාරකයින් මෙම ගම්මානය වෙතට නිරතුරුව පැමිණෙයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.