lakbima.lk

බෝයිං 737ට චීන අහස තහනම්

මගීන් 157 ක් ජීවිතක්ෂයට පත් කරමින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානාවක් පසුගියදා කඩා වැටීමත් සමගම එම වර්ගයේ ගුවන් යානා ගුවන් ගත කිරීම අත්හිටුවන ලෙස චීන ගුවන් ගමන් නියාමන අධිකාරිය එරට ගුවන් සේවාවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

මෙම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා ඇමෙරිකානු නිෂ්පාදනයකි. සිය  තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන චීනය පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී මගීන් 189 කගේ ජීවිත අහිමි කරමින් කඩා වැටුණු ඉන්දුනීසියානු ලයන් එයාර්  සමාගමට අයත් යානයද ඉහත බෝයිං 737 මැක්ස් 8 වර්ගයටම අයත් යානයක් බවයි. එසේම මෙම ගුවන් යානා දෙකම අනතුරට පත්ව ඇත්තේ එකම ආකාරයට බවද චීනය කියයි.

එසේම සිය මගීන්ගේ ආරක්ෂාව පිණිස මෙම තීරණය ගත් බවද ඔවුහු කියති. කෙසේ වෙතත් මෙය දෙරට අතර පවතින දේශපාලන සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට චීනය ඇමෙරිකාවට කළ සිහින් රිදවීමක් බවද මේ පිළිබඳව අදහස් දක්වන  විචාරකයන්ගේ මතය වී තිබේ.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.