lakbima.lk

ලෝකයේ අවසානයට හමු වූ මැමත් පැටියා

 

ලියුබා යන නාමය අප හට  අරුම පුදුම නාමයකි. ඒ අප හට එම නාමය නුහුරු බැවිනි. සැබැවින් ම ලියුබා යනු කවරෙකු ද . ලියුබා යනු අපූරු සොයාගැනීමකි. ඇය වනාහි මීට වසර 41 800කට පෙර ජීවත්ව මියැදුණු කුඩා මැමත් පැටියෙකි. ලෝකයේ මේ වන විට මනාව සංරක්ෂණය කර ඇති හොදම මැමත් මමිය වන්නේ ද ලියුබා ය.

විද්‍යාඥයන්ට අනුව ඇය මියැදී ඇත්තේ දින 30ත් 35ත් අතර කාලයේ දී මැමත් රංචුවත් සමඟ ගඟකින් එතෙර වීමට උත්සාහ ගැනීමේ දී ය.  ඇය සොයා ගන්නා තෙක් ම ලෝකයේ  හොදම මැමත් මමිය වූයේ ඩිමා නම් වූ කුඩා පිරිමි මැමත් සතෙකි.

ලියුබා යන නාමය සැකසුණු ආකාරය ද අපූර්වජනක ය. ඇය  ලෝකයට හදුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ යූරී කුඞී සහ ඔහුගේ පුතුන් දෙදෙනාටයි. ලියුබා  2007 දී මුල්වරට ඔවුන් සොයගෙනු ලැබුවේ රුසියාවට අයත් යමාල් නම් අර්ධ ද්වීපය අසළිනි. සොයගෙනනෙ විට ලියුබාගේ සිරුර කුඩා බල්ලෙකුට සමානව කුඩාව පැවතිණ.

ලියුබාගේ සිරුර යූරී මුල්වරට සොයාගනිද්දී එය ස්පර්ශ නොකිරීමට ඔහු ඉටා ගෙන ඇත. ආර්ක්ටික් හි පිනිමුවන් දඩයමේ යනෙන මිනිසුන්ට අනුව මැමත් යනු අභාග්‍ය ගෙන එන සත්ව විශේෂයකි. ඒ නිසාම මැමත් සිරුර හමුවූ ස්තානයේම දමා යූරී ඔහුගේ යහලූවෙකුගෙන් මේ සම්බන්ධව උපදෙස් ගැනීමට ගිය ඇසිල්ලේ මැමත් මමිය අතුරුදහන් වී ඇත.

කෙසේවෙතත් එම සිරුර අසළ කඩයකින් පසුව සොයා ගැණුනු අතර එහි කඩ හිමියාට ස්නෝමොබයිලස් දෙකක් හුවමාරුවට දීමෙන් යූරී හට එහි හිමිකාරිත්වය ලැබී ඇත. අනතුරුව ලියුබාගේ සිරුර සලේකාර්ඞ් නම් ප‍්‍රදේශයේ පිහිටි  කෞතුකාගාරය වෙත යවා ඇත.

එහිදී ඔහු විසින් සිදු කරන ලද සේවයට ගෞරවයක් වශයෙන් මෙම මැමත් පැටවාට රුසියන් භාෂාවෙන් ලියුබොෆ් යන පදානුසාරයෙන්  ලියුබා යන නාමය තබන ලදී. එය යූරීගේ ආදරණීය බිරිදගේ නාමය වන අතර රුසියන් භාෂාවෙන් එහි තේරුම වනුයේ ආදරය යන්නයි.

ලියුබා මේ වන විට රුසියාවේ  සලේකාඞ් හි ෂෙමනොව්ස්කි කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. ලියුබාගේ  අපූරු කතා වස්තුව 2009 දී නැෂනල් ජෝග‍්‍රැෆික් චැනලය මගින් වාර්තා චිත‍්‍රපටයට ද නැගී ඇත. ඒ වේකින් ද බේබි එලිෆන්ට් ලෙස ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.