lakbima.lk

සමාජ ජාලා හරහා හැමෝම ඉල්ලන Like

වර්තමාන ලෝකයේ ජනප‍්‍රියතාව මනින ප‍්‍රධානම මිණුම් දණ්ඩ බවට පත් වෙලා තිබෙන්නේ අපි කවදාවත් නොහිතපු අමුතු දෙයක්. එ් තමයි ”ලයික්ස්” ප‍්‍රමාණය.  ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ නිර්මාණයක් සමාජ මාධ්‍යයට එකතු කරලා එයට ලැබෙන ලයික්ස් ප‍්‍රමාණය කොච්චරක් ද කියලා දැන ගන්න. කී දෙනෙක් ඔබේ නිර්මාණය නරඹා තිබෙනවා ද කියලා ”වීව්” කියන ඔප්ෂන් එකෙනුත් කී දෙනෙක් එයට කැමතියි ද කියලා ”ලයික්ස්” ප‍්‍රමාණයෙනුත් දැන ගන්න පුළුවන්. පසුගිය වසරේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම ලයික්ස් ලබා ගත් ඡුායාරූප කීපයක් තමයි මේ තියෙන්නේ.

ඉන්ස්ටාග‍්‍රෑම් හි වැඩිම ලයික්ස් ලැබුණු ඡායාරූප

1. ස්ටෝමි වෙබ්ස්ටර්

2018 අවුරුද්දේ සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූප අතරින් වැඩිම ලයික්ස් ප‍්‍රමාණයක් ලැබුණු ඡායාරූපය බවට පත් වෙලා තියෙන්නේ බොහොම ආදරණීය ඡායාරූපයක්. මේ පින්තූරයේ පුංචි කිරිකැටියෙක් එයාගේ මුළු අතින්ම අම්මාගේ මහපටැගිල්ල අල්ලාගෙන නිදාගෙන ඉන්නවා. මේ කිරිකැටියා ලෝක ප‍්‍රසිද්ධ මාපියන්ට දාව උපන් පුංචි දියණියක්. ඇගේ නම ස්ටෝමි වෙබ්ස්ටර්.

ඇමෙරිකානු නිළියක සහ නිවේදිකාවක වන කයිලි ජෙනර් තමයි ඇගේ අම්මා. ඇමෙරිකාවේ සුප‍්‍රසිද්ධ රැප් ගායක ට‍්‍රැවිස් ස්කොට් තමයි ඇගේ තාත්තා. කොහොම වුණත් මේ පින්තූරයට ඉන්ස්ටාග‍්‍රෑම් ඔස්සේ ලයික්ස් මිලියන 18 කටත් වඩා ලැබිලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 20 කට වැඩි පිරිසක් ඡායාරූපයට කමෙන්ට් ලබා දී තිබෙනවා.

2. ජස්ටින් සහ හේලි

ඉන්ස්ටාග‍්‍රෑම් ඔස්සේ ලයික්ස් මිලියන 13 ඉක්මවා ලබා ගත් මේ පින්තූරය ඉන්ස්ටාග‍්‍රෑම් වෙත මුදා හැරලා තිබෙන්නේ ඇමෙරිකානු ගායක ජස්ටින් බීබර් විසින්. ඔහු මේ ඡායාරූපය අන්තර් ජාලයට එකතු කරලා තිබෙන්නේ ඔහු තම පෙම්වතිය වුණු හේලි බෝල්ඞ්වින් එක්ක විවාහ ගිවිස ගන්න යනවා කියන කාරණය පළමු වරට මාධ්‍යයක් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කිරීම සැමරීම වෙනුවෙනුයි. ඔවුන් දෙදෙනාට ලැබුණු සුබ පැතුම් කමෙන්ට් ගණන හය ලක්ෂය ඉක්මවනවා.

3. ස්ටෝමි වෙබ්ස්ටර්

සමාජ මාධ්‍යවල පළ කළ පින්තූරවලින් වැඩිම ලයික්ස් ලබා ගත් තුන්වැනි පින්තූරයේ ඉන්නෙත් පළමු පින්තූරයේ හිටපු පුංචි ස්ටෝමි වෙබ්ස්ටර්මයි. මේ පින්තූරයේ ඇයව ඇගේ අම්මා කයිලි විසින් තුරුළු කරගෙන ඉන්නවා. මේ පින්තූරය ලබා ගත් ලයික්ස් ප‍්‍රමාණයත් මිලියන 13 ඉක්මවනවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ 16 ඉක්මවූ පිරිසක් එයට කමෙන්ට් ලබා දී තිබෙනවා.

4. මැක් මිලර්

මිලියන 12.8 ක ලයික්ස් ප‍්‍රමාණයක් ලබා ගත්තු මේ පින්තූරය ඉන්ස්ටාග‍්‍රෑම් වෙත මුදා හැරලා තිබෙන්නේ ඇමෙරිකානු ගායිකා ඇරියානා ග‍්‍රැන්ඬේ විසින්. මේ පින්තූරයේ පෙනී ඉන්නේ ඇරියානාගේ හිටපු පෙම්වතා වුණු ඇමෙරිකානු ගායක මැක් මිලර්. ඇය මේ පින්තූරය තමන්ගේ ඉන්ස්ටාග‍්‍රම් ගිණුමට මුදා හැරියේ ඔහු මිය ගොස් දින දෙකකට පස්සේ. ඒ කියන්නේ 2018 අවුරුද්දේ සැප්තැම්බර් 9 වෙනිදා. කාර්ය බහුල රාත‍්‍රියක් ගත කළ ඔහු මහන්සිය වැඩි නිසාම කොකේන් සහ මත්පැන් අධික වශයෙන් පානය කිරීම මේ මරණයට හේතු වී තිබුණා.

ෆේස්බුක් හි වැඩිම ලයික්ස් ලැබුණු ඡායාරූප

1. බැරක් සහ මිෂෙල්

 2012 අවුරුද්දේ නොවැම්බර් 7 වෙනිදා ෆේස්බුක් සමාජ මාධ්‍යයට එකතු කරපු පින්තූරයක් තමයි අදටත් වැඩිම ලයික්ස් ප‍්‍රමාණයකට හිමිකම් කියන්නේ. මේ පින්තූරය ෆේස්බුක් දාලා තියෙන්නේ හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙකු වුණු බැරක් ඔබාමා. මෙය ෆේස්බුක් දාන කාලේ ඔහු ඇමෙරිකාවේ ජනපතිවරයාව සිටියා. මෙහි ඉන්නේ බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා. ඔවුන් එකිනෙකා සිප වැලඳගෙන සිටින මේ පින්තූරයට ලයික්ස් මිලියන් 4 ඉක්මවූ ප‍්‍රමාණයක් ලැබිලා තියෙනවා. කොහොම වුණත් ඉතාම ආදරණීය යුවළක් විදියටත් මේ දෙදෙනා ඉතාමත් ප‍්‍රසිද්ධයි.

2. ආදරණීය මිතුරා

එක දවසක් ටෙක්සාස්වල තියෙන Bennigan’s restaurant කියන තැනට ආපු හමුදා සොල්දාදුවෙක් එහි හිමිකරුවාගෙන් පුංචි ඉල්ලීමක් කළා. ඒ තමයි ඔහු අතේ තිබුණු පුංචි කොළ කැබැල්ලක් මේසය උඩ තියලා ගියාට කමක් නැද්ද කියන ඉල්ලීම. ඊට හිමිකරුවාගෙන් අවසර ලැබුණා. සොල්දාදුවා එක් මත්පැන් වර්ගයකින් වීදුරුවක් ඇණවුම් කර ඒ අසලින්ම තමන් ළග තිබුණු කොළ කැබැල්ල තබා යන්න ගියා. ඔහු ගියාට පස්සේ එහි
හිමිකරුවා කොළ කැබැල්ලේ ලියා තිබූ දෙය කියවා බැලූවා.

2009 මාර්තු 27 වෙනිදා ඇෆ්ගනිස්තාන යුද පෙරමුණේදී මිය ගිය ඇමෙරිකානු නාවික හමුදා නිලධාරී ලූතිනන් ෆ‍්‍රැන්සිස් ටෝනර් සිහි කිරීම සඳහා ලියූ පුංචි සටහනක් එහි තිබුණා. වැඩිදුර තොරතුරු සොයා බැලූ Bennigan’s restaurant හිමිකරුවාට දැන ගන්න ලැබුණේ මිය ගිය ලූතිනන් ටෝනර් සහ ඔහුගේ හොඳම මිතුරා වුණු මේ කියන පුද්ගලයා නිතරම මෙම අවන්හලට ආවේ එකටම බවයි. මිය ගිය මිතුරා වඩාත්ම කැමත්තක් දැක්වූ මත්පැන් වීදුරුව සමග ඔහුගේ මතකය ලියූ කොළ කැබැල්ල ඔහු වෙනුවෙන් අවන්හලේ තබා ගොස් තිබූ ආකාරය දැක්වෙන මේ පින්තූරයට ලයික්ස් මිලියන 3.3 ක් ලැබිලා තිබුණා.

3. තාත්තාගේ ආදරය

මැට් ආර් කියන ඇමෙරිකානු හමුදා නිලධාරියා ඔහුගේ ෆේස්බුක් ගිණුමට මුදා හැරලා තිබෙන මේ පින්තූරයේ ඉන්නේ මැට් එක්ක පුහුණුව ලැබූ තවත් හමුදා නිලධාරියෙක්. ඔහු දින 14 ක නිවාඩුවකට ගෙදර ඇවිදින් ආපහු යද්දී ඔහුගේ දින 24 ක් වයසැති දියණියව දාලා යන්න දුක හිතිලා හැඩුම් ආවා. ඒ හැගීම්බර අවස්ථාව තමයි මැට්ගේ දුරකථනයෙන් ඡායාරූපගත කරගෙන තිබුණේ. ෆේස්බුක් ඔස්සේ මේ පින්තූරයට ලයික්ස් මිලියන 2. 8 ක් ලැබිලා තිබුණා.

4. නිර්භීත දරුවා

ආබාධිත දරුවන් වෙනුවෙන් සංවිධානය කරපු මලල ක‍්‍රීඩා ඉසව්වක මීටර් 50 දිවීමේ ඉසව්වට ආබාධිත දරුවන් 8 දෙනෙක් සහභාගි වුණා. නමුත් මේ ඉසව්වේ මීටර් 50 ක් වුණු සම්පූර්ණ දුර දුවලා එය අවසන් කළේ හත් හැවිරිදි මේ පුංචි දරුවා විතරයි. ”ෆෝල් ඉන් ලව්” කියන ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙය මුදා හැර තිබූ පුද්ගලයා කවුද කියලා දන්නේ නැති වුණත් මේ පුංචි දරුවාට ලයික්ස් මිලියන 1.6 ක් ලැබී තිබුණා.

ට්විටර් හි වැඩිම ලයික්ස් ලැබුණු ඡායාරූප

1. බැරක් ඔබාමා

2017 අවුරුද්දේ ට්විටර් මාධ්‍යයේ වැඩිපුරම කතාබහට ලක්වුණු පින්තූරය තමයි මේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනපති වුණාට පස්සේ ඔහු කළු සම සහ සුදු සම සහිත මිනිසුන් වර්ග කරන්න පටන් අරගෙන තිබුණා. මේ ගැන බොහොමයක් ඇමෙරිකානුවන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ ගැන විවිධ මතවාද පවා රටේ පැතිර ගියා. ඒ වගේ විවාදාත්මක කාලයක තමයි බැරක් ඔබාමා මේ පින්තූරය ට්විටර් ඔස්සේ ප‍්‍රසිද්ධ කළේ.

පින්තූරයේ ඉන්නේ ළමා නිවාසයක ඇතිදැඩි වන කළු සහ සුදු සම සහිත පුංචි දරුවන් කීප දෙනෙක් ජනේලයෙන් පිටත සිටින ඔබාමා දිහා බලාගෙන ඉන්න ආකාරයයි. මේ පින්තූරයට ලයික්ස් මිලියන 3.4 ක් ලැබී තිබුණා. ට්විටර් ඔස්සේ මේ තාක් පින්තූරයකට ලැබුණු වැඩිම ලයික්ස් ප‍්‍රමාණය තමයි මේ.

2. වින් ඞීසල්

”රළු යමක් මත මෘදු යමක්” කියන තේමාව යටතේ ක‍්‍රියාදාම නළු වින් ඞීසල් ට්විටර් එකට එකතු කරපු පින්තූරය තමයි මේ. ඒකේ ඉන්නේ වින් ඞීසල් සහ ඔහුගේ වයස මාස දෙකක් වුණු පුංචි දියණිය පවුලිනා. මේ පින්තූරයට ට්විටර් ඔස්සේ ලයික්ස් මිලියන 3.1  ඉක්මවූ ප‍්‍රමාණයක් ලැබිලා තිබුණා.

3. ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

”ඉල්ලන්න එපා. දෙන්නේ නම් නෑ” වගේ හැ`ගීමකින් යුරෝපා පාපන්දු කුසලානය තුරුළු කරගෙන ඉන්න පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමයි මේ. ඔහු මේ විදියට කුසලානය තුරුළු කරගෙන හිටියේ යුරෝපා පාපන්දු තරගාවලියේ ශූරයන් බවට පත් වෙලා ආපසු පෘතුගාලයට යන අතරතුර ගුවන්යානයේ දී යි. මේ පින්තූරය ට්විටර් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කරලා තිබුණේ එය ඡායාරූප ගත කළ ශිල්පියා විසිනුයි. එයට ලැබී තිබූ ලයික්ස් ප‍්‍රමාණය මිලියන 3 ක් විදියට සඳහන් වෙනවා.

4. බියොන්සේගේ ගැබිනි සමය

2016 අවුරුද්දේ ට්විටර් ඔස්සේ පළ කරනු ලැබූ, ලයික්ස් මිලියන 2.8 ක් ලබා ගත්තු පින්තූරය තමයි මේ. පින්තූරයේ ඉන්නේ ඇමෙරිකානු ගායිකා බියොන්සේ. ඒ වෙද්දී ඇය පස් මස් ගැබිනියක්. ඇගේ ගැබිනි ෆොටෝ ෂූට් එකෙන් ගත්තු මේ පින්තූරය 2016, 2017 අවුරුදුවල ගොඩක් ජනප‍්‍රිය වුණා. මේ පින්තූරයට ලැබී තිබුණු ලයික්ස් ප‍්‍රමාණය මිලියන 2.2 ක් විදියට වාර්තා වෙනවා. එය ට්විටර් ඉතිහාසයේ වැඩිම ලයික්ස් ප‍්‍රමාණයක් ලැබුණු පින්තූරයක්.

දුලංජලී මුතුවාඩිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.