lakbima.lk

බැරලයකින් අත්ලන්තික් සයුර තරණයට ගිය මිනිසා

 71 හැවිරිදි ප්‍රංශ ජාතික ජෑන් ජැක්වස් සැවීන් කවදත් අරුම පුදුම වැඩ කිරීමට ආසක්ත වූ මිනිසෙකි. මෙවර ඔහුගේ වෑයම වූයේ සැතපුම් 2800 ක්   පළල අත්ලන්තික් සයුර තරණය කිරීමයි. එම තරණය සඳහා ඔහු යොදා ගනු ලැබුවේ එසේ මෙසේ ඔරුවක් හෝ බෝට්ටුවක් නොව කුඩා ප්‍රමාණයේ බැරලයකි. මෙම අදහස ඔහු හට පැමිණ ඇත්තේ 1952 දී අත්ලන්තික් සයුර තරනය කළ ඇලේන් බොම්බාර්ඩ්ගේ චාරිකාවේ බලපෑමනි.

තැඹිළි පැහැ මෙම බැරලය හැඩ හුරුකමින් කැප්සියුලයකට සමාන ය.  එය මීටර් 3 ක් හා මීටර් 2.10 ක් දිග ය. මේ තුළ නිදාගැනීමට හැකි කුඩා බංකරයක් හා කුඩා මුළුතැන්ගෙයක් පවතියි.  බැරලය ගමන් කරනුයේ සාගර රැළි වල බලයෙනි. බැරගය තුළ කිසිදු යාන්ත්‍රික කොටසක් නැත.  ගැඹුරු මුහුදේ සිටින මාළුන් නැරඹීම පිණිස වීදුරු විවරයක් ද පවතියි. මෙය බැරලයක් මෙන් නිර්මාණය කර ඇත්තේ අත්ලන්තික් සයුරේ විසල් රැලි හා ඔර්කි නම් තල්මසුන්ගෙන් වන හානිය බේරීමට ය.    

ඔහු මෙම අපුරු චාරිකාව ඇරඹුයේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙතිනි. ගමනාන්තය බොහෝදුරට කැරිබියානු දූපත් වනු ඇතැයි ඔහු නිගමනය කර ඇත.

ඔහුගේ චාරික්වේ අපූරු සටහන් ෆේස් බුක් පිටුව හරහා නැරඹිය හැක. තව ද  ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ජී.පී.එස් තාක්ෂණික උපකරණ රැසක් රඳවා ඇති අතර ආරක්ෂක කණ්ඩායම් රැසක් ද සිටියි. අත්ලන්තික් සයුර තරණයට යනෙන විට දී  ජනවාරි 14 ට යෙදී ඇති ඔහුගේ උපන් දිනය සැමරීම සඳහා රතු වයින් බෝතලයක්  ද ගෙන ‍ගොස් ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.