lakbima.lk

මැදපෙරදිග ඉදි වූ විශාලතම දෙව් මැඳුර

‘මැදපෙරදිග’ යැයි පැවසූ පමණින් ඕනෑම කෙනෙකුගේ මතකයට පැමිණෙන්නේ එහි මුල්බැස ගත් ඉස්ලාම් දහමයි. මෙසේ බහුතර මුස්ලිම් ප්‍රජාවක් තුළ ක්‍රිස්ත්‍රියානි උප නිකායක්  වූ කොප්ටික් දෙව්මැඳුරක්  මැදපෙරදිග සුවිසල් ම දෙව් මැඳුර බවට පත්වීම ආශ්චර්යජනක පුවතකි. මේ දිග හැරුම 2019 ඉදි වූ ‘The Cathedral of the Nativity’ නම් සුවිශේෂී දෙව් මැඳුර පිළිබඳවයි.

මෙම සුවිසල් දෙව් මැඳුර ඉදි වූයේ ඊජිප්තුවේ කයිරෝ නුවරට ආසන්නව ය. ඒ එම ස්ථානයේ පෙර පැවති කොප්ටික් දෙව් මැඳුර ‍බෝම්බ පහරට ලක්ව විනාශ වීමත් සමඟ ය.  වත්මන් ඊජිප්තු ජනපති අබ්දුල් ෆටා අල් සිසී ගේ  ප්‍රධානත්වයෙන් මෙම දෙව් මැඳුර නැවත පිළිසකර කර විශාල ස්වරූපයෙන් නිම වීම සිදු විය.

නව දෙව් මැඳුර විවෘත වූයේ කොප්ටික් වරුන්ගේ නත්තල් දිනය වූ ජනවාරි (07) වන දින ය. නව දෙව්මැඳුර තුළ මිනිසුන් 8000කට ආසන්න සංඛ්‍යාවකට  වන්දනාමාන සිදු කළ හැක.

කොප්ටික්වරු ඊජිප්තුව තුළ වෙසෙන්නා වූ  10% ක් පමණ සුලුතර ප්‍රජාවකි. රටේ බහුතරය වනුයේ ඊජිප්තු මුස්ලිම්වරුන් ය.  කොප්ටික්වරුන් හට එදිරිව ප්‍රහාර එල්ල වීම හා හිරිහැර සිදුවීම අනවතර කාලයක සිට  සිදු වූවකි. මෙම හිරිහැර බොහෝදුරට ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව වීම විශේෂත්වයකි.

ඊජිප්තු ජනපති අල් සිසී උපතින් මුස්ලිම් ලබ්ධිකයෙකු වුව ද ඔහු ක්‍රිස්ත්‍රියානි හා වෙනත් සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් අරක්ෂාකරන්නෙකු ලෙස ප්‍රචලිත ය.  මෙම දෙව් මැඳුර විවෘත කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “අප සියල්ලන්ම එක් අයෙකි. අපි එලෙස ම සැමදා දිවි ගෙවන්නෙමු’’ කියා ය.

ශුද්ධ වූ පාප්තුමන් ද සිය සුබ පැතුම් පණිවුඩය තුළ කොප්ටික් මහ නිකායේ ඇලෙක්සැන්ඩ්‍රියානු දෙවන ට්වාඩ්‍රොස් ශුද්ධ පියතුමාණන් හට සිය සුභාශිංසන එක් කර තිබිණ. මේ වන විට කොප්ටික් ලබ්ධික‍යින් රැසක් සිය වන්දනාමාන කටයුතු සඳහා The Cathedral of the Nativity වෙත පැමිණෙමින් සිටියි.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.